ආදරේ හිතෙනවා දැක්කම රොබෝ ළදකී ඈ ලස්සන

ආදරේ කියන්නේ හරිම සුන්දර හැගීමක්. ඕනෑම කෙනෙක් කැමති තමන් ආදරේ කරන තැනැත්තා/තැනැත්තිය  සමග අතිනත් ගන්න. කවදාහරි දවසක මිනිස් හැගීම් තියෙන රොබෝ කෙනෙක් ඔයාට ආදරේ කරොත්? මංගල යෝජනාවක් ගෙනාවොත්? එදාට ඔයාට මොනවා හිතේවිද? එයා රොබෝ කෙනෙක් කියලා අකමැති වෙනවද? මේක කියවන ඔයාලට හිතෙනවා ඇති මේ මොන විකාරද කියලා. රොබෝලා කොහොමද මිනිස්සුන්ව කසාද බදින්නේ? ඔහොම හිතන ඔයාලා […]

කෘත්‍රිම බුද්ධිය කොයිබටද ?

නවීන තාක්ෂණය ඇසුරු සැනින් වෙනස් වෙමින් වේගයෙන් ඉදිරියට ගමන් කරනවා. ලෝකය වෙනස් වෙනකොට අපිත් ඒවිදියට වෙනස් වෙන්න ඕන. දැනුම ලබා ගන්න ඕන. නැත්තම් විශ්ව ගම්මානය ඇතුලේ අපිව අතරමං වේවි. ඉතා සූක්ෂම විදියට තාක්ෂණයේ වෙනසක්  ඇති කරපු කෘත්‍රිම බුද්ධිය හෙවත් Artificial Intelligence ගැනයි අද අපි කථාකරන්න යන්නේ.

 

මොකක්ද මේ කෘත්‍රිම බුද්ධිය?

මිනිසාට වගේම තනියෙන් හිතල වැඩකරන්න පුළුවන් බුද්ධිමත් යන්ත්‍ර නිර්මාණය කිරිම අරමුණු කරගත්ත පරිගණක විද්‍යාවේ එක් ක්ෂේත්‍රයක් කෘත්‍රිම බුද්ධිය, ‘Artificial Intelligence’ නැත්තම් AI කියල හදුන්වනවා.සුහුරු ලෝකයේ කර්මාන්ත නිෂ්පාදනයට දැන් AI නැතුවම බෑ.  ඒ යටතේ,ඉගෙනුම (learning) , සැලසුම්කරණය (Planning), ගැටළු විසදීම (Problem Solving), හේතු දැක්වීම (Reasoning)  වගේ හැකියාවන්ගෙන් සමන්විත යන්ත්‍ර දැනටමත් නිපදවල අවසානයි.

 

කෘත්‍රිම බුද්ධියේ ඉතිහාසය

අජීවි වස්තුන්ට පණ දීලා ඒවාට බුද්ධිය ලබා දෙන්න මිනිස්සු හිත යොමුකෙරුවේ මීට ශතවර්ෂ ගානකට ඉස්සරවෙලා. ග්‍රීක,චීන වගේම ඊජිප්තු ජාතිකයන් අතරේ ප්‍රසිද්ධ මිත්‍යා කථා මේක තහවුරු කරන්න  සාක්ෂි සපයනවා.

දහනවවන සියවසේ මැද භාගයෙදී නවීන කෘත්‍රිම බුද්ධිය (Modern AI) ගැන ලෝකේ අහුමුලු වල විවිධ කථා පැතිරුණා. ඒත්, AI පරිගණක විද්‍යාවේ අලුත් ක්ෂේත්‍රයක් විදියට අත්පොත් තිබ්බේ 1956දී නිව් හැම්ප්ෂයර් නගරයේ පැවැත්තුන ලෝක ප්‍රසිද්ධ ඩාර්ට්මවුත් විද්‍යාත්මක සම්මේලනයේදී (Dartmouth Conference) .  ඒ අවස්ථාවේදී AI වල ප්‍රාරම්භක පියවරුන් විදියට මර්වින් මින්ස්කි,ජෝන් මැක්කර්නි, ඇලස් නිව්වෙල්, හර්බට් සිමොන් නම් කරා. තාර්කික සිද්ධාන්තවාදයේ සංවර්ධනයට තැබූ විද්‍යාත්මක පියවරක් විදියට නුතන කෘත්‍රිම බුද්ධිය ලෝකය තුල ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ එහෙමයි. Read more about කෘත්‍රිම බුද්ධිය කොයිබටද ?