ලිංගික ශක්තිය වැඩිකරන ෆාමසිවලින් ගන්න බෙහෙත් ගැන ඇත්තම දේ මෙන්න දැනගන්න

“බටහිර වෙදකමේ වාජීකරණ ඖෂධ සහ ප්රතිකාර නැත්තේ මන්දැයි” පසුගිය දිනෙක මගේ හිතවතෙක් අසා සිටියේය.
එහිදී ඔහු කීයේ සාර්ථක යුග දිවියක් සඳහා ඉවහල්වන අඹු – සැමි සබඳතා සඳහා මනා පිටිවහලක් දෙන වාජීකරණ විෂයට පැරණි ආයුර්වේදයේ ප්රධාන තැනක් ලැබී ඇති බවය.

ඒ අතින් බටහිර වෛද්ය විද්යාව ඒ සම්බන්ධයෙන් උනන්දුවක් පළ නොකරනුයේ මන්දැයි ඔහු මගෙන් විමසා සිටියේය.
සාර්ථක යුගදිවියක් සඳහා ඉවහල්වන මනා ලිංගික සබඳතාවයක් සඳහා යොදා ගන්නා බව පැවසෙන “කාමෝද්දීපක” පිළිබඳව ලොව පුරා ජනතාව තුළ මහක් කුතුහලයක් සහ උනන්දුවක් පවතී.

විශේෂයෙන් පුරුෂ ශක්තිය වර්ධනය වීම සම්බන්ධ ආහාර, ඖෂධ සහ වෙනත් චිකිත්සක ක්රම බොහොමයක් ලොව පුරා පවතින බව නොරහසකි. අපගේ දේශීය වෙදකමේද එවැනි දේ ඇති බව පෙනේ.
මෙහිදී පුරුෂයන් සම්බන්ධයෙන් බලපවත්නා “ලිංගික බෙලහීනතා” සේ සැලකෙන ප්රධානතම තත්ත්වයන් දෙකකි. එනම් ලිංගික අප්රාණිකත්වය සහ ‍ක්ෂණික මෝචනය යන තත්ත්වයයි.
මෙම තත්ත්වයන් කායික, මානසික සහ ඒ දෙයාකාරයේම හේතුමත පැනනැගිය හැකි බව මෙතෙක් සිදුකරන ලද සමීක්ෂණයන්ගෙන් තහවුරු වී තිබේ.

කල්ගත වූ දියවැඩියාව ඇතුළු අන්තරාසර්ග පද්ධතියට බලපාන රෝග තත්ත්වයන් නිසා මෙම ඉන්ද්රිය අප්රාණිකත්වය කායික වශයෙන් හට ගත හැකි අතර ඇතැම් ඖෂධයන්හි අතුරුඵල ආදී වෙනත් හේතූන් මත ද කායිකව මෙම තත්ත්වය බලපෑ හැක.
පිරිමින් තුළ පවතිනා ක්ෂණික මෝචනය නම් තත්ත්වයද පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ අවස්ථානෝචිත ලෙස වෙනස් විය හැකි අතර එය රෝගයක් වශයෙන් ලෝක සෞඛ්ය සංවිධානයේ ICD 10 සංග්රහයේ S 52.4අංකය යටතේ ලැයිස්තු ගත කොට ඇත.
ලිංගික ශක්තිය ඇතිවනුයේ මොළයේ ඇති වන අනුරාගී හැඟීම් මත පදනම් වන කායික මානසික ක්රියාකාරීත්වය අරමුණු කර ගනිමිනි. එය මොළයේ හෝමෝන ක්රියාකාරීත්වය මත පදනම් වන්නකි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට අඩුවැඩි වශයෙන් බලපාන තත්ත්වයකි.

එහෙත් ලිංගිකත්වයට බලපාන ද්විතීක සාධකය වන කායික මානසික උත්ඡේදන සඳහා බටහිර ඖෂධ මගින් යම් බලපෑමක් සිදු කළ හැකි බව මේ වන විට අනාවරණය වී තිබේ. ඒ ඇතැම් ඖෂධ හුදෙක් කාමෝද්දීපනය අරමුණුකොට නිශ්පාදනය වූ ඒවා නොවේ.
වෙනත් රෝගාබාධ සඳහා නිශ්පාදනය වන ලදුව එහි අතුරු ඵලයක් වශයෙන් අන්තරාසර්ග පද්ධතිය උත්තේජනයට ලක් කෙරෙන ඒවාය.
නිදසුනක් ලෙස “පුප්පුසීය රුධිර පීඩනය” සඳහා දෙනු ලබන ඇතැම් ඖෂධයක අතුරුපලයක් ලෙස පුරුෂ ඉන්ද්රිය ප්රාණවත්වීම කෙරෙහි යම් බලපෑමක් සිදුවන බව සොයා ගෙන තිබේ.

ඉන්පසු එය ලොව පුරා එවන් තත්ත්වයෙන් පෙළෙන්නවුන් සඳහා ඖෂධයක් ලෙස නියමකරන ලදී. එහෙත් එම ඖෂධ හුදෙක් වෛද්ය නියමයන්ට අනුවම ගත යුතුය. නැතහොත් ප්රථිපල අති බිහිසුණු විය හැක.
එමෙන්ම ඇතැම් ආතති විරෝධී ‍ඖෂධ නීරෝගී පුද්ගලයන්ට ලබාදීමේදී අනුරාගී පිබිදීම් වල ඇතිවන පසුගාමී බව මුල්කොට ක්ෂණික මෝචනයට අනියම් ප්රතිකාරයක් ලෙස එය ද යොදා ගන්නා අවස්ථා තිබේ.

ඒ හැරුණු කොට ශරීරයේ විවිධ ප්රදේශ සඳහා ගල්වන නිර්වින්දක ඖෂධ ඇතැම් වේදනා නාශක ආදිය යොදා ගැනීමෙන් ඇතිවන ස්නායු සංවේදීතාව අවම වීම මෙම ක්ෂණික මෝචන තත්ත්වයට පිළියම් වශයෙන් සමහරු යොදති.
ඒ එමගින් ලිංගික කාරියේ දී ඇතිවන සතුට සඳහා පදනම් වන ඉන්ද්රීය සංවේදීතාව අඩුවන නිසාය.

ඒ කෙසේ හෝ ඉහත සඳහන් කළ පරිදි කායික, මානසික සහ දෙයාකාරයේම පුරුෂ ලිංගික බෙලහීනතා දුරළීම සම්බන්ධයෙන් විද්යාත්මක වශයෙන් සායනිකව තහවුරු කළ ප්රතිකාර බටහිර වෛද්ය විද්යාව සතුව ඇති අතර බොහෝ දුරට විකල්ප වෛද්ය ක්රම තුළ ඇත්තේ එසේ ලිංගික ශක්තිය වැඩෙන බවට ජන විඥානයේ තහවුරු වූ ආහාර සහ ඖෂධ වර්ග පමණි.
එහෙත් මා ඉහත සඳහන් කළ අන්දමට ලිංගික ශක්තිය බොහෝදුරට මානසිකත්වය මත පදනම් වන බැවින් එම ආහාර සහ ඖෂධ වලින් තමන් තුළ ලිංගික ශක්තිය වැඩිවෙතැයි ඇතිවන හැඟීම් මත පදනම් වන “තුෂ්ටක බලපෑම” නිසාද ඉන් සාධනීය ප්රතිපල ලැබෙන අවස්ථා තිබීමට පුලුවන.
ආයුර්වේද වෛද්ය ක්රමය තුළ බටහිර වෛද්ය විද්යාව සතුව නොමැති “වාජීකරණ ඖෂධ” ඇති බවට ජන විශ්වාසයක් ඇති වී ඇත්තේ ඒ නිසාය.

හෘදරෝග විශේෂඥ වෛද්ය නාමල් විජයසිංහ – ජ්යෙෂ්ඨ කථිකාචාර්ය, වෛද්ය පීඨය, – ශ්රීමත්ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලය,රත්මලාන.

ලිංගික රෝගවලින් බේරී ගැබ් ගැනීමකින් තොරව ලිංගිකව හැසිරෙන්නේ මෙහෙමයි

බොහෝදෙනෙක් විමසනවා ආනරක්ෂිත ලිංගික එකතුවීමකින් පසුව සිදුකල යුත්තේ කුමක්ද කියා.

සිදුකරනු ලැබූ එම සිදුවීම් සඳහා ඔවුන් පසුව තමයි පසුතැවිලි වන්නේ. එම පුද්ගලයින් විමසන ප්රධාන කරුණු දෙකක් තිබෙනවා.
ඒ හේතුවෙන් මම ගැබ්ගන්නට පුලූවන්ද?
ලිංගිකව පැතිරීයන රෝගී තත්වයකට මා ගොදුරු වේවිද?
එම පුද්ගලයින් හට පෞද්ගලිකව උපදෙස් ලබාදුන්නද, මෙය පොදු සමාජ ගැටළුවක් යැයි අප සිතනවා. එනිසාම සියලූ දෙනා දැනුවත් කිරීමට මෙම ලිපිය ඉදිරිපත් කරන්න අප තීරනය කළා.
ආනරක්ෂිත ලිංගික එකතුවීමකින් පසුව ඔබ ක්රියාකලයුතු නිවැරදිම ක්රමය ඔබට පහතින් දැකගන්නට පුළුවන්.
ගැබ්ගැනීම වැළක්වීම සඳහා වහාම ක්රියාත්මක වීම.

පිරිමියෙකු සමග අනාරක්ෂිත ලිංගික ඇසුරක් පැවැත්වූ කාන්තාවක් නම් ගැබ්ගැනීම වැළක්වීම සඳහා වහාම ක්රියාත්මක වියයුතුයි. ආනරක්ෂිත ලිංගික ඇසුර සිදුවී පැය 72ක් ඇතුලත ගැබ්ගැනීම වළක්වාලන ඖෂධ භාවිතා කිරීමට හොඳින් මතක තබා ගන්න.
හැකි පමණ ඉක්මනට එම ඖෂධ භාවිතා කිරීම තමයි වඩාත් සුදුසු වන්නේ.
HIV ආසාදනය වීමට තියෙන අවධානම අවම කිරීම.

එච්.අයි.වී වෛරසය අසාදනය වී ඇති බවට සැකසිතන පුද්ගලයෙකු සමග ඔබ ලිංගිකව එකතුවුනා නම්, එච්.අයි.වී වෛරසය ආසාදනය වීමට ඇති ඉඩකඩ අවම කරගන්නට හැකියාව තිබෙනවා.
වෛද්යවරයෙකු වෙත වහාම යොමු වී පොස්ට් එක්ස්පෝෂර් ප්රෝෆිලක්සිස් (පී.ඊ.පී) ප්රතිකාරය සිදුකරගන්න. දරුණු වෛරසයකට නිරාවරණය වුනු පසුව ඉන් ආසාදනය වීම වලක්වාලීම සඳහා වහාම සිදුකරන වළකාලීමේ ප්රතිකාරයක් විදියට එය හඳුන්වන්න පුළුවන්.
ඔබ සමග ලිංගිකව එකතුවනු පුද්ගලයා සමග කතාබස් කිරීම.
ලිංගිකව එකතු වුනු පුද්ගලයා කෙතරම් අවධානම් තැනැත්තෙක්ද යන්න දැනගැනීමට අවශ්යද? ඒ සඳහා කලහැකි වඩාත් සුදුසුම ක්රමවේදය නම් ඔහු සමග සුහදව කතා බස් කිරීමයි.

ලිංගිකව පැතිරී යන රෝගීතත්වයන් හඳුනාගැනීම සඳහා පරීක්ෂාවක් ඔහු මෑතකදී සිදුකර තිබෙනවානම් හෝ එවැනි රෝගී තත්වයක් ඔහු තුල නොමැති නම් ඒ පිළිබඳව ඔබ තව දුරටත් පසුතැවිලි වියයුතු නැහැ.
යම් කාලසටහනකට අනුව ලිංගිකව පැතිරීයන රෝගීතත්වයන් (එස්.ටී.ඞී) පරීක්ෂාවක් සිදු කිරීම.
අනාරක්ෂිත ලිංගික ඇසුරක් පැවැත්වූ සැනින් වෛද්යවරයා වෙත දිවගොස් මෙම පරික්ෂාව සිදු කිරීම නොවෙයි ඔබ කලයුතු වන්නේ.
එය සිදු කිරීමෙන් ඔබට කලහැක්කේ ඔබ තුල පවතින ලිංගික රෝගී තත්වයකට ඔබගේ සහකරුවා ගොදුරු වී නොමැති බව කියා ඔහුව සැනසීම පමණයි.

ඔබ ඔහු සමග ලිංගිකව එකතුවීම නිසා ඔබට යම්කිසි ලිංගික රෝගයක් වැළඳීමේ අවධානමක් තිබෙනවා කියා ඔබ සිතනවානම් ඔබට ඇත්තටම යම් කාලයක් බලාගෙන ඉන්නට සිදුවෙනවා.
එම පරික්ෂාව වඩාත් නිවැරදි වීමට නම් දවස් කිහිපයක් හෝ මාස කිහිපයක් ගත වෙන තුරු සිටිය යුතුයි. එම නිසා විටින් විට මෙම පරික්ෂාව සිදුකරන්න.
මීලග අවස්තාව සඳහා ආරක්ෂාවක් මිලදී ගැනීම.

සිදුකරනු ලැබූ අනාරක්ෂිත ලිංගික ඇසුරක් හේතුවෙන් ඔබ දැනටමත් පසුතැවිලි වෙනවානම්, ඉන් අදහස් කරන්නේ අනාගත ලිංගික එකතුවීම් සඳහා ආරක්ෂිත ක්රමවේදයක් අනුගමනය කලයුතු බවයි.
ඒ සඳහා සෑම මොහොතකම සුදානමෙන් සිටීම වැදගත්. අන්න එම නිසාම තමයි ඔබ යන එන සෑමවිටම උපත්පාලන කොපු කිහිපයක් රැුගෙන යායුත්තේ.
තම සහකරුවා හැරුණුකොට වෙනත් පොද්ගලයෙකු සමග ලිංගිකව හැසිරීම සදාචාර සම්පන්න නොවෙන බව හොඳින් මතක තබා ගන්න.

එවැනි ක්රියාකාරකම් වලින් සමාජය පිළිකුල් කරන රෝගීතත්වයන් හට ඔබ ගොදුරුවීමට ඉඩ තිබෙනවා වගේම පවුල් ජීවිතය තුලද ගැටුම්කාරී තත්වයක් ඇතිවෙන්නට පුළුවන්.
සැ.යු – තම සහකරුවා හැරුණු කොට වෙනත් පුද්ගලයින් සමග ලිංගිකව එකතුවීම සඳහා මෙම ලිපියෙන් කිසිඳු ආකාරයේ පෙළඹවීමක් හෝ අනුබලයක් ලබා නොදෙන බව කරුණාවෙන් සලකන්න.

අනෙක් අය වෙනුවෙන් නිරුවත් වූ යුවතියන් වෙනුවෙන් ලොවම සංවේදී වෙයි

මේ ලෝකේ ඉන්න මිනිස්සු හරිම අමුතු වැඩ තමයි කරන්නේ.
හැමවෙලේම මොකක්හරි අත්හදා බලන්න තමයි ගොඩක් දෙනා බලන්නේ.
අපි මේ කියන්න යන්නේ විදෙස් රටවල තරුණ තරුණියන් නිරුවත විකිණීම ගැන. හැබැයි මෙහෙම කරන්නේ ඇයි කියලා බලන්නකෝ.
ඕස්ට්‍රේලියාවේ The James Cook University කියන පශු විද්‍යාලයේ 2018 වර්ෂයේ උපාධිය නිම කරන සිසු සිසුවියන් පිරිසක් නියඟයෙන් පීඩාවට පත් ගොවීන් සඳහා මුදල් රැස් කිරීමට තමයි මෙහෙම නිරුවත් වෙන්නේ.
මේ විදියට සිසු සිසුවියන් 70න් නිරුවත් වෙන්නේ සරසවියේ අධ්‍යයන අවසන් නිබන්ධනය වෙනුවෙන්.
මේ අය සුනඛයින් අශ්වයින් වැනි සතුන් සමගත් විවිධ අයුරින් ගත් ඡායාරූප 2018 වර්ෂයේ නිෂ්පාදනය කෙරෙන කැලැන්ඩරයකට ගන්නත් නියමිතයිලු.
මේ වනවිට නිෂ්පාදනය වූ කැලැන්ඩර විශාල ප්‍රමාණයක් විකිණී තිබෙන අතර මේවන විට ඉන් අමෙරිකානු ඩොලර් 3000ක් උපයා තිබෙනවා කියලත් වාර්තා වෙනවා.
මෙම සිසු සිසුවියන් ඡායාරූප රූගතකිරීම් අතරතුරේ බොහෝ සෙයින් විනෝද වූ බවටත් මාධ්‍යයට ප්‍රකාශ කරලා තියෙනවා.

ඔබ මේබව දන්නවනම් කිසිදාක පෙම්වතිය සමග කැලයේ ලිංගිකව හැසිරෙන්නේනෑ

කැලේ පැන විවිධාකාර ලිංගික කටයුතු සිදු කල ලාබාල තරුණ තරුණියන්ගේ වීඩියෝ cd වලට පැයකට පැය බාගෙට වැනි කාල වලට සංස්කරණය කර විකුණන ජාවාරමේ සියලුම වීඩියෝ අන්තර්ජාලයට.
උතුරු කළුතරට නුදුරු තැනකට එන්නට අතුල කතා කරයි.

කවුරුත් දන්නා කවුරුත් හඳුනන ලංකාවේ ප්රසිද්ධම වැටකේ අඩවියකි.
කලින් කල සිදුවූ අපචාර සිදුවීම් ඝාතන ස්ත්රී දූෂණ නිසා මේ වැටකේ ගාලට නිතරම හානි සිදුවේ.
කිලෝමීටර් ගාණක් එක දිගට විහිද පවතින මේ වැටකේ ගාලට ලංකාවේ සතර දිග් භාගයෙන් එන පෙම්වත්තු රිංගති.
එක අන්තයකින් මහා මුහුදත්, අනෙක් පසින් කළුතර මහ සෑයත් මනරම්ව දිස්වේ.
කළුතර වඳින්නට කියා එන පෙම්වතුන් කළුතරත් වැඳගෙන මේ වැටකේ ගාලටද රිංගන්නේ එයටද වැඳ වැටෙමිනි.
පෙම්වත්තු කළුතර යාම හරියට “දඹුලු ගොස් තලගොයින් මරාගෙන එනවා” යන පරණ කියමනට සමාන වේ.
විවාහය බලාපොරොත්තුවෙන් සිටින අයත්, විවාහය ළඟ පාතකවත් නැති අයත්, අනියම් ප්රේමවන්තයෝත් මහ මුහුද මෙන් පරක් තෙරක් නොපෙනෙන මේ වැටකේ අසපුවට ඇතුළු වන්නෝය.

යම් තැනකින් කැලේට රිංගූ යුවළ ඒ කැලෑවේ කොයිබට ගියා දැයි සෙවීම උගහටය.
ඒ තරමට කැලේ මැදින් හිතෙන හිතෙන දිශාවකට අඩිපාරවල් දිගේ යා හැකිය.
ඒ හැම තැනම ප්රේමවන්තයන් අපූරුවට පෙම් කෙළ ඇති බවට ලකුණු ඕනෑ තරම් තිබේ.
ඇතැම් වැටකේ පඳුරු යට වැටුණු සමහර දෑ දෙස බලද්දී එළිමහන් කාමුක රංග භූමියක් ලෙස දෙවරක් නොසිතා නිගමනය කළ හැකිය.
ඒ වාගේම සිගරට් කොට, අරක්කු බෝතල් දිහා බලද්දී මේ වැටකේ ගාල යම් යම් කල්ලිවල රජ දහනක් හැටියටද අපට හැඟේ.
අතුලත් මමත් ඇවිද යන්නේ ඒ සා විවිධ-විසම හැසිරුමැති හැංගුණු ලොවක් අස්සේය.
“මහත්තයෝ… මේ වැටකේ ගාල කළුතරට සම්පතක්. ඒත් මේකේ සිද්ධ වුණ දේවල් එක්ක මේ සම්පත වැරදි විදිහටයි සමාජ ගත වුණේ.”
අතුල කතා අරඹයි.

“ඉස්කෝලේ යන වයසෙ පිරිමි ළමයි-ගැහැනු ළමයි මේ කැලේට රිගනවා.
අවුරුදු 18ට අඩු ළමයින්ට හෝටල් දෙන තැන් ටිකක් අඩුයිනේ.
දැන් හෝටලයකට ගියාම සමහරු අයිඩෙන්ටි එක ඉල්ලනවා. ඒවා නැති ළමයින්ගෙ කාමර තමයි මේ කැලේ… පන්ති යනවා කියලා එන හුඟක් දරු පැටවු මේ වගේ කැලෑවලට රිංගනවා”.

“ඔය ඉන්නේ එහෙම දෙන්නෙක්.”
අපේ කතා බහේ සත්ය උදාහරණය අප ඉදිරිපිටම ගාලක් අස්සේ සැඟවී සිටියි.
ඔවුන් කැලේ ගහ කොළ අස්සට වී කෙළින පෙම් කෙළිය ගැන ලියන්නට ගියොත් මේක “කුනු හරුප” කතාවකි.
ඒ තරම් අශිෂ්ට රංගනයක මේ දෙපළ යෙදී සිටිති. කැලේ අස්සේ සිටින අපි දෙන්නා ඔවුන්ට පේන්නේම නැත.
මේවා නවත්වන්න පුළුවන් සෙල්ලම් නෙමෙයි. සමහරු නම් කැලේවුණත් අශිෂ්ටව හැසිරෙන්න අකමැතියි.
ඒ අය වැටකේ ගාලකින් මෙහා තියෙන රු.500-600 කාමරේකට ගිහින් ආපු සැප විඳගෙනම යනවා.” අතුල කියයි.
“අද මේ වැටකේ ගාලට ආවේ ඉඳහිට සිද්ධ වෙන අලුත් කතාවක් කියන්න” අතුල මා තැනකට කැඳවාගෙන යයි.
තරමක් නුදුරින් කිසියම් හෝටලයක වැනි ලකුණු පෙනෙයි.
“සාමාන්යයෙන් පාක් එකකට ජෝඩුවක් ගියත්, මුහුදු වෙරළෙ වාඩිවෙලා හිටියත් ඒ දිහා බලාගෙන ඉන්න “බැල්මට්ලා” අහලා ඇතිනේ.
මේක මානසික ලෙඩක්… ඇතැම් විට ජීවිතේ මේ වගේ කෙල්ලක් එක්ක කවදාවත් ඇවිදපු නැති අය.

ඒ අය තරුණ කෙල්ලෝ කොල්ලෝ හැසිරෙන දිහාව බලලා තැන නොතැන නැතුව තමන්ගේ ආශාව තමන්ම විඳ ගන්නවා.
ඔය බැල්මට්ලගේ නියම රංගන බලාගන්න පුළුවන් මේ කැලෑවලදී”
අතුල එවැනි තැනකට මා කැඳවා ඇති සෙයකි. ජෝඩු කීපයක් පෙම් රංගන වල උච්චතම අවස්ථාවේ සිටිති.
“අන්න බලන්න…”
අතුල මට පෙන්වන්නේ බැල්මට් කෙනෙකි.
දැක බලා සතුටු වෙන්නෙකි.
පාක් එකක, මේ දසුන අපට ඇස නොගැටෙන්නකි.

සමහර ජෝඩු ඉස්සරහටම ඇවිත් මේ බැල්මට්ලා බය නැතිව මෙයාලට ලොකුකම් දානවා.
ඔය ජෝඩු පිටින් එන අය. ඒ අය එළියට ගිහින් කාට කියන්නද? සමහරු කියන්නේ ග්රීස් යක්කු කියලා.
ඒ අයත් හිටපු ගමන් මේ කැලේ ජෝඩු අතරින් ඇවිදිනවා.

ගෑනු ළමයින්ගේ දත කට පූට්ටු වෙනවා. ඒත් ඒ අයගේ පෙම්වතුන්ට උනත් කරන්න දෙයක් නෑ.
මොකද මේ කැලේ අයිති කරගත්තු අයිති කාරයෝ අතර මේ බැල්මට්ලාත් එක පිරිසක්.
ළාබාල අය ආවම මේ අයගේ සෙල්ලම් වැඩියි.
හොඳට මතක තියා ගන්න… අපි කියන මේ තැන බැල්මට්ලා නිරුවතින් රඟපාන එළිමහන් රංග පිටියක්.
කතාව ඒක නෙවෙයි…
“මේ කැලේ ඉඳහිට වෙන ලොකු සීන් එකක් කියන්නම්. ජෝඩු එකතු වෙන තැන් කීපයක් මේ බැල්මට්ලා දන්නවා.
ඒ අය මේවා හොඳ අත්දැකීමෙන් දන්න දේවල්.
මේ බැල්මට්ලාගෙන් දෙතුන් දෙනෙක් කැලේ ගස් උඩ, අතුවල වීඩියෝ කැමරා සෙට් කරලා තියෙනවා.”
ඒ කතාවට මම පුදුම වීමි.
ජෝඩුවලට කුලී පදනම මත දෙන කාමරවල මෙවැනි වීඩියෝ පටිගත කිරීම් සිදුවන බව අප දැක ඇත.

ජෝඩුව කාමරයට යන විටම කාමරයේ වීඩියෝ කැමරාව ක්රියාත්මක වේ.
ඉන් පසු එහි වන සියලු දේ එක්කෝ කොම්පියුටරයක පටිගත වේ.
නැත්නම් හෝටලයේ කීප දෙනෙකු විසින් රහසේ නරඹනු ලැබේ.
සමහර ජෝඩු මේ වීඩියෝ හරහා “බ්ලැක් මේල්” වන බවද අපට වාර්තා වී ඇත.
එහෙත් කැලේක වීඩියෝ කැමරා ක්රමයක් අප අසා නැත.

තාක්ෂණය සමග පැමිණි ක්ක්ඔඪ කැමරා ක්රමය එළිමහන් පටිගත වීම් සාර්ථකව සිදුවන වීඩියෝ ක්රමවේදයකි.
එම තාක්ෂණයට වැටකේ ගාලක් යට පෙම් කෙළින දසුන් දැන් වීඩියෝ පටිගත වීමක්…
“කැලේට ආවම ඔය නංගිලා මල්ලිලා හිතන්නේ ලෝකෙටම වසං වුණා කියලා. ඒක වැරදියිනේ. දැන් රටේ තියෙන තාක්ෂණයත්, කාමුක ලෝලීන් වැඩිවීමත් එක්ක අද කාලේ එළියක තියා කාමරේකවත් ජෝඩුවකට තනි වෙන්න බෑ.
“මේ බැල්මට්ලා උදේ ගස් උඩ තියෙන වීඩියෝ කැමරා “ඕන්” කරනවා. කැලේට එන මොන මල්ලිද හිතන්නේ ගස් උඩ වීඩියෝ වෙනවා කියලා.

හැබැයි මල්ලිලා නංගිලා ඇවිත් තුරුළුවෙලා, කරන හැම සෙල්ලමක්ම හරි ලස්සනට රෙකෝඞ් වෙනවා.
මේ කාලය තුළ බැල්මට්ලා ඈත ඉඳන් ඒ දිහා බලනවා මිස ඒ පළාතකටවත් එන්නේ නෑ.
ඊට පස්සේ මොකද වෙන්නේ…?
“මහත්තයෝ… මේක බිස්නස් එකක්. මේ අය පටිගත කළේ නියම නැචුරල් දර්ශන පෙළක්.
මේ දර්ශනවලට ලෝභ බැන්ද ලොකු ලොකු මහත්තුරු ඉන්නවා.
එයාලා දේශීය-විදේශීය සංදර්ශනාත්මක බ්ලූ බලලා තිත්ත වෙච්ච අය. පුදුම විදිහට “නිල්” චිත්රපටිවලට ඇලුණු අය.
ඒ අයගේ ඩීලර්ස්ලා මාර්ගයෙන් මේ කැලේ සිද්ධ වන පටිගත කිරීම් “බ්ලූ සීඩී” විදිහට පැය භාගෙට, පැයට සංස්කරණය වෙලා විකිණෙනවා.

බැල්මට්ලා මේ සී.ඩී. එකක් විකුණන්නේ රුපියල් තුන් හාරදාහට. දවසට එකක් දෙකක් කරගත්තොත් ඇති. හැබැයි මේ “සීන්” එක හැමෝටම රහසක්… එකාට එකා දන්නේ නෑ.
ලොකු මහත්වරුන් අතරට මේ සීඩී ගෙනියන අයත් ඉන්නවා.
ඒ සී.ඩී. වලින් බ්ලැක් මේල් වෙච්ච නංගිලා මල්ලිලාත් ඉන්නවා.
ඒ නිසා අපිනම් කියන්නේ කැලේට යන එක පරිස්සමින් කියලයි. උඩින් විතරක් නෙවෙයි හතර වටින්ම ඔයාලා වීඩියෝ රෙකෝඞ් වෙනවා.

ඒ නිසා කෝකටත් පරිස්සම හොඳයිනේ.
අනවශ්ය දේකින් ඔබ බ්ලැක් මේල් වුණොත් ඒක මුළු ජීවිතේටම ප්රශ්නයක්.
ඒ වගේම මේ නිල් චිත්රපට විදේශිකයන්ට විශාල මුදල් වලට විකුණනවා.
ගණිකාවන් සැපයීමට පෙර පළමු උපක්රමය තමයි ලංකාවේ මෙවැනි රහස් චිත්රපට විදේශිකයන්ට විකිණීම.
අපි දන්න මේ වගේ බ්ලැක් මේල් සිද්ධි ගොඩක් තියෙනවා.

කැලේට-කාමරේට යන නංගිලා මල්ලිලා දන්නේ නෑ එයාලගේ ෆොටෝ, වීඩියෝ එළියට ඇවිත්… ඒ නිසා පරිස්සමින් ආදරේ කරමු.
අතුල මහතා අනතුරක ලකුණක් දෙයි.
සීමාවන් දැනගෙන වැඩ කරන්න
ලිංගික තෘප්තිය පුද්ගලයා විඳිය යුතු ප්රධානම ආස්වාදය බවට පිළිගන්නා තරුණ සමාජයක් දැන් නිර්මාණය වී ඇත.
මෙය විවිධ බහු මාධ්යයන් තුළ උඩට පැමිණි මොහොතක ප්රේමය-ආදරය ආදී උතුම් හැඟීම් මනුෂ්ය චිත්ත සන්තානයෙන් තුරන් වී යන තැනට පැමිණ ඇත.
යමෙක් ආදරය කිරීම සඳහා කාමරයට යනවා නම්, කැලෑවක් තුළට රිංගනවා නම්, ඒ තුළදී නිරුවත් වෙනවා නම්, එහි ලිංගිකත්වයක්, කාමුක හැඟීම් සමුදායක් මිස සාහිත්යය තුළදී අපි දකින නියම ආදරයක් නැත.
ඒ අනුව ආදරය-ප්රේමය මුවාවෙන් සමාජය ශීඝ්රයෙන් යොමුවීගෙන යන්නේ රැල්ලක් ලෙස පවතින්නා වූ කාමුක සිදුවීම් පෙළක් වෙතය.
මෙය දීර්ඝ කාලයක් තිස්සේ සමාජය විසින් ආක්රමණය කරන ලද ක්රියාවලියකි.
ඒ තුළ පෙම්වතියට අසවල් දේවල් නොකළොත් තමන් සාර්ථක පුද්ගලයකු නොවන බවට වන මතයක්ද ඇති වී ඇත.
මෙවැනි අදහස්වලින් තරුණ සමාජය ගිලගෙන ඇති අවස්ථාවක විවාහයට පෙර තරුණියන් දූෂණය වීම, බිඳ වැටීම, අනියම් සබඳතා පැවත්වීම ආදී ප්රවාහයන් රැසකට පුද්ගලයා පෙළැඹී ඇත.

විශේෂයෙන් වත්මන් තරුණ පරම්පරාව තුළ අසීමිත බලාපොරොත්තු හමුවේ ඇතිවූ අපේක්ෂා භංගත්වය, නියම ආදරය නොලැබීම මත තමන්ට පහසුවෙන් ලබා ගත හැකි
ලිංගික තෘප්තියක් වෙතද යොමුවී ඇත. නූතන තරුණයා එතැනට තල්ලු වී ඇත.
ඊළඟට නවීකරණය වන සමාජයේ මිනිසාගේ සිත හා කය පිනවන අවස්ථා වේගවත් වී ඇත.
ඒ සඳහා යාන්ත්රීකරණ පසුබිමක් නිර්මාණය වී ඇත. එහි හොඳ නරක දකිනවාට වඩා සමාජය පුරුදු වී ඇත්තේ ‘මේවා සාමාන්ය දේවල්’ ය යන මනැසින් දැකීමටය.
“මෙහෙම කරන්නේ අපි විතරක් නෙවෙයි, හැමෝම කරන දේවල්” හැටියට තරුණ පරම්පරාව හිතන තැනට බය-සැක නැතිව පිළිගන්නට පෙළැඹී ඇත.
ඒ අනුව නූතන තරුණයා සේම නූතන තරුණියද තනිවීම හා ලිංගික තෘප්තිය විඳිය යුතුය.
ඒ සඳහා සුදුසු තැන් සොයා යා යුතුය යන තැන නැවතී ඇත. මෙය අතිශය භයානක තත්ත්වයකි.
එබැවින් සෑම දෙමාපියකුම තමන්ගේ දරුවන් යන එන තැන් ගැන අවධානයෙන් විමසිල්ලෙන් සිටිය යුතුය.
දරුවන් අවුරුදු 18 ඉක්ම වූවා කියා මාපිය අවධානය අහිමි වීම වර්තමානයේ කාම රැල්ලට සීඝ්රයෙන් යොමුවීමට එකම හේතුවක් වී ඇත.
එවැනි කාම රැල්ල තුළ ඔබගේ අහිංසක-දුව-පුතා හැසිරෙන හැටි විවිධ කල්ලි විසින් වීඩියෝ කර ඡායාරූප ගත කර විකුණන ආදායම් මාර්ගයන් බවට පෙරළී ඇත.
ඇතැම්හුගේ පරම ආදායම් මාර්ගය රහසේ සිදුවන ලිංගික කටයුතු ඔස්සේ මුදල් ඉපැයීමය.

එවැනි දේ ඔබේ දරුවන් බ්ලැක්මේල් කර හෝ අදායම් ලබන කල්ලි නිර්මාණය වී ඇත. ලංකාවේ සංචාරකයන්ට මෙවැනි පට විකුණන තැනට පත් වී ඇත.
විශේෂයෙන් නිසි අධ්යාපනයක් නොලද යම් මුදලක් උපයාගෙන රටේ සාමාන්ය වැසියන් පරිදි ඇවිදින්නට එන විශාල සංචාරකයන් ප්රමාණයක් නිර්මාණය වී ඇත.
ඔවුන්ගේ මුදල් උපක්රමශීලීව ලබා ගැනීමට කාණ්ඩයම් නිර්මාණය වී ඇත. ශ
ශ්රී ලංකාවේ කාන්තාවන් ගණිකාවන් ලෙස සැපයීමට මාධ්ය වශයෙන් පළමුව කාමුක රහස් සීඩී අලෙවිය අද වේගවත් බව පෙනෙන්නකි.
මෙවැනි තත්ත්වයක් රටේ සංචාරක ක්ෂේත්රයටද බාධාවකි.
මෙවැනි විසම සමාජයකදී මේ කිසිවක් නොදන්නා තරුණ තරුණියන් විවිධ කල්ලිවල ග්රහණයට යන එන තැන් වලදී හසුවීම අරුමයක් නැත.

එබැවින් තමන්ගේ සීමාවන් දැනගෙන කටයුතු කිරීම, අනවශ්ය කරදරවලට පත් නොවීමට හේතුවන බව නිතර මෙනෙහි කළ යුතුය.
තොරතුරු: පේරාදෙණිය විශ්වවිද්යාලයේ සමාජ විද්යා අධ්යයන අංශයේ මහාචාර්ය දයා අමරසේකර