කොහොමද එක?? මෙ වගෙ පවුලක් වෙන්න කැමතිද?

ඇමරිකාවේ බාර් එකක

ඩ්‍රින්ක් එකක් දාන ගමන් අපේ ලංකාවේ පොරක් ඇමරිකන් කාරයෙක් එක්ක සෙට් උනා..

ටික වෙලාවකට පස්සෙ අපේ එක්කෙනා කියනවා ..


“උබ දන්නවාද අපේ අම්මලා ගෙදරින් එලියට බැහලවත් නැති මම එකම දවසක් විතරක් දැක්ක කෙල්ලෙක්ව මට බන්දලා දුන්නා..

ඒකී ආදරේ තියා මොන මළදානයක්වත් දන්නෙ නෑ. මට දැන් මේ මගුල එපා වෙලා තියෙන්නෙ “..

මේක අහන් හිටපු ඇමරිකන් පොර

“ඔහේ මේ මගුලක් කතා කරනවා ආදරේ කරලා බදින මගුල් ගැන ” මම බැන්දේ අවුරුදු 3 ආශ්‍රය කරල… මිනිහා මැරිච්ච ගැණියෙක් .

ටික කාලෙකට පස්සෙ අපේ තාත්තා මේ ගෑනිගේ දුව එක්ක යාලුවෙලා ඒ දෙන්නත් කසාද බැන්දා “..

“දැන් තාත්තා මගේ බෑනා

මම තාත්තාගේ මාමා

තාත්තා බැන්ද කෙල්ල මගේ අම්මා

මගේ ගෑනි මගේ ආච්චි”

ප්‍රශ්නය තවත් වැඩි උනා අපිට පුතෙක් ලැබුනම ..

මගේ පුතා මගේ තාත්තාගේ මල්ලී..

ඒ නිසා පුතා මගේ බාප්පා” …

තත්ත්වය දරුණු උනේ අපේ තාත්තාගේ නෝනාට දුවෙක් ලැබුනම ..

දැන් මගෙ තාත්තාගේ දුව මගේ නංගි..

මගෙයි නෝනාගෙයි මිණිබිරිය..

බලාගෙන ගියාම මම මගේම සීයා වෙලා

මගේම මුණුබුරත් වෙලා ..

ඉතින් තෝ එනවා මට පවුල් ප්‍රශ්න කියන්න ..”

“දඩස්” ගාන සද්දෙට බලනකොට අපේ එකා සිහි නැතිව වැටිලා ..

.

.

.

උපුටා ගැණීමකී.

පිණි පබළු 02 වන දිගහැරුම

❤️ පිණි පබළු ❤️
~02 වන දිගහැරුම~
_________________________________________________
” නංගි අර නිම්ෂි නේද….”
සොනාලි අක්ක බලන් හිටපු පැත්ත බලද්දි මං දැක්කෙ නිම්ෂි මගෙ නංගි ව…

තනියම නෙමේ කලුගමු පාරෙ ෆිල්ම් හෝල් එක ඉස්සරහම පාරෙන් එහා පැත්තෙ කොල්ලෙක් එක්ක අතින් අල්ලන් කතා කරන හැටි…..
බැලූ බැල්මටම කොල්ලා රස්තියාදුකාරයෙක් කියන්න ඕන තරම් සාධක ඒ පෙනුමෙ තිබුනා…
ශෝටයකුත් බොත්තම් දෙක තුනක්ම පහලට ඇරිලා තිබ්බ ශර්ට් එකකුත් ඇදගෙන හිටපු ඒ තරුණයා දැක්කම නං ලොකු අපැහැදීමක් මට දැනුනේ…
මං සාරි පොටත් අතට අරන් ඒ පැත්තට යන්න හැදුවත් ඒත් එක්කම මං ආයෙම අඩිය පිටිපස්සට ගත්තා….
” ගොලු මං මොනා කියන්නද ගිහින්….”
අසරණ වුනු තවත් මොහොතක්…මං සොනාලි අක්ක දිහා බැලුවෙ යන්තන් හිනාවෙලා…
” නිම්ෂි වත් එක්කන් යන් නේද පබළු අපි….

මේ රෑ වෙන්න එද්දි කොල්ලෙක් එක්ක ඉන්න හොද තැනක්ද මේ….
එයාගෙ හැසීරීමනං බොහොම කැතයි….”
සොනාලි අක්ක බැරෑරුම් මුහුනින් කියද්දි මං තොල හපාගෙන හිතට හයිය ගත්තෙ කොච්චර වෙනස්කම් කරත් ඒ මගෙ නංගි කියන හැගීම දැඩිව දැනෙද්දි…..
මං හිමීට ඒ පැත්තට ඇවිදන් ගියා..

මාව හොදින්ම දැක්කත් නංගි මාව ගනන් ගන්න බවක්වත් ඇගෙව්වෙ නෑ

දිගටම අතින් අල්ලන් මුකුලුව
මගෙ තාත්තගෙ නම්බුව මේ කෙල්ල මෙහෙම විනාස කරන්නෙ…
මං ඒ හැගීමෙන්ම නංගිගෙ අත තදින් ඇදල මගෙ පැත්තට හරවගත්තා…
” ආව්ව්ව්ව්

තමුසෙ…

තමුසෙට මොකද වෙලා තියෙන්නෙ….”
නංගි තරහින් මගෙ ඇස් දිහාම බලන් කෑ ගහද්දි අර රස්තියාදු පෙනුමැති කොල්ලත් මගෙ උඩ ඉදන් පහලටම බැලුවෙ ඇස් දෙකත් ලොකු කරන්….
මං රවල බලලා යන් කියන්න ඔලුවෙන් සන් කරල නංගිගෙ අතින් අදිද්දි මගෙ අතත් ගසා දාලා කොල්ලගෙ අතේ එල්ලුනා…
” කවුද බබා මේ…”
” බලන්න රනේශ් මගෙ අතත් රතු වෙලා….

ශිට් ”
” කවුද ඉතින් මේ රුවැත්තී…..”
ඒ නොසන්සුන් දෑස් මගෙ සිරුර පුරා දුවවමින් අහද්දි ලොකු අපහසුවක් මට දැනුනෙ…
” අයියෝ රනී ඔයාටත් පිස්සු මොන රුවැත්තිද
මේ අපේ ගෙදර බෝඩ් වෙලා ඉන්න කෙල්ලක්…
ගොලුයි…”
ගොලුයි කියන ටික ඒ කොල්ලගෙ කන ලගට කරල කියල හිනා වෙද්දි මගෙ මූනෙ තිබ්බ කේන්තිය නැති වෙලා ගියෙ පුදුම තරම් ඉක්මනට
ඇස් කෙවෙනි අගට මෝදු වෙන්න දගලන කදුලු අමාරුවෙන් වාවගෙන මං තොල හපාගෙනම එතනින් ඈතට යන්නයි හැදුවෙ…
මගෙ අතින් අල්ලගත්ත සොනාලි අක්කා මාව ආයෙමත් හරවන් ගිහින් නංගි ඉස්සරහින් හිටගත්තා….

මං ඒ කේන්තියෙන් පිරුනු මූන දිහා බලාගෙනම සොනාලි අක්කගෙ අතින් ඇද්දෙ සාරි පොටින් ඇස් වල කදුලු පිහදගෙන…
” හරි ශෝක් නිම්ෂි

හරිම ලස්සනයි නේද අක්කට කතා කරන හැටි….
එතකොට මේ කරන වැඩේ…
කෙල්ලක් නේද තමුන්
මොකක්ද මේ කරන ලැජ්ජ නැති වැඩේ ආ……
හවස් වෙන්න ලං වෙද්දිද නාඩගම් නටන්න පටන් ගන්නෙ….
එනව යන්න මේ දැන්ම ගෙදර….
මං නැත්තන් දැන්ම තලතා ඇන්ටිට කෝල් කරල කියනව දූ ඩිංගගෙ වැඩ….”
සොනාලි අක්ක ඇගිල්ල උරුක් කරල කියද්දිනං නංගි බයෙන් වගේ අපි දිහා බැලුවෙ….
කොල්ලත් කටකොනකින් මං දිහා හිනාවෙවී බලලා
” ඔයා යන්න බබා…

හෙට හම්බෙමු අපි ම්ම්ම්ම්ම්ම්
කුනුගොඩවල් ඔලුවෙ දාගන්නෙ මොකටද නිකං….”
කොල්ල එහෙම කියලා අපි ඉස්සරහම නංගිගෙ කම්මුලක් සිපගෙනම මං දිහා කෑදර බැල්මක් හෙලලා යන්න ගියෙ…
නංගි මගෙ උරහිසේ තදින් හැප්පීගෙනම අපිවත් පාස් කරන් බස් හෝල්ඩ් එක පැත්තට ගියෙ…
” අපි යං කෙල්ලෙ….

ඔයා ඕවා ගනන් ගන්නෙ නෑ කියල මං දන්නවා…”
සොනාලි අක්ක මගෙ හිස අත ගාලා කියද්දි මං හිනාවෙලා   අතින් සන් කරල “ස්තූතියි” කීවෙ…
” තෑන්ක්ස් කරල මාව පිට එකියක් කරන්න එපා බං…

රෑ වෙනව  ඉක්මනට යං….”
අපි දෙන්නම බස් හෝල්ඩ් එකට ඇවිදන් එද්දිත් නංගි බස් එකටත් නැගලා…
සොනාලි අක්කගෙන් සමුඅරන් මාත්  බස් එකට නැග්ගා

නංගිනං ඉන්නෙ හොදටම තරහින්…

අනිවාර්යයෙන්ම අද මේකට ගෙදර ගිහින් කුඩම්මට මොනාහරි බොරුවක් හදල මට බන්නවයි….

ඒ එයාගෙ හැටි….
පුංචි කාලෙ මට වෙනස්කම් නොකරපු නංගි මං ගොලුයි කියල තේරෙද්දි ටිකටික මගෙන් ඈත් වුනේ…

කුඩම්මා දිහා බලාගෙන ඒ විදියටම වෛර කරන්න ගත්තෙනම් මේ ලගකදි ඉදන්….
අමා නං කියන්නෙ මගෙ රූපෙට ඊරිසියාවෙන් එයා එහෙම හැසිරෙනව කියලා…
මං වගේ කෙල්ලක්ට ඊරිසියා කරන්න හේතුවක් මටනං අදටත් හිතාගන්න බෑ…
බස් එකෙන් බැහැල අඩිපාර දිගේ ඇවිදන්  යද්දි නංගි මගෙ සාරි පොටින්  ඇදල මගෙ අත අල්ලගත්තෙ මට රිදෙන තරම් තදින්…
” මේ හලෝ තමුසෙ පාඩුවෙ ඉන්නව හරිද…
පාරෙන් නෙමේ කොහෙන් දැක්කත් මං අනන්තවත් කියල තියනවා තමුසෙට මාත් එක්ක කතා කරන්න එපා කියලා..
කරනෙම එපා කියන දේ….
මං කරන දේවල් හොයන්න එන්නත් එපා එච්චරයි
තමුසෙ මගෙ කවුරුත් නෙමේ…
ගොලුඉනං ඒ විදියට ඉන්නව ඇනයක් නොවී…”
මගෙ අත් ගොබෙන් රිදෙන්නම මිරිකල ආවේගයෙන් කියලා මාව තල්ලු කරල ගස්සගෙනම ඇතුලට ගියා…
අත් ගොබෙන් දැනුන රිදුමටත් වඩා වේදනා දුන්නෙ මගෙ හිත…..
හැමදාම වගේ මේ වෙනස්කම් නිහඩව දරාගන්නව ඇර මට කාට කියන්නද…

ගොලු මං කොහොම කියන්නද…
ඇස් වලින් වැටෙන කදුලු එහෙම්මම සාරි පොටින් පිහදගෙනම මං හිමීට ගේ ඇතුලට ආවෙ…
” මගුල් විසේ ඕකිට වෙන මුකුත් නෙමේ……

ඉදපංකො මං කරන්නම් හොද වැඩක් ලගදිම…..
හ්හ්හ්හ්…
බලන් ගියාම ගොලුයි කියල නෑ මුන් වගේ උන්ටත් කැමති සක්කිලි ඉන්නව….
කොහෙද යන පඩංගුවෙක් වෙන්න ඇති….

මහ එකත් අනුරාධපුර වන්නි හත්පත්තුවෙන්ම හොයාගත්තෙ අංගනාවක්..
ඒ ගතිමයි නෙදකින් විතරක්…..”
කුස්සිය පැත්තෙන් වේගෙන් වේගෙන් පොල් ගාන සද්දෙත් එක්කම ඒ අභිබවා කුඩම්මගෙ බැනුම් හඩ ඇහුනේ..
හිතුවා හරි…

එයාකරපු වැරැද්ද මගෙ පැත්තට හරවල කියන්න ඇති…”
මං ලොකු හුස්මක් පිට කරලා කාමර ආවෙ වෙන කරන්න දෙයක් නැති හින්දා…
” නෑ එහෙම නෑ මං  නෙමේ ඔයාගෙ දුවයි එහෙම හිටියෙ ”

කියන්නද මං…

නිහඩව දරාගන්නව මිසක

මං එහෙම්ම ඇදේ වාඩි වෙලා ටික වෙලාවක් කල්පනා කරන්න ගත්තා…
නංගි අර කොල්ලත් එක්ක හැසිරුන විදියටනං ලගදිම මොකක්ම හරි විනාසයක් වෙන බව ඉවෙන් වගේ මට දැනුනා….
ඇත්තටම කවුද ඒ කොල්ලා…

රස්තියාදු පාටයි…ඒ විතරක් නෙමේ නංගි ලග තියාගෙනම මගෙ සාරි පොටින් යන්තන් නිරාවරණය වුනු බද දිහා කෑදර විදියට බලනව මං කීපවරක්ම දැක්කා…
ඒ වගේ අසහනකාරයෙක්ටද මේ කෙල්ල අහු වෙලා ඉන්නෙ….
මගෙ මූ ඇගම සීතල වෙලා ගියෙ නිම්ෂි ගැන ඇති වෙච්ච වේදනාවකින්…
මගෙ අහිංසක අම්මගෙ බඩේ නොඉපදුනාට නිම්ෂි ගෙ ඇගේ දුවන්නෙත් මගෙ රත්තරන් අප්පච්චිගෙ ලේ…
මගෙ චූටි නංගියා #මුතූ

හිටියනං…..
එයා නිම්ෂි ට වඩා අවුරුදු දෙකයි වැඩිමල්…

ඒ වගේම ඉදී…
දෙයියනේ අප්පච්චි ඇයි මෙහෙම වුනේ අපිට….

ඇයි අප්පච්චි

ඇයි අම්මෙ මාවත් අරන් ගියෙ නැත්තෙ…..”
ඇද රෙද්දි අතින් තද කරල මිරිකගෙනම මං පපුව අත ගාගත්තා….

හිස කැරකැවෙන්න ගත්තෙ ඒ බිහිසුණු රැය අයෙමත් මගෙ හිතේ හොල්මන් කරද්දි…..
අම්ම

නංගි

ඊලගට මගෙ අප්පච්චි
බිලිගත්ත ඒ කුරිරු යුද්දයට අදටත් මං බයයි…

වෛර කරනව මං…..

වචන ගලපගන්න බැරි මගෙ මුවින් කෙදිරිල්ලක් පිට වුනේ
මුලු පපුවම හාරගෙන එන වේදනාව දරාගන්න බැරි තරම්…..
” අහ්…….ආ…….”
කොට්ටෙ බදාගෙන මං එහෙම්ම ඇස් පියාගත්තෙ වෙනද වගෙම හිස කකියන් ආපු රිදුම ඉවසන්න බැරුව….
🌸🌸
” පබළු…….

මගෙ දූ……
නැගිටින්න…..
දෝණී නැගිටින්න…..
අක්කී………

මගෙ සුදු අක්කී…….”
අපැහැදිලි චායාවන් එක්ක සුදු පාට පසුබිමක් ඉදන් මගෙ අම්මයි තාත්තයි යන්තන් පොඩිවට පෙනුන මගෙ මුතූ නංගී මට හිනාවෙවී කතා කරනව වගෙයි මට දැනුනෙ….
ඔව් හැමදාම පාන්දරට මාව නැගිට්ටවන්නෙ මගෙ පවුල….

මාව තනියම තියලා තුන් දෙනාම දාලා ගිය බව ඇත්ත…
ඒත් විස්වාසයි හැම උදයකම මට මේ ඇහෙන පේන චායාවන් හඩවල් එයාලගෙමයි…..
මං හිමීට ඇස් ඇරල එහෙම්මම වහලෙ උලු කැට දිහා බලාගෙන හිනාවුනා…

මගෙ දවසෙ ඇරඹුම මගෙ පවුල…..

කවුරු විස්වාස නොකලත් මගෙ ගොලු හිතට ඒක දැනෙනව මහ මෙරක් තරමටම……..
” අප්පච්චි…….

අම්මා………

මගෙ චූටි නංගී……
ඔන්න ඔයාලගෙ ලොකු දුව නැගිට්ටා…

ආදරෙයි ඔයාලට….”
මං පපුවට අතත් තියාගෙන ඒ අයට කතා කලේ එහෙමයි…
එතකොටයි දැක්කෙ මං තවමත් ඉන්නෙ ඊයෙ ඇදන් හිටපු සාරිය පිටින් කියලා…..
” නැගිටල නාලා කෑම කාලා නිදාගන්න දරුවෝ…..”
ඒ වචන ටික කියන්න මට කවුරුත්ම නෑ

ඒත් මේ වහල යටදි කුඩම්මා නංගිට ඒක අනන්තවත් කියනව ඇහිලා තියනව…

තරහක් නෑ  මට නොකීවට…
“මගෙ සරණට මා පමණයි ”
මං උපේක්ෂාවෙන් දරාගෙන හිනාවෙවීම නැගිටල ලිද ගාවට ගියෙ උදේම නාගන්න….
බාත් රූම් එකක් පොඩිවට හදල තිබුනත් ඒක පාවිච්චි කරන්නෙ නංගියි කුඩම්මයි විතරයි….
” ටැංකියට වතුර එන්නෙ කරන්ට් එකෙන්….

ඕවට ඉතින් ලයිට් බිල් ගෙවන්න ඕනෙ ම්මනෙ…

පුලු පුලුවන් අය ලිදෙන් නාගත්තොත් හොදයි…

මේක මහ උන්දා හැදුවට මං එපෑයෑ බිල් ගෙවන්න…”
ඔය වගේ හිත රිදෙන කතා ගොඩකින් පස්සෙ මං වත්තෙ කෝන් ගස් හෙවනෙ ලිදටම පුරුදු වුනේ කැමැත්තෙන්මයි….
මේ වතුර ටික සනීපයි මට ශවර් එක යට හිටන් ඉන්නවට වඩා….
මං ඉක්මනට නාගෙන ඇවිත් තනි රෝස පාට සාරිය ඇදගත්තෙ අද පොඩ්ඩක් වෙනදටත් වඩා පිලිවෙලකට යන්න හිතුන නිසා….

මේ සාරියට කොහොමත් මොකක්දෝ අමුතු ලස්සනක් තියනව කියලා පුස්තකාලෙ අයත් නිතරම වගේ කියනවා…
ආබාධයකින් පෙලෙන බව ඇත්ත….

ඒත් හිතේ අනිත් අයට වගේම මටත් ආසාවන් නැතුවා නෙමේ…
ලස්සනට අදින්න

ලස්සනට හැඩ වැඩ වෙන්න
මොන යුවතියද අකමැති….
දෙයියනේ ඉතිං මාත් කැමතී….

අඩුපාඩු තියන මං වගේ අයත් ආසයි ජීවිතේ විදින්න…ඒත් ඒක ත්ව කෙනෙක් එක්ක කියන්න බයයි අපි….
සමාජය ඉදිරියට යන්න බයයි..කොන් වෙයි සමච්චලයට ලක් වෙයි කියන බය ලැජ්ජාව උපරිමයෙන් තියෙනවා මේ හිතෙත්….
පුස්තකාල සේවයට බැදුන දවසෙට වඩානං ඒ  බය දැන් අඩුයි…

ඒත්…….

හිතේ කොනක චකිතයක්
මං කණ්නාඩියෙන් පේන මගෙ සුන්දර රුව දිහා බලාගෙන තනියම හිනාවුනා….
” අම්ම මේ මං යනව ඈ පරක්කු වුනා….ක්ලාස් අද හතර වෙනකං ඈ…

මං යනෝ……..”
නංගිගෙ කටහඩ ඈතින් ඇහෙද්දි මං හිමීට දොර රෙද්ද මෑත් කරල සාලෙ දිහා බැලුවෙ….

කුඩම්මා දොරකඩට වෙලා හිනාවෙවී නංගි යන දිහා බලන් ඉන්නවා…
පපුව කීරි ගැහෙන්නෙ මේ මව් සෙනෙහස මට අහිමියි කියල දැනෙද්දි…..
කුඩම්ම කුස්සියට යනකංම මං එලියට බැස්සෙ නැත්තෙ උදේම මගෙ මූන දැකලා ඒ මූනෙ හිනාව නැති කරන්න මං අකමැති හින්දා….
කාලකන්නියෙක්නෙ ඉතිං එයාට මං….
මං හිමීට පාර දිගේ ඇවිදන් ගියෙ දහසක් සිතුවිලි හිත අස්සෙන් එබිකම් කරද්දි….
” ගුඩ් මෝනින්…..වා…….ව් අම්මෝ…….

හරියට මදුරි ඩික්සිත් වගේ….

නෑ නෑ දීපිකා පදුකෝන් වගේ…”
අමා පාර අයිනට වෙලා මං දිහාම බාන් ඉනට අත්   දෙක තියන් කියද්දි මං හිනාවෙවීම අතින් සන් කරල කීවෙ

” විහිලු එපා” කියල
අමා ට මගෙ භාෂාව දැන් මටත් වඩා පුලුවන්ද කොහෙද…මං අතින් සන් කරද්දිම එයා දන්නව මං කියන දේ…

ලොකුම ලොකු සැනසීමක් අමා වගේ යාලුවෙක් මට ලැබුන එකනං….
” විහිලු නෙමේ කෙල්ල…

උබ අද මාර ලුකින්….
උබව බදින කොල්ල උබව හිර කරල තියාගනී කවුරුහරි අරන් යයි කියල බයට…
අම්මපා…”
අමා අත්පුඩියකුත් ගහල කියද්දි මං යන්තන් හිනාවෙලා බිම බලාගත්තා…
” මේ ගොලු කෙල්ලට ආදරේ කරන්නෙ මොන කොල්ලද…
ලස්සන වුනත් වැඩක් තියනවද කතා කරගන්න බැරි මගෙන්…
හීනයක්ම විතරයි
කීදෙනෙක් දුර ඉදන් බලලා මට ලං වෙන්න හැදුවද…

ඒත් ඒ එක කෙනෙක්වත් රැදුනෙ නැත්තෙ මගෙ ලගට ඇවිත් පලවෙනි වචනෙ කතා කරද්ද්මයි…..
මං  ” ආ….හ්…..ආහ්………”
ගග අත් දෙකෙන් කතා කරන්න හද්දිම ඒ මූනු වෙනස් වුන විදිය…
අමුතු සතෙක් දිහා බලනව වගෙයි මං දිහා ඒ වෙලාවට බලන්නෙ…
ජීවිතේ අන්තෙමට වැටෙන්නෙ ඒ වෙලාවට..

මේ පපුවට දැනෙන වේදනාවන් කියාගන්න පුලුවන් වුනානං
මගෙ ඇස් කෙවෙනි තෙත් වෙනව දකිද්දිම අමා මගෙ අතින් අලගත්තෙ දුකින්..

” අනේ රත්තරනෙ හිත රිදුනද….
සොරි කෙල්ල

හිත රිද්දන්න හිතුවෙ නෑ මං…”
පසුතැවිල්ලෙන් අමා මගෙ නිකටින් මූන උස්සල කියද්දි මං බොද වුනු දෑස් අතරින් ලස්සන්ට හිනාවෙලා ඔලුව වැනුවෙ එහෙම නෑ කියන්න
” දන්නවද පබළු
ඔයා ගොඩක් අහිංසකයි
ඉතිං ඔය ලස්සන හදවත කවදමහරි ඒ වගේම ලස්සන පපුවකට අයිති වෙයි…..
උබ දන්නවද කොල්ලො ආස උබ වගේ අයට…

මේ ලස්සන මේ අවංකකම මේ තම්පත්කම

අන්න ඒවටයි මිනිස්සු ගරු කරන්නෙ….
වචන කියන්නෙ මොනාද බං…
ඒවා නිකං ආටෝප සාටෝප විතරයි
දවසක හම්බෙයි ඔය බෝල ඇස් දෙක කියවන්න පුලුවන් හැන්ඩි කොල්ලෙක්….
අන්න එදාට පබළු ට ගැලවෙන්න දෙන්නෙ නෑ  පොර .
ලමයි හය හතක්ම හදලයි නතර වෙන්නෙ….”
අමා මගෙ කම්මුලක් මිරිකලා කියද්දි මං ඒ උරපත්තට හිමීට තට්ටු කරල ලැජ්ජාවෙන් අහක බලගත්තා…
ඔව් මේ හිත රහසින්ම හොයනව එහෙම කෙනෙක්…

නොලැබෙන බව දැන දැනත් මේ අසරණ පපුව ඉල්ලනව එහෙම කෙනෙක්ව….
ලැබෙයිද….

නෑ කවදාවත් නෑ….”
මං අමා එක්කම බස් එකේ අසුනකට බර වෙලා කල්පනා කරා….
ජීවිතේ හීන නැත්තන් එතන ජීවයක් නෑලුනෙ…මටත්  තියනව ලස්සන හීනයක්…

ඉන්නව මේ පපුවෙත් ලස්සන කුමාරයෙක්….
හීන කුමාරයෙක්ම විතරයි එයා…”
මං වාරියපොලට එනකනුත් හිතුවෙ ඒ ගැන…
අමාට සමු දීලා මං පුරුදු විදියටම බිම බලාගෙන පුස්තකාලය පැත්තට ඇවිදන් ආවා…
එම්ශියා හොටෙල් එකෙන් රෝල්ස් දෙකකුත් ගත්තෙ ඊයෙ රෑටත් මුකුත් කාලා නැති හින්දා….
දවල්ටනං මංම උදේට උයන හින්දා බත් මුලක් බැදන් එනවා…

ඒත් කකා ඉන්න ගියොත් ඒකටත් ආඩපාලි….
මං සුපුරුදු විදියටම පුස්තකාල දවස ඇරබුවෙ   හිතේ සතුටින්….
අද පාඨක සමාජෙ රැස්වීම….දවල් දෙක හමාරට පටන් ගන්න හින්දා කට්ටියම වෙනදට වඩා කලබලෙන් වැඩ…
ඊයෙ ශ්‍රියානි මැඩම් කීවා වගේ රෑ වෙනකංම අදනං ඉන්න වෙයි…
තරගාවලිය ට කට්ටිය තෝරන හින්දා…
අවාසනාව කියන්නෙ අද සොනාලි අක්කත් නෑ..උදේ මැඩම්මයි කීවෙ සොනාලි අක්කගෙ මහත්තයට ඩෙංගු හැදිලා හින්දා ඊයෙ රෑ කුරුණෑගල ඉස්පිරිතාලෙ අරන් ගිහින් අද එන්න වෙන්නෙ නෑ කියලා…
මං සොමාලි අක්කට මැසේජ් එකක් යවල විස්තරත් දැනගත්තා…ඉරිදටවත් බලන්න යන්න හිතාගෙන…
දවල් දෙක හමාර විතර වෙද්දි පාඨකයො බොහෝදෙනෙක්ම ඇවිත් හිටියා..රැස්වීමෙ වැඩ ආරම්භ කරේ  මැඩම්…
උඩු මහලෙ රැස්වීම් පවත්වන ශාලාව පිරෙන්නම අද කට්ටිය….
වෙලාව ගෙවිලා ගියෙ දන්නෙම නැතුව…..

පාඨක සමිතියෙ හැමෝගෙම දක්ශතාවයෙන් බලල අපි හොදම අය තෝරගත්තේ වාරියපොල පුස්තකාලය නියෝජනය කරමින් තරගෙට යවන්න…

ගනේවත්ත පාරෙ හවස පහයි දහය බස් එකෙන් පස්සෙ  ආය ඉතිං හයයි කාල තමා..
අවාසනාවකට වගේ රැස්සීම ඉවර වෙද්දිම හය හමාරත් පහු වෙලා…..
” පබළු දරුවො යන්න විදියක් තියනවද…

මං ගිහින් දාන්නද කාර් එකේ…  ”
මැඩම් මගෙන් ඇහුවත් මං අතින් සන් කරල කීවෙ අමා එක්ක යන්නම් කියලා..

මැඩම්ට කරදර කරන්න හිත දුන්නෙ නෑ මට……

අමා අදත් රෑ වැඩ කීවත් එයාට වැඩ ඉවර වෙද්දි රෑ අට නමයවත් වෙයි….

එච්චර වෙලා ටවුන් එකේ ඉන්න බෑ…

අනිත් එක දැනටමත් ගෙදර දොරවල් වැහිලා ඇති මට….
මං හිමීට කල්පනා කර කරම පාර දිගෙ ඇවිදන් ආවා..
ගනේවත්තෙ පාරෙ මේ වෙලාවට බස් එකක් යන්නෙත් නෑ…

අවසාන බස් එකත් යන්නෙ රෑ හත හමාරට විතර…
ෆුඩ් සිටි එක ලගින් යද්දි ඒ පැත්ත වුවමනාවෙන් බැලුවත් අමා පේන්න හිටියෙ නෑ…

ඒ කෙල්ලට වද දෙන්නත් බෑ…
ඉස්පිරිතාලෙ ගාවින් ත්‍රීවිලර් එකක්වත් අරන් යනවා…

මං එහෙම හිත හිතම වාරියපොල රෝහල පැත්තට ඉක්මනට ඉක්මනට අඩි තිබ්බෙ….

ත්‍රීවීලර් දෙක තුනක්ම තිබ්බත් මං කොහොමද මට යන්න ඕනෙ තැන කියන්නෙ….

මං තොලත් හපාගෙන කල්පනා කරේ ඒක…
මිනිස්සු ඉදිරියේ සමච්චලයට ලක් වුන වාර අනන්තයි
තවත් නං ඉතින් බෑ…

මං වෙව්ලන දෙපා වලට වාරු අරන් ගනේවත්ත පාර දිගේ ඇවිදන් ගියෙ පයින් ම වැවගෙදර හන්දියටම පයින් යනව කියල හිතාගෙන…
අසරණ මං වෙන මොනා කරන්නද….සාමාන්‍ය කෙනෙක්ට වඩා අපහසුතාවෙට පත් වෙන පාර ගාන වැඩී මං…ඒත් කොහොමහරි ජීවිතේට මූන දෙන්නත් ඕනෙනෙ…
ඇස් ඇගට කදුලක් මෝදු වෙද්දිම මං සාරි පොටින් ඇස් කෙවෙනි පිහදගත්තා…

පය ඉක්මන් කරල අඩි තිබ්බත් වටේටම කලු කරල ඉවරයි….
අනිත් කෙල්ලක්ට මේ වගේ මොහොතකට දැනෙන බය දෙගිඩියාව අඩුවක් නැතුව මටත් දැනුනා…
ඒත් හිත ශක්තිමත් කරගත්තෙ මගෙ අහිංසක අම්මගෙ තාත්තගෙ හයිය හිතට අරන්….
ටික දුරක් ඇවිදන් එද්දිම එක පාරටම කවුරු හරි කෙනෙක් දුවගෙන එන සද්දෙට ගැස්සිලා මං ඒ පැත්ත බැලුවෙ….
පිරිමි රුවක්…අදුරෙ ඒ මූන අදුරගන්න මට පුලුවන් වුනේ නෑ…ඒත් කලබලයක් ඒ ඉරියව් වල මං දැක්කෙ…
හොරෙක්වත්ද…..
ඇගමසීතල වෙලා යද්දි මං පාරෙ අයිනටම වෙලා බාග් එකත් තුරුල් කරන් වේගෙන් ඇවිදන් ගියෙ…
අඩි සද්දෙ ලගින්මඇහෙද්දිනං පපුව එකසිය ගානට  ගැහෙන බවනං මට දැනුනා…..
” ආ…….හ්……”
එක පාරටම ඒ මනුස්සයා මගෙ අත් ගොබේකින් තදින් අල්ලගෙන මාවත් ඇදගෙන දුවන්න ගත්තෙ…..
” ආ………..

ආ…..”
මං අත මුදවගන්න දගල දගලම ඒ මනුස්සයා එක්කම අඩි තියද්දි එක පාරම ඒ පිරිමි කෙනා මාවත් ඇදගෙන් එතන තිබ්බ කාර් එකකට නැග්ගා…
මාව ඉස්සරහ ශීට් එකේ බලෙන්ම ඉන්දවල ඒ රුව ඇවිත් ඩ්‍රයිවින් ශීට් එකෙන්  ඉදගත්තා…
” දෙයියනේ…”
බයේ ගැහි ගැහි හිටපු මං එතකොටයි ඒ මූන හරියට දක්කෙ…
මං පපුවට අතකුත් තියන් බයෙන් ඒ රුව දිහාම බලන් හිටියෙ…
තරුණයෙක්….

හිතාගන්න බැරි තරම් කඩවසම් රුවක්….
ඝන ඇහිබැමි

හීන් ඇස් දෙක

දිගු නහය

පැහැපත් මූන
කම්මුල් පුරාම හරි අපූරුවට වැවුනු රැවුල…
ඒ ඇස් කලබලෙන් මං දිහත් පාර පැත්තත් බලද්දි මං ඒ දිහාම බලන් හිටියා..

එක පාරටම එයා ඇදන් හිටපු ශර්ට් එක ගලවල පිටිපස්ස ශීට් එකට විසිකරද්දිනං මං බය වෙලා ශටර් එකෙන් එපිට බලාගත්තේ…
ඒත් එක්කම මං හොරැහින් ඒ පැත්ත බලද්දි ඒ පාර වෙන පාට ශර්ට් එකක් ඇදන් බොත්තම් දානවා…
ඒ හැඩිදැඩි පපුතුර වාත්තු කරා වගේ..පිරිමියෙක් ලග මේ විදියට තනි වෙලා නැති මගෙ පපුවනං මේ වෙද්දි ගැලවිලා වැටෙන තරමට ගැහෙනවා…
” එපා පබළු

උබට ඉන්නෙ උබ විතරයි

බේරිලා දුවපන්….

අම්ම අප්පච්චි අනේ මට උදව් කරන්න….”
මං හිත හයිය කරන් කාර් එකෙන් බහින්න දොර අරිද්දිම මාව ඇදල අරන් ඒ පපුවට තුරුල් කරගය්හ්තෙ මං බලාපොරොත්තු නොවුන විදියට….
මං බයෙන් ගැලවෙන්න දගලද්දි ඒ ශක්තිමත් අත මගෙ මුවට තද වුනා…
” කෑ ගහන්න එපා

ඔහොම ඉන්නවා….

කරදරයක් කරන්නෙ නෑ…..”
ඒ නපුරු ඇහි බැමි උස්සල කියල වටපිට බලන ගමන් මාව තවත් තදින් තුරුල් කරගත්තා….
ඒත් නාදුනන පිරිමියෙක් ලග මෙහෙම ලං වෙන්නපුලුවන්ද මට….
මං පුලුවන් තරම් වෙර දාලා දගලද්දිම කාර් එක පැත්තට කෑ ගාගෙන දුවන් එන අඩි සද්ද කීපයක්ම ඇහෙද්දි මං බයෙන් ඒ මූන දිහා බැලුවෙ….
” හොයපල්ලා ඕකව…..
මරනව ඕකව අද…..
මට කොහොමහරි ඌව පන පිටින් ඕනෙ….
හොයපල්ලා……..”
ගොරෝසු පිරිමි හඩක් කාර් එක ලගින්ම ඇහෙද්දි මාව තවත් බයෙන් වෙව්ලන්න ගත්තෙ….
ඒ ඇස් තිබ්බෙ මගෙ බයෙන් ලොකු වුනු ඇස් දිහාට…
ඒ කම්මුල් වල තිබ්බෙ සමච්චල් හිනාවක්….
ටිකෙන් ටික ඒ බාහු වල ග්‍රහණය වැඩි වෙද්දි මට හෙලවෙන්නවත් ඉඩක් ලැබුනෙ නෑ……
මගෙ ඇස් වලින් කදුලු බිංදු කීපයක්ම කඩන් වැටුනෙ අසරණකමට……
බලෙන්ම මගෙ නිකටින් උස්සල ඇහැකුත් ගහල මගෙ තොල් වලට ඒ රලු තොල් තද කරගත්තෙ මට හිතාගන්න්වත් වෙලාවක් නොදී…..
_____________________________________________
හමුවෙමු ඊලග කොටසින් ………
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
“මේ මොකක්ද මේ වුනේ”
එහෙමනෙ ඉතිම් දැන් කට්ටියට හිතෙන්නෙ 😂😂
මොකද වුනේ කියල ඉතිං ඊලග කොටසින්ම තමා බලන්න වෙන්නෙ😁😁
ලමයි කතාව පොඩ්ඩයි පොඩ්ඩයි වගේ නේද…
ඔව් ඔව් ඒක මං හිතලමයි කරේ..

මතකනෙ දේදුණු සිහින කතාවෙදි යාලුවො ගොඩක් දෙනෙක් අපහසුතාවෙට පත් වුනා අන්තිම කොටස පේන්නෙ නෑ කියල
Lite app භාවිතා කරන මගෙ යාලුවන්ට ගොඩක්ම ඒ ගැටලුව ඇත්තෙ….
ඒ අයට අසාධාරණයක් කරන්න බෑනෙ ලමයි…..ඔක්කොම මගෙ යාලුවො
ඉතිං පිණි පබළු කතාවෙ ඒ ගැටලුව අවම කරන්න මං ලියන ප්‍රමාණය ටිකක් අඩු කරා හොදද…..
අනිත් යාලුවො තලා වෙන්න බෑ හොදේ…..

හැමෝම ගැන හිතලයි එහෙම කරේ..😘😘
හොදයි……….

ම්ම්ම්ම්ම්ම්ම්
කෝමද ඉතිං කතාව…..
අදහස් කියාගෙන යන්න ලමයි……
ආදරෙයි මගෙ යාලුවො හැමෝටම 😘😘
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

…. බුදු සරණයි ….

🌹 නිපූ මධුෂි 🌹

01 වන කොටසට 👇👇.

උපුටා