භවය වනසන පරදාර සේවනය

කුසුම්පුරය නමින් යුතු පාටලී නගරය මේ මහ පොළවට ආභරණයක්‌. ශාක්‍ය කුලයේ උපන් ගුණවත් භික්‌ෂුණින් දෙනමක්‌ ඒ නගරයේ සිටින්නීය. එක්‌ භික්‌ෂුණියකගේ නම ඉසිදාසී. අනෙක්‌ භික්‌ෂුණිය බෝධි නම් වූවාය. ඉසිදාසි තෙරණිය සහ බෝධි තෙරණිය සිල්වත් මෙන්ම ගුණවත්ද වූවෝය. ඒ තෙරණියෝ දෙදෙනාම නිතරම ධ්‍යාන සැපයෙන් වාසය කරති. මෙම නිකලෙස්‌ තෙරණියෝ දෙනම, බුදුසමිඳුගේ සද්ධර්මය බොහෝ අසා ඒ ඇසූ ධර්මය දරාගෙන සිටින්නෝය.

දවසක්‌ ඒ භික්‌ෂුණි දෙනම පිණ්‌ඩපාතයේ වැඩම කර දන් වළඳා ඉන්පසුව දෙපා සෝදාගෙන විවේක තැනක සුවසේ සිටියදී මෙසේ කතාබහක්‌ ඇතිවිය.

‘ආර්ය වූ ඉසිදාසී, ඔයා හරිම ලස්‌සන තරුණ වයසේ ඉන්න කෙනෙක්‌. ඉතින් ඔබතුමිය මහණ වෙන්න කල්පනා කළේ ගිහි ගෙදරදී කොයි ආකාරයේ දෝෂයක්‌ දැකද?’

බෝධි තෙරණිය විසින් විවේක සුවයෙන් ඉන්න අතර මෙසේ ඉසිදාසි තෙරණියගෙන් විමසා සිටිය අවස්‌ථාවේ දහම් දෙසීමේ දක්‌ෂ වූ ඉසිදාසි තෙරණිය මේ ලෙසින් පිළිතුරු දෙන ලදී.

‘එහෙම නම් බෝධි තෙරණියනි. මම මහණ වුණු ආකාරය අහන්න. මගේ පියා උදේනි නගරයේ ඉන්න සිටුවරයෙක්‌ ඒ වගේම සිල්වත් කෙනෙක්‌. මම ඒ අයගේ එකම දුවයි ඒ නිසා ඒ අයගේ හැම ආදරයක්‌ම මට ලැබුණා. මේ අතර සාකේත නගරයේ උසස්‌ කුලයකින් මට මංගල යෝජනාවක්‌ ඉදිරිපත් කර එවා තිබුණා. ඒ සිටුවරයාත් බොහොම වස්‌තුව තිබුණ කෙනෙක්‌. එම නිසාම එම සිටුතුමාගේ ලේලිය වශයෙන් මාව මගේ තාත්තා විවාහ කර දුන්නා. ඉතින් මම නැන්දයි, මාමයි ළඟට උදේ සවස ගිහින් ඒ අයගේ දෙපා වැන්දා. ඒ වගේම මම කෙරුවේ ඔවුන් කියන දෙයක්‌ විතරමයි.

මම මගේ ස්‌වාමියාට හරි එයාගේ සහෝදර සහෝදරියන්ට හරි ඒ කවුරුන් හෝ දැක්‌කොත් ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිට ඒ අයට වාඩිවෙන්න දෙනවා. කෑමෙන්, බීමෙන් වුණත් කැවිලි පෙවිලිවලින් වුණත් ඒ අය කැමැති දේවල් හදල දීල මම ඒ අයව සතුටු කළා. ඒ විදියට ඒ අයට හොඳට සැලකුවා. අවශ්‍ය දේ වෙලාවට හොයා බලා උපස්‌ථාන කළා. මම මගේ අතින්ම සැමියාගේ දෙපා සෝදලයි ගෙට ගන්නේ. ස්‌වාමියා ළඟට මම යන්නේත් වැඳගෙනයි. මම පනාව, සුවඳ විලවුනුත් වර්ගත් වෙනත් දේවලුත් කණ්‌නාඩියත් අරගෙන සැමිය ළඟට යනවා මගේ අතින්ම මගේ සැමියාව මා සැරසුවේ. මම මගේ අතින්ම බත් ඉව්වා, හැලි වළං හේදුවා. හරියට අම්ම කෙනකු තමන්ගේ එකම දරුවකුට සලකනවා වගේමයි මම සැමියාට කටයුතු කළේ. නමුත් මම එයාට කොයි තරම් ආදරයෙන් වැඩකාරකම් කරගෙන හිටියත්, නිහතමානීව සොයා බලා කටයුතු කරගෙන සිටියත්, කම්මැලි නැති සිල්වත් ජීවිතයක්‌ ගෙවන මටමයි සැමියා බනින්නේ. අන්තිමේදී එයා ඒගොල්ලන්ගේ දෙමාපියන්ට මෙහෙම කිව්වා. “මම යනවා මේ ගෙදර අතහැරලා. මට මේ ඉසිදාසිත් එක්‌ක පවුල් කන්න ඕනකමක්‌ නෑ”.

එවිට සැමියාගේ දෙමාපියන් මෙහෙම පවසා සටියා.

“පුතේ එහෙම කියන්න එපා. ඔය ඉසිදාසි ඤාණවන්ත කෙනෙක්‌. වාසනාවන්ත කෙනෙක්‌. වීර්යවන්ත කෙනෙක්‌. කම්මැලි නැහැ. ඉතින් පුතේ ඔයා මොකද ඉසිදාසිට මේතරම් අකමැති?”

එවිට සැමියා, “ඔව් ඇය මට වරදක්‌ කළේ නැහැ. නමුත් මට ඉසිදාසිත් සමග ඉන්න ඕනකමක්‌ නැහැ. මට ඇයව අප්පිරියයි. මට ඇගෙන් වැඩක්‌ නැහැ. එහෙම නම් මම ඔයගොල්ලන්ටත් නොකියාම මේ ගෙදරින් යන්න යනවා”.

එවිට නැන්දයි, මාමයි එයාගේ වචනය පිළිගත්තා. ඉන්පසුව ඒ අය “දරුවෝ ඔයා මොකක්‌ද අපේ පුතාට කළ වැරැද්ද. සැක කරන්නේ නැතිව අපට කියන්න” යෑයි මගෙන් ඇසුවා.

“මම එයාට වරදක්‌ කළේ නැහැ. හිංසාවක්‌ කළේ නැහැ. වැරැදි වචනයක්‌ කියලත් නැහැ. ආර්යාවෙනි, ඉතින් එයා මේ තරම් මාත් එක්‌ක තරහ වුණාට මම මොකද කරන්නේ” කියා මම පැවැසුවා.

“අපේ පුතාව රැක බලාගෙන හිටිය ලස්‌සන ලක්‌ෂ්මීව අපේ පවුලට නැතිවුණා” කියලා ඒ දෙමව්පියෝ මාව ආයෙමත් අපේ තාත්තා ළඟට යෑව්වා.

ඒ වතාවේ මගේ තාත්තා අපට වඩා බදු ආදායම් භාගයක්‌ ලැබෙන ධනවත් පවුලකට මාව බන්දලා දුන්නා. මාසයයි මම ඒ ගෙදර හිටියේ. මම කීකරු දාසියක්‌ වගේ උපස්‌ථාන කරද්දී ද්‍රෝහිකම් නොකරද්දී සිල්වත්ව සිටියදී, එගෙදරිනුත් මාව අයින් කළා. අන්තිමේදී මගේ තාත්තා සිඟමනේ ඇවිදගෙන ගිය ඉඳුල් කකා ඉන්න මිනිහෙක්‌ එක්‌කගෙන ආවා.

“ළමයෝ ඔය රෙදි කඩමාල්ලයි, ඔය තැටියයි විසි කරපන්. මගේ දියණියගේ ස්‌වාමියා බවට පත්වෙයන්” කියලා කිව්වා.

ඒ මනුස්‌සයා මමත් එක්‌ක ටික කලක්‌ සිටියා. එයත් මාව අත්හැරලා ගියා. එයා යන දවසේ තාත්තාට මෙහෙම කිව්වා. “මගේ රෙදි කඩමල්ලයි, මගේ තැටියයි මට ආපසු ඕන. මම ආපසු සිඟාකන්න පටන් ගන්නවා”. එවිට අම්මයි, තාත්තයි එයාට මෙහෙම කිව්වා. “මේ ගෙදරින් ඔයාට මොනවාද ලැබෙන්නේ නැත්තේ? ඕන දෙයක්‌ කියන්න හරිගස්‌සලා දෙන්නම්”.

එහෙම කියද්දිත් එයා මෙන්න මෙහෙම කිව්වා. “නෑ මට ජීවත්වෙන්න තාම හයිය තියෙනවා. මට මේ ඉසිදාසිගෙන් වැඩක්‌ නැහැ. මට ඉසිදාසිත් එක්‌ක පවුල් කන්නට ඕනකමක්‌ නැහැ”. ඒ ඉඳුල් කන මනුස්‌සයත් මාව දාලා ගියා. ඉතින් මම තනියම හිතන්න පටන් ගත්තා. එක්‌කෝ මම කාටවත් නොකියා දිවි නසා ගන්නවා. එහෙම නැත්නම් මම මහණ වෙනවා.

දවසක්‌ ආර්යවූ ජිනදත්තා භික්‌ෂුණිය පිණ්‌ඩපාත වඩින ගමන් අපේ ගෙදරටත් වැඩියා. ඒ භික්‌ෂුණිය විනයධර, බහුශ්‍රෑත බොහොත සිල්වත් කෙනෙක්‌. ඒ භික්‌ෂුණියට අපි සිටිය ආසනේ වාඩිවෙන්න පිළියෙළ කළා. එතන ඉඳගත්ත ඒ භික්‌ෂුණියගේ දෙපා වැඳ දානය පූජාකරගත්තා. දන්පැන්වලිනුත් කැවිලි-පෙවිලිවලිනුත් එයාට සැලකුවා. “ආර්යාවෙනි, මමත් කැමතියි මහණ වෙන්න” කියලා මම කිව්වා. ඒ වෙලාවේ තාත්තා මට මෙසේ කිව්වා.

“දුවේ ඔයා මේ ගෙදර ඉඳගෙනම ධර්මයේ හැසිරෙන්න. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දාන මානවලින් සලකන්න”.

ඒ වෙලාවේ මම තාත්තා ළඟ වැඳගෙන හඬා වැටුණා. “නෑ මම කරගත් පව් තමයි මේ. මමම ඒ පව් ගෙවල අවසන් කර දමනවා”. ඉන්පසුව මගේ තාත්තා මෙහෙම කිව්වා “නර ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ යම් උතුම් ධර්මයක්‌ අවබෝධ කළා නම් දුවේ ඔයත් ඒ උතුම් ධර්මයට පැමිණ අවබෝධය ලබාගන්න. නිවනට පත්වෙන්න”.

මම දෙමාපියන්ටත්, නෑදෑ පිරිසටත් වන්දනා මාන කළා. ඔන්න ඉතින් මමත් මහණ වුණා. මහණවෙලා හත්දවසින් මමත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා. පෙර විසූ ජීවිත දැක ගැනීමේ ඤාණය (පුබ්බේ නිවාසනුස්‌සති ඤාණය), අනෙක්‌ අයගේ චුතියත් උප්පත්තියක්‌ දැක ගැනීමේ හැකියාව (චුතුපපාත ඤාණය), සියලුම කෙලෙස්‌ ප්‍රහානය කිරීමේ ඤාණය (ආශ්‍රවක්‌ෂය ඤාණය). මට පුළුවන් වුණා මේ ජීවිතයේ විපාක වින්දේ ඒ කාලයේ කළ පවකටයි. මම ඔබතුමියට ඒ ගැන කියන්නම් හොඳට අහගෙන ඉන්න.

මීට ආත්මභාව හතකට කලින් ඒරකච්ඡ නගරයේ ගොඩක්‌ ධනය තියෙන රන්කරුවෙක්‌ වෙලා මම හිටියේ. මම තරුණකමින් මත්වෙලා හිටියේ. මම නොයෙක්‌ කාන්තාවන් පස්‌සේ ගියා. මම ගතකළේ සල්ලාල ජීවිතයක්‌. ඒ ජීවිතය අවසානයේදී මම (මැරිලා) මනුස්‌ස ලෝකයෙන් චුතවෙලා ඉපදුනේ නිරයේ. නිරයේ ඉපදුන මම නිරයේ ගොඩක්‌ දුක්‌ වින්දා. එම නිරයෙන් චුතවුණාට පසුව මම උපන්නේ වැඳිරියකගේ කුසේ. ඒ වැඳිරියගේ කුසෙන් ඉපදිලා දවස්‌ හතයි ඒ වඳුරු රැළේ හිටපු නායක වඳුරා මගේ පුරුෂ ලිංගය හූරලා දැම්මා. “පර ස්‌ත්‍රීන් සේවනය කළ කර්ම විපාකය තමයි මා ඒ වින්ඳේ. මම බොහොම බයාදු වඳුරකු හැටියට බොහෝ කල් හිරිහැර වින්දා.

මම එතැනින් මැරී සින්ධව වනයේ හිටිය එක ඇහැක්‌ අන්ධ වුණු කුදු ගැහිච්ච බූරු දෙනකගේ කුසේ ඉපදුණා. මම ඉපදුණාට පසුව කුඩා කාලයේදීම මිනිසුන් මාව අල්ලාගෙන ගිහින් මගේ කර අඹල මගේ රහසඟේ ඇට තැලුවා. ඉන්පසුව මම දොළොස්‌ අවුරුද්දක්‌ දරුවන් පිටේ තියාගෙන ඇවිද්දා. නමුත අර ඇට තලපු තැන තුවාලවෙලා තිබුණේ. ඒ තුවාලෙට පණුවො ගහලා මම ලෙඩ වුණා. මම ඒ වින්ඳේ පරස්‌ත්‍රීන් සේවනය කළ එකේ විපාකයි.

මම එතනින් මැරී ඉපදුණේ හරක්‌ වෙළෙන්ඳෙක්‌ ළඟ හිටපු ගවදෙනකගේ කුසේ. මම රතුපාට වුණු වහු පැටියෙක්‌ හැටියට මේ ලෝකයේ එළිය දුටුවා. බොහොම සතුටින් ඉන්න විට දෙළොස්‌වැනි මාසයේදී අර විදිහටම මගේ ලිංගයේ ඇට තැලුවා. ඉන්පසුව මම නගුල් උස්‌සාගෙන ගියා දවස පුරාම හෑවා. ගැල්බර කර තියාගෙන ගියා ඇති තරම් බර ඇද්දා. අන්ධයෙක්‌ වගේ මම පරස්‌ත්‍රීන් සේවනය කළ නිසා මම අන්ධවී ලෙඩවී ගියා.

මම එතනින් මියගොස්‌ නගරයේ වීදියේ දාසිකයගේ කුසේ තමයි ඒ අවස්‌ථාවේ මම උපන්නේ. පරස්‌ත්‍රීන් සේවනය කිරීමේ විපාක බලන්න. ඒ අවස්‌ථාවේ මම ඉපදුණේ ගැහැණියකුත් නොවේ. පිරිමියකුත් නොවේ. නපුංසකයෙක්‌ හැටියටයි. එහෙම ජීවත්වෙලා හාස්‍යයට උපහාසයට ලක්‌වෙවී සිට අවුරුදු තිහේදී මම මැරුණා. එතනින් මියගිහින් මම ඉපදුණේ ස්‌ත්‍රියක්‌ හැටියට ණය බරින් මිරිකී ගිය ගැල්බර ගෙනගිය පවුලකයි. මම ගොඩක්‌ දුක්‌ වින්දා. අපි ගත්ත ණය ගෙවාගන්න අම්මට, තාත්තට බැරිවුණා. ගැල්නායකයා අපේ ගෙදරට ඇවිදින් ණය හිලව් වෙන්න කියලා මම අඬද්දී මාව බලහත්කාරයෙන්ම අරගෙන ගියා. එවිට මට වයස අවුරුදු දහසයයි. මම තරුණයි. ඒ ගැල් නායකයාගේ පුතෙක්‌ හිටියා ගිරිදාස කියලා. එයා මාව තමන්ගේ ගෙදරට කැඳවාගත්තා. ඒ ගැල් නායකයාගේ පුතාට (ගිරිදාසට) හිටියා හොඳ සිල්වත් ගුණවත් ස්‌වාමි භක්‌තිය තිබෙන බිරිඳක්‌. මට ඈ ගැන ඉරිසියා හිතුණා. ඉතින් මම කළේ ඒ බිරිඳ ගැන ගිරිදාස කිපෙන විදිහට නිතර කටයුතු කිරීමයි.

මම දාසියක්‌ වගේ ස්‌වාමියාට උපස්‌ථාන කරද්දී, ස්‌වාමියා මාව අත්හැරලා යන්නේ ඒ අකුසල කර්මයේ විපාක වශයෙනුයි. ඉතින් මම දැන් ඒ කර්මයත් අවසන් කළා”.

ඉසිදාසි රහත් තෙරණියගේ කතාව – ථේර ථෙරී ගාථා (චත්තාලිස නිපාතෝ)

ස්නායු වෛද්‍ය විද්‍යාවට නව මංපෙත් පෑදු බිහිසුණු අනතුර

1823 දී උපත ලබන පීනියාස් ගේජ් (phinias gage) තරුණ වියේදී සිය ජීවනෝපාය ලෙස තෝරා ගන්නේ කම්කරු වෘත්තියයි. වෘත්තියෙන් ඔහු දුම්රිය මාර්ග ඉදි කරන්නෙකි. 1848 දී ඔහු රුත්ලන්ඩ් සිට බර්ලිංටන් දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සදහා එක් වී සිටි අතර 1848 සැප්තැම්බර් 13 වන දින ඔහුගේ ජීවිතයට පමණක් නොව මුලු ලොවටම එක් දෛවෝපගත දිනයකි.

එදින ඔහු ඇතුළු කණ්ඩායමට භාරව තිබුනේ ඉදි කිරීමට සැලසුම් කරන ලද දුම්රිය මාර්ගය හරහා මහා බාධකයක්ව පැවති පර්වතය පුපුරන ද්රව්ය යොදා පුපුරුවා හැරීමයි. මේ සදහා පර්වතය මුදුනට නැගි ගේග් ඔහුගේ යකඩ කෙටුම් කුරෙන් ගලේ සිදුරක් සාදා ඊට වෙඩි බේත් දැමීය. ඔවුන්ගේ අරමුණ වුයේ නොබෝ වේලාවකින් වෙඩි බෙහෙත් පත්තු කර ගල පුපුරවා හැරීමයි. මේ වන විට විදින ලද සිදුරට වෙඩි බෙහෙත් දමා යකඩ කුර පැවතියේ සිදුර තුළය.

නමුත් ඔවුන් නොසිතු මොහොතක ගල පුපුරා ගියේය. ඒ වන විට ගල මුදුනෙහි තිබු යකඩ කෙටුම් කුර පිපිරිමෙන් ඉහළට විසිවී පතිත වුයේ බිමට නොව ගේජ් ගේ හිස මතටය.

මින් ගේජ් ගේ හිස දරුණු ලෙස තුවාල ලැබීය. 3.2 cm විෂ්කම්භයෙන් යුත් 1.1m ක දිගින් යුතු වු 6km බර යකඩ කෙටුම් කුර ගේජ් ගේ හිසේ වම් වම් කම්මුලෙන් (left cheekbone) ඇතුළු වී මොළයේ වම් අර්ධ ගෝලය පසාරු කරමින් වම් ඇසට පිටුපස පෙදෙසින් එළියට විත් තිබුණි. ගේජ් ගේ හිස පසාරු කළ යකඩ කෙටුම් කුර ඔහු සිටි තැනින් 30ම් පමණ දුරකින් පසුව සොයාගනු ලැබීය.

මෙම බිහිසුණු අනතුර හමුවේ ගේජ් බිමට ඇද වැටුනද නැවතත් ඔහු විනාඩියක කාලයක් තුළ නැගි සිටි ඔහු රොහලට ඔහුව ගෙන යමින් සිටි කරත්තය තුළ සිට තමන්ට මුහුණ පෑමට වු සිද්දිය මෙනෙහි කරමින් පවා සිට ඇත. අනතුරෙන් දැඩි ලෙස තුවාල ලැබු ඔහුව ඔහුගෙ නවතැනට රැගෙන යන අතර ඔහුට වෛද්ය ප්රතිකාර කිරීම සදහා වෛද්ය ජෝන් හාර්ලෝ (Dr John Harlow) නවාතැන වෙත පැමිණේ.

වෛද්යවරයා තුවාලය පිරිසිදු කර බිදී තිබු හිස් කබලේ කොටස් එකතු කර එය නැවත සකසා තුවාලය චෙලුම් පටි වලින් ආවරණය කර ඇත. නමුත් ඔහුගේ ජීවිතය අනතුරේ දමමින් ඔහු දිලීර ආසාදනයකට ගොදුරු වී ඇති අතර මේ හේතුවන් ඔහු අර්ධ කොමා තත්වයකට පත් වී ඇත. ඔහුගේ පවුලේ අය සහ හිත මිත්රාදීන් ඔහුගේ ජීවිතය පිළිබද බලාපොරොත්තු අත් හැරගෙන තිබුනද වෛද්යවරයාගේ දැඩි උත්සහය මත එම වසරේම නොවැම්බර් මස මැද භාගය වන විට ගේජ් සුව වී නැවත සිය නිවස වෙත යාමට තරම් වාසනාවන්ත විය.

1849 අප්රේල් මස වන විට ගේජ් සම්පුර්ණ සුවය ලබන නමුත් අනතුර හේතුවෙන් ඔහුට ඔහුගේ වම් ඇසේ පෙනීම අහිමි වේ.

1868 දී Dr. Harlow ගේජ් ගේ වර්තමාන මානසික තත්වය පිළිබදව වාර්තාවක් සකස් කළ අතර ඊට අනුව අනතුරෙන් පසු ගේජ් ගේ හැසිරීම් රටා ඔහුගේ අන්තර් පුද්ගල සබදතා වල ස්වරුපය සහ ඔහුගේ පෞරුෂ ලක්ෂණ දැඩි ලෙස වෙනස් වී තිබේ. අනතුරෙන් පසු ඔහු ඉතා කළහකාරී පුද්ගලයෙක් බවට පත් වී ඇති අතර නිරන්තරයෙන් අශික්ෂිත අසභ්ය වචන වලින් සුලු දේටත් බැණ වැදී ඇත. වාර්තාවට අනුව ඔහුගේ පවුලේ අය සහ ඔහුගේ හිත මිත්ර ආදීන් පවසා ඇත්තේ අනතුරෙන් පසු ගේජ් තවදුරටත් ගේජ් නොවු බවයි.

අනතුර නිසා ඔහුගේ පූර්ව ලලාට බාහික ප්‍රදේශය ට සිදු වු හානි හේතුවෙන් මෙලෙස ඔහුගේ සමාජ කුසලතා සහ සමාජ්ශීලි බව නැති වී ගොස් ඔහුගේ පෞරුෂ ලක්ෂණ සහ හැසිරීම වෙනස් වී ඇත.

ගේජ් ගේ අනතුර හා සම්බන්ධ මෙම සිද්දිය ස්නායු විද්‍යාඥන්ට තීරණ ගැනීමෙ කාර්යට හා සමාජ ප්රජානන හැකියා (social cognition skills) සදහා ලලාට බාහිකය විසින් ඉටු කරන කාර්යභාරය පිළිබදව පළමු සාක්ෂිය සපයන ලදී. මේ අනුව පෞරුෂය සහ හැසිරීම තීරණය කරන්න බවට හමු වු පළමු සාක්ෂිය වන්නේ ගේජ් ගේ අනතුර හා සම්බන්ධ සිද්දියයි.

ඒඩ්ස් මාරාන්තිකයි!

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දෙසැම්බර්  පලවනදා ලෝක ඒඩ්ස් දිනය ලෙස නම් කොට තිබෙනවා. මෙවර ලෝක ඒඩ්ස් දින තේමාව වුයේ “Right to Health” යන්නයි. මෙමගී ලොව පුරා වාසය කරන මිලියන 36.7 වැනි HIV ආසාදිත පුද්ගලයින් මෙන්ම අසාදනයට ලක්විනේ අවදානමට ලක්ව ඇති පුද්ගලයින්ගේ ජීවන තත්වය ඉහල නංවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණු සාක්ෂාත් කරගැනීමට බලාපොරොත්තු වෙනවා.

එයට සමගාමීව මෙවර  ශ්‍රී ලංකාවේ ඒඩ්ස් දින තේමාව වූයේ ‘මවගෙන් දරුවාට ඒඩ්ස් සම්ප්‍රේෂණය වලක්වමු – Elimination of mother to child transmission of HIV’ යන්නයි. ඒ අනුව රජය මගින් දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක්ම දිවයින පුරාම සංවිධානය කොට තිබුණා. වර්ෂ 2025 වනවිට ශ්‍රී ලංකාවෙන්  මවගෙන් දරුවාට ඒඩ්ස් සම්ප්‍රේෂණය තුරන් කරලීමට සෞඛ්‍ය අමාත්‍යංශය බලාපොරොත්තු වෙනවා.

 

ඒඩ්ස් රෝගයේ ඉතිහාසය

මීට අවුරුදු 30කට පමණ පෙර HIV(  https://en.wikipedia.org/wiki/HIV ) වෛරසය ලොව පුරා වසංගතයක් ලෙස පැතිරෙන්න පටන් ගත්තා. සැමගේ විශ්වාසය වන්නේ 1920දි පමණ කොන්ගෝ ජනරජයෙන් මෙය පැතිර යාම ආරම්භ වූ වගයි. චිම්පන්සින්ගෙන් මෙය මිනිස් වර්ගයාට බොවූ බවට සාක්ෂි තියෙනවා. නමුත් 1980 පමණ වනතුරු මෙය මිනිසාට ආසාදනය වි ඇති බව සොයාගැනීමට නොහැකිවූයේ රෝග ලක්ෂණ පහසුවෙන් හදුනා ගැනීමට නොහැකි නිසාය.කෙසේ හෝ ඒඩ්ස් 1980 වනවිට උතුරු ඇමෙරිකාව,දකුණු ඇමරිකාව, යුරෝපය,අප්‍රිකාව හා ඕස්ට්‍රේලියාව  ආක්‍රමණය කරලා අවසන්. ඒ වනවිට 100,000 හා 300,000 අතර පිරිසක් ආසාදනයට ලක්වී තිබුණා.වර්ෂ 2016 වනවිට මිලියන 18.2 පමණ පිරිසක් ආසාදිතයන් වාර්තා වුයේ දරුවන් 910 000ද ඇතුලත්වයි.

 

එච්.අයි.වී. ලෙස හදුන්වන්නේ කුමක්ද?

ඒඩ්ස් ඇති කරන රෝගය හදුන්වන්නේ  එච්.අයි.වී. නමින්. ඉංග්‍රීසි බසින්  මෙය Human Immuno deficiency Virus නමිනුත්,සිංහල බසින් මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසය නමිනුත් හදුන්වනවා. ඉතා කුඩා වයිරසයක් වන මෙය බලාගන්න පුළුවන් ඉලෙක්ට්‍රොන අන්වීක්ෂයකින් විතරයි.

 

ඒඩ්ස් හැදෙන්නේ කොහොමද?

මානව ප්‍රතිශක්තිකරණ පද්ධතියට කලින් කිව වයිරසය ඇතුළු වුනොත් විෂබිජවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව ශරීරයෙන් බැහැර වෙනවා. ශරීරයේ ආරක්ෂක ක්‍රියාවලිය බිදවැටෙනවා.  එවැනි අවස්ථාවකදී ඕනෑම විෂබිජයකට ශරීරයේ රෝග ඇතිකරන්න පුළුවන්. මේ අවස්ථාවට තමයි ඒඩ්ස් රෝගය වැලදුනා කියන්නේ.

 

ඒඩ්ස් රෝගය හැදෙන්න බලපාන කරුණු

රෝගී පුද්ගලයෙක් හා පවත්වන ලිංගික ඇසුරකදී  එච්.අයි.වී. වයිරසය බෝවෙන්න පුළුවන්. ලිංගික සංසර්ගය, මුඛ සංසර්ගය හා ගුද සංසර්ගයේදී මේ රෝගය බෝවෙන්න ඉඩ තියෙනවා. නවතම වාර්තාවලට අනුව සමලිංගික ආශ්‍රය නිසා ලංකාවේ ඒඩ්ස් රෝගය පැතිර යන අවදානම ගොඩක් ඉහල ගිහින්. විශේෂයෙන්ම අදාළ පුද්ගලයා හර්පීස් වගේ රෝගයකින් පෙළෙනවා නම් දැනටමත් සැම තුවාල වෙලා නිසා  එච්.අයි.වී. වයිරසය ලේසියෙන්ම අසාදනය වෙන්න පුළුවන්.

ඊට අමතරව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුන එච්.අයි.වී. රෝගීන් භාවිතා කරන එන්නත් කටු මගින් මෙම රෝගය බෝවෙන්නත් පුළුවන්.

මවගෙන් තම කුස තුල ඉන්න දරුවාටත්, ආසාදිත මවක් මව් කිරිදිමෙනුත් මෙම රෝගය බෝවෙන්න පුළුවන්. නමුත්,කලින් මවගේ රෝගය හදුනා ගැනීමෙන් දරුවා ආසදිතයක් නොවී බේරගන්නත් දැන් හැකියාව තියෙනවා.

අසාදිත රෝගියකුගේ රුධිරය පරාවිලයනය මගිනුත් මෙම රෝගය පැතිරෙනවා.වෛද්‍ය කාමලිකා අබේරත්න මිය එවන් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන්න අයෙක්.

ආසදිතයකු භාවිතා කල රේසර්,බ්ලේඩ් හා දත් බුරුසු මගිනුත් මේ රෝගය බෝවෙන්න පුළුවන්.

 

එච්.අයි.වී. ආසාදනය වෙලා කියලා හදුනා ගන්නේ කොහොමද?

මේක දුනා ගන්න පුළුවන් එකම ක්‍රමය රුධිර පරීක්ෂණයක් කිරීමයි. ඉතින් යමෙක්ට කුමක් හෝ නිසා හිතෙනවා නම් මට ඒ රෝගය වැළදිලා කියලා වහාම රුධිර පරීක්ෂාවකට යොමු වෙන්න ඕන.

ඒ සදහා  කොලඹ මහ රෝහලට අනුබද්ධ ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන්, දැන් කොළඹ විතරක් නෙමෙයි කුරුණෑගල ,මහනුවර වගේ රෝහල වලිනුත් මේ රුධිර පරික්ෂාව නොමිලේම කරගන්න පුළුවන්.

ඒඩ්ස් රෝගය ගැන තියෙන මිත්‍යා මත

 ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නේ ඒඩ්ස් හුලගිනුත් බෝ වෙන්න පුළුවන් කියලා.එත්, ස්පර්ශ කිරීමකින්,සිපගැනීමෙන්,එකම වැසිකිලි භාවිතයෙන්,වැලද ගැනීමෙන් විතරක් නෙමයි එකම වීදුරුවෙන් වතුර බීවත් ඒඩ්ස් හැදෙන්නේ නැහැ.

මදුරුවන්ගෙන් වගේම අනිත් කෘමි සතුන්ගෙනුත් ඒඩ්ස් බෝවෙන්නේ නැහැ.

එච්.අයි.වී. අසාදනය වුනොත් එතනින් ඔක්කොම ඉවරයි කියලයි ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නේ.එත් දැන් විද්‍යාව ගොඩක් දියුණු නිසා එච්.අයි.වී. අසාදිතයෙක්ට පුළුවන් ගොඩක් කල් යනකම් එඩ්ස් රෝගයෙන් බේරිලා ඉන්න. ඉතින් එච්.අයි.වී. ධනාත්මකයි කියල සියදිවි හානි කරගන්න ඕන නැහැ.

ඒ වගේම තමයි,දැක්ක ගමන් කෙනෙක්ට ඒඩ්ස් ආසාදිතයි ලියන්න බැහැ.අනිවාර්යෙන්ම රුධිර පරීක්ශණයක් කරන්නම ඕන.

 

එච්.අයි.වී. ආසාදිතයෙක්ට දෙන්න පුළුවන් උපදෙස් මොනවද?

ආසාදිත රෝගියෙක් තමන් ගැන තමන් ලගින්ම ආශ්‍රය කරන අයට කියන්න ඕන. ඒ වගේම ලිංගාශ්‍රිත රෝග පිළිබද සායන කරන අය,පවුල් සංවිධාන සංගමය,ඒඩ්ස් රෝගය නිවාරණයට  සම්බන්ධ ස්වෙච්චා සංවිධාන වල අයගෙන් උපදෙස් ගන්නත් පුළුවන්.

තමන් එච්.අයි.වී. ආසදිතයෙක් නම් අන් ය හා ලිංගික ඇසුර නවත්වන්න ඕන. එන්නත් කටු හුවමාරුවත් එසේමයි.

දැනට ඒඩ්ස් රෝගය සම්පුර්ණයෙන් හොද කරන්න බෙහෙත් නැහැ. එත්, යම් තරමකින් එම රෝගය මර්ධනයට බෙහෙතක් හොයාගෙන තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය ලැබූ එම බෙහෙත truvada නමින් හැදින්වෙනවා.

අනාගතයේදී ඒඩ්ස් හොද කරන්න බෙහෙත් හොයා ගනීවි.නමුත් තාමත් ඒඩ්ස් කියන්නේ මාරාන්තික රෝගයක්. තාමත් බෙහෙත් හොයාගෙන නැති නිසා ඒඩ්ස් ගැන ඉගෙන ගෙන පුලුවන් තරමින් ඒ රෝගය නිවාරණයට කටයුතු කරන්න ඕන. ඒ වගේම එච්.අයි.වී. ආසාදිතයින් සමාජයෙන් කොන් නොකර සිටීමත් අත්‍යාවශ්‍යයි.

 

මුලාශ්‍ර: අන්තර්ජාලය ඇසුරිනි.

 

 

 

ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් බිලි ගත් කළු මරණයේ සාපය

ලෝක ඉතිහාසයේ මිනිස් වර්ගයා ගොදුරු කරගත් විශාලම ව්යසන වලින් එකක් ලෙස මධ්යතන යුගයේ එනම්
1346–1353 අතර කාලයේ යුරෝපය පුරා ව්යාප්ත වු කළුමරණය (Black Death) වසංගතය හැදින්විය හැකිය.

මෙම ලොවක් බිලිගත් වසංගතය පළමු වරට හටගන ඇත්තෙ මධ්යම ආසියාතික ප්රදේශයන් හීය. බොහෝ විට මෙය චීනයෙන් ආරම්භ වුවක් බවට විශ්වාස කෙරේ. නමුත් මධ්යම ආසියාතික ප්රදේශ වලට මෙහි බලපෑම එතරම් දරුණු ලෙස බලපා නොමැත.

මධයතන යුගයේ මෙම කාලය වන විට යුරෝපය හා ආසියාව අතර වෙළෙදාම් කටයුතු ඉතාමත් සාර්ථක ලෙසින් සිදු වෙමින් පැවති අතර සේද මාර්ගය ඔස්සේ දහස් සංක්යාත වෙළෙදුන් යුරෝපයේ සිට ආසියාවටත් ආසියාවේ සිට යුරෝපයටත් සංක්රමණය විය. මෙලෙස මධ්යම ආසියාවේ සිට යුරෝපයට පැමිණෙමින් තිබු වෙළෙද නැවක් හරහා එහි සිටි මීයන් මත ජීවත් වු මැක්කන් මගින් වෙළදුනගේ ශරීර හරහා ප්රථම වරට මෙම වසංගතය 1343 දී ක්රිමියාවට (crimea) පැමිණ තිබේ. ඉන් පසු මෙම වසංගතය මධ්යධරණි මුහුද හරහා යුරෝපයට පැතිර ගොස් ඇති අතර නිරන්තරයෙන් එහි රෝග වාහකයන් වී ඇත්තේ රටින් රටට සංක්රමණයේ යෙදුනු වෙළෙදුන් ය.

මෙකල නිවසක යම් කෙනෙකුට රෝගය වැළඳුනහොත් ඒ පවුලේ අය කළේ රෝගියා නිවසේ තනි කොට දමා නිවසේ කුරුසියක් ඇඳ තබා නිවෙස අතහැර පලාතකවත් නොසිට පලා ගොස් තිබේ. මෙසේ පලායන මිනිසුන් නිසා රෝගය නොතිබුණු පැතිවලටද රෝගය පැතිරිණ. යුරෝපය පුරා මිනිස්සු මිලියන විස්සක් පමණ රෝගයෙන් මියගියහ.

වසංගතය නිසා ලොව පුරා සිදු වූ මුළු මරණ සංඛ්යාව මිලියන 75 කට ආසන්න විය. යුරෝපයේ මරණ මිලියන 25 – 50 පමණ තක්සේරු විය. කළු මරණය මගින් යුරෝපානු ජනගහණය 30% – 60% ප්රමාණයක් මරා දමා තිබේ. මෙමගින් 1400 දී ලෝක ජනගහනය මිලියන 450 සිට මිලියන 350 ත් 375 ත් අතර ප්රමාණයකට අඩු කර ඇත.

මෙය කළු මරණය ලෙස හැදින්වුයේ රෝගීන්ගේ සිරුර පුරා කළු පැහැති පුල්ලි මතු වීමත් එයින් මිය ගිය අයගේ සිරුරු බෙහෙවින් කළු පැහැ ගැනීමත් නිසාය. හට ගත් කළු පුල්ලි පසුව කළු පැහැ ගෙඩි බවට පත් වී ඉන්පසු ඒ සැරව ගෙඩි පිපිරී ලේ ගලන්නට පටන් ගනී. රෝගියා අධික වේදනා විඳිමින්, සිහි විකල් වී මියයයි.

මුල් කාලීනව අඩු නොවන උණ සහ ලේ වමනය කිරීම වැනි රෝග ලක්ෂණ ඉස්මතු වීම සිදු විය. මීට ගොදුරු වූ කෙනෙක්ට දින තුනකින් සිය දිවිය අහිමි විය. වසංගතයේ මීළග අදියරය ලෙස වැසියන්ට ග්රන්ථි මහාමාරිය වැළදීම සිදු විය. මේ අවස්ථාවෙහිදීත් අඩු නොවන උණ රෝග ලක්ෂණයක් වූ අතර, බාහිර අංගයන්හි, විශේෂයෙන් කිහිල්ලේ සහ ඉකිලිවල සාරේ සහිත ගෙඩි සහ ලොකු බිබිලි හටගැනිණ. මින් පෙළුණු යමෙක් දින පහකින් මිය ගියේය.

1894 දක්වා ලොව එකම සොහොන් වලක් බවට පත් කළ මෙම වසංගතය කුමක්ද යන්න ලොවට අභිරහසක් විය. ගොදුරු වුවන් ගේ ශරීරයේ කළු පැහැති ලප දක්නට ලැබුනු අතර මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුරු සියල්ල අත්බුත ලෙස කලු පැහැ ගැන්වී තිබිණි. රෝගයට ගොදුරු වුවන් අවම වශයෙන් එය රෝගයක් බවවත් නොදැන සිටි අතර බහුතරයකගේ මතය වුයේ මෙය දේව ශාපයක් බවයි. මේ නිසා බොහෝ කාලයක් යනතුරු මින් බේරීමට හෝ මෙය මැඩපැවැත්වීමට කිසිවෙකු උත්සහ දරා නැත.

නමුත් කළු මාරයාගේ දේව ශාපයෙන් ඇලලී සිටි වැසියන්ට සුභ පණිවිඩයක් ගෙන ඒමට ප්රංශ ජාතික ක්ෂුද්ර ජීවීන් පිළිබඳ විශේෂඥයෙකු වූ අලෙක්සෝන්ද්ර යර්සැන් සමත් විය. එනම් ඔහු විසින් මෙම උවදුරට හේතුකාරක වූ බැක්ටීරියාව සොයාගැනීමයි. ඔහුව සිහි කිරීම සඳහා එයට නම් තැබුවේ යර්සැනියා පෙස්ටිස් යනුවෙනි.

ඉන් පසු මෙම රෝගය මහාමාරිය රෝගය බවට හදුනාගත් අතර අලෙක්සෝන්ද්ර යර්සැන්ගේ මග යමින් 1898 දී පෝල්-ලුවී සීමොන් නමැති තවත් ප්රංශ ජාතිකයෙකු රෝගය පැතිරවීමට මැක්කන්ද හවුල් වන ආකාරය සොයා ගත්තේය. මින් පසු රෝග ප්රතිශක්තීකරණ එන්නතක් සොයා ගත් අතර යම්කිසි සාර්ථකත්වයක් ඉන් අත් විය.

ආර්තව දුගීබව පිටුදකිමු – End Period Poverty

ආර්තව දුගීබව පිලිබදව ලෝකය පුරාම කතාබහක් ඇතිවෙමින් පවතී.එය ඇමරිකා එක්සත් ජනපදය,මහා බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාව දක්වාම ඇතිවූ සංවාදයකි. මෑතකදී ස්කොට්ලන්තය period poverty හෙවත් ආර්තව දුගීබව ජයගත් ප්‍රථම රට බවට පත්වූයේ මාස 6ක පමණ කාලයක් දුප්පත් කාන්තාවන්ට හා දැරියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා සැපයිමේ ව්‍යාපෘතියක් සාර්ථකව නිම කිරිම තුලිනි.

කාන්තාවන්ට මෙන්ම යොවුන් පාසල් දැරියන්ට ද සෑම දින 28කටම වරක් ඔසප්විමට ලක්වීමට සිදුවේ. වැඩිවිය පැමිණි දැරියකගේ නිරෝගී බව පෙන්වමින් ගර්භාෂයේ බිත්තිවල තිබෙන ස්වභාවිකව මැරුණු පටක රුධිරයත් සමග මිශ්‍රව  පිටවේ.එය ස්වාභාවික සංසිද්ධියකි. නමුත් පාසලේදී සනීපාරක්ෂක තුවා සපයා ගැනීමට නොහැකි වීමත්, නිසි පරිදි  වැසිකිලි පහසුකම් නොමැති නිසාත්  බොහෝ පාසල් දැරියන් එම කාලසීමාව නිවසේ නතර වන ආකාරය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම දක්නට ලැබෙන සිදුවීමකි. අප්‍රිකාවේ දිනකට ගැහැණු ළමුන් දහයකට ඔසප් වීම නිසා පාසල මගහැරෙන බව සමීක්ෂණයකින් හෙළිවී ඇත. ලෝකය පුරාම දක්නට ලැබෙන ආර්තව දුගීබව නම් මෙම ගැටලුවට රාජ්‍ය මට්ටමින් පිළියම් සෙවීමට  බොහෝ රටවල් උත්සාහ දරමින් සිටි.

අපගේ අසල්වාසි ඉන්දියාව ද මෙම ගැටලුවට පිළියම් සෙවීමට උත්සුකවී ඇත. නිදසුනක් ලෙස ඉන්දියාවේ මිට මාස කිහිපයකට පෙර “රුධිර පැල්ලම් බද්ද” නැති කිරීමට නව නීති සම්පාදනය වී ඇත.එනම්,කාන්තාවන්ගේ සනීපාරක්ෂක නිෂ්පාදනවලට රජය මින් ඉදිරියට බදු අය නොකරන බවයි. කාන්තාවන්ට  ඇතිවන අපහසුතාවයෙන් මුදල් ඉපයීම අසාධාරණ බව ඔවුන් පවසා සිටියා. එමෙන්ම,කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකා හදුනාගැනීමට ඔසප් සමයේ භාවිතාකිරීමෙන් පසුව ඉවතලන සනීපාරක්ෂක තුවා හා රෙදි කැබලි එකතු කිරිමේ මධ්‍යස්ථාන රට පුරා ආරම්භ කර තිබේ. ඒවායෙන් ලබාගන්නා ඩින්ඒ (DNA) සාම්පල් මගින් මෙම ගැබ්ගෙල පිළිකා ආශ්‍රිත පරීක්ෂණ සිදුකෙරෙනු ඇත.

බොහෝ අසියා,අප්‍රිකා මෙන්ම යුරෝපිය රටවල පවා ආර්තව දුගීබව ගැටළුවක් බව හදුනාගෙන ඇතත් සම්ප්‍රදාය,සංස්කෘතියට යටව මිත්‍යා මත කරපින්නා ගත් නේපාලය වැනි රටවල ඔසප් සමයේදී කාන්තාවන් දැඩිව දුක් විදින බව ප්‍රසිද්ධ රහසකි.  මාසික ඔසප් දිනයන්හිදී එම කාන්තාවන් නිවසින් පිටමන් කිරීමක් සිදුවේ.ඔවුන් එම දින කිහිපය නිවස අසල හෝ නිවස පෙනෙන මානයේ ‘ඔසප් මඩුවක’(බොහෝවිට නිවසට අයත් හරක් ගාලේ) ගතකලයුතුය.දරා ගත නොහැකි ශාරීරික අපහසුතාවට අමතරව මානසික පිඩාවන්ටද ගොදුරු වීමට මොවුන්ට සිදුව ඇත. දැරියන් පමණක් නොව කුඩා දරුවන් සිටින කාන්තාවන්ටද මෙය පොදු ඉරණමකි. එම කාලයේදී  තම දරුවන් සමගින්ම ඔවුන් මෙම ඔසප් මඩු තුල කාලය ගත කරන්නේ තමන් නිසා ගෙදර කිල්ලට අසු වී දේව කෝපයට නිවැසියන් හසුවනු ඇතයි ගොඩ නගාගත් මිත්‍යා විශ්වාසය නිසාවෙනි. ඔසප් මඩුව තුලදී කාන්තාවන් සර්පයින් දෂ්ට කිරීමෙන් මිය ගිය අවස්ථා රාශියකි. එමෙන්ම, ඔසප් සමයේදී ලිංගික සබදතා පැවැත්වීමෙන් ගැබ් නොගන්නා බව දන්නා නිසා සල්ලාලයින්ගේ අතවර වලටද මොවුන් නිරන්තරයෙන් ගොදුරු වෙති.එම කාලය තුලදී ඔවුන්ට කිරි අහාර හා එළවලු පවා ආහාරයට ගැනීම තහනම්ය. ශරීරයට පෝෂණය අත්‍යවශ්‍යම විටදී මෙසේ ආහාර පාලනය කිරීමට සිදුවීමෙන් ඔවුන් වඩාත් දුබල වේ.

‘වහුපදී’ ලෙස හැදින්වෙන මෙම චාරිත්‍රය නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් කලේ වර්ෂ 2005දියි. 2008 වර්ෂයේදී මෙම සිරිත රටින් තුරන් කිරීමට මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කලත් තවමත් නේපාලයේ ගම්බද කාන්තාවන් මෙම චාරිත්‍රය නිසා දුක් විදිනවා.

වහුපදී  චාරිත්‍රය

සරස්වතී දේවිය කෝප වේයැයි සිතා නේපාලයේ සමහර පලාත්වල දැරියන්ට ඔසප් සමයේදී  පොත්පත් පවා ඇල්ලීම තහනම්. සනීපාරක්ෂක තුවා නොමැති වීම නිසා පාසලේදී මුහුණදීමට සිදුවන අමිහිරි සිදුවීම් මෙන්ම ගුරුවරුන්ගේ අමානුෂික හැසිරීම් නිසා ඉන්දියාවේ පාසල් දැරියන් අවම වශයෙන් වසරකට තුන්දහසක් පමණ සියදිවි හානි කරගන්නා බව සංඛ්‍යා ලේඛන මගින් හෙළිවී ඇත.

 

ආසියාවේ තත්වය මෙසේ වනවිට ශ්‍රී ලංකාවේ තත්වය කෙබදුදැයි විමසිය යුතුමය. ලංකාවේ පාසල් දැරිය ඔසප් වීම ආරම්භ කල දිනයේ හෙවත් වැඩිවිය පැමිණි දිනයේ පටන්ම මෙම සංවාදය ආරම්භ කලයුතුය. වැඩිවිය පැමිණීමත්  සමග ගම්බද කාන්තාවන් එම දැරියව වට කරගෙන ‘දැන් පරිස්සම් වියයුතු’ බව පැවසුවත් කෙසේද යන්න පහදා දෙන්නේ නැත. ප්‍රශ්න නගන විට ‘ඕවා පස්සේ දැනගනීවි’ යනුවෙන් පවසති.චාරිත්‍ර ඉටුකළ පසු උත්සවයක් ගන්නා නමුත් අවශ්‍ය දැනුම දැරියන්ට ලබා නොදිම අදටත් ගැටලුවකි. බොහෝ පාසල්වලද සෞඛ්‍යය විෂයයේ ප්‍රජනනය පිළිබද පාඩම ගුරුවරුන් මගහරින බව ප්‍රසිද්ධ රහසකි.

ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට නිසි පරිදි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම නිසාත්, සංස්කෘතිය හා සම්ප්‍රදාය සමග එක්වූ මිත්‍යා විශ්වාසත් නිසා වැඩිවිය පැමිණීම මෙන්ම ඔසප් වීමත් ලාංකීය සමාජයේ අරුම පුදුම සිදුවිම් බවට පත්ව ඇත. ලංකාවේ ආර්තවයට ලක්වන කාන්තාව කිල්ලට හසුවනවා යනුවෙන්  ද හැදින්වේ. මෙසේ කිල්ලට හසු වූ කාන්තාවට දේවාල,සාස්තර මෙන්ම පොරොන්දම් බැලිම පවා තහනම්ය. මසකට වරක් කාන්තාව මුහුණ දෙන මෙම සිදුවීම නිසා අවම වශයෙන් දින තුනක්වත් අධික කායික පීඩාවකට ගොදුරු වේ. ලාංකික සමාජය තුල ඇය මානසික පීඩාවන්ටද ගොදුරු වේ. හදිසියේවත් පාසල් දැරියකගේ ඔසප් කාලයේදී ඇගේ සුදු ගවුමේ රුධිර පැල්ලමක් සටහන් විම අගේ ජිවිතයේ ලබන අමිහිරිම අත්දැකීමක් වීමටද ඉඩ ඇත. පිරිමි ළමුන්ගේ විහිලුවට ලක්වීමත් මෙන්ම ගුරුවරුන්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපයන් මෙවැනි සිදුවීම්වලට හේතු වී ඇත.

නිසි අධ්‍යාපනයක් නොලැබීම  නිසා ළමුන් වෙනත් ක්‍රම මගින් දැනුම සොයා යාමට පෙළබේ. කුඩා කාලයේදීම ‘නිල් චිත්‍රපටි’ නැරබීමට පවා පාසල් දරුවන් යොමු වන්නේ මෙම කුතුහලය නිසාය.

ශ්‍රීලංකාවේ ද ආර්තව දුගීබව තුරන්කිරීමට වහාම පියවර ගත යුතුය. සනීපාරක්ෂක උපකරණ නොමැතිවිම නිසා දුක්විදින පිටිසර දැරියන් රැසකි. පාසල මුල්කොටගෙන මෙම වැඩපිළිවල ක්‍රියාත්මක  කලයුතු අතර ලිංගික අධ්‍යාපනය පිලිබදව පාසල් ශිෂ්‍යයින් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විය යුතුය. සංස්කෘතියේ නාමයෙන් සමාජගත වී ඇති මිත්‍යා විශ්වාස තුරන් කොට ආර්තව දුගීබව තුරන්කිරීම තුලින් කාන්තාවන්ට වඩාත් යහපත් ජිවිතයක් ලැබෙනු ඇත.

 

 

 

අන්තර්ජාලය ඇසුරිනි.

 

 

මිනිස්කම පැරදූ බිහිසුණු යුගය – Nazi Human Experiments

“සෑම උදෑසනකම අපි සුදානම් වී සිටිය යුතු වුණා. අපගේ නිරෝගී බව පෙන්වීමට කොපුල් රතු වී සිටින පරිදි ඇඟිලි තුඩුවලින් කොනිත්තා ගන්නට අපට උපදෙස් දුන්නා. එයට හේතුව අයහපත් සෞඛ්‍යයෙන් සිටි දරුවන්ට අත්වූ ඉරණම අපි හොඳින් දැන සිටි නිසයි”

 

මේ වදන් පවසන්නේ මිනිස් ඉතිහාසයේ අඳුරුම යුගයක් පිළිබඳව මතකය ආවර්ජනය කරන  Ludit Barnea සහ Lia Huber නමැති නිවුන් සොයුරියන් දෙදෙනායි. ඔවුන් ජර්මානු නාසි හමුදාවන්ගේ Auschwitz වදකාගාරයේ සිට වාසනාවන්ත  ලෙස දිවි බේරාගත් දෙදෙනෙකි. ඔවුන් ඉහත විස්තර කරනුයේ එම වදකගාරයේදී ඔවුන්ට මුහුණ පෑමට සිදු වූ භයානක අත්දැකීම් පිළිබඳවයි. ජර්මානු නාසි හමුදාවන් යුදෙව් ජාතිකයන් ඉතා අමානුෂික ලෙස ඝාතනය කිරීමට අමතරව ඔවුන් සහභාගී  කරගනිමින් ඉතා අමනුශික පර්යේෂණ ක්‍රියාත්මක කරනු ලැබුවා. ඔවුන්ගේ අරමුණ වුයේ නාසි හමුදා තවදුරටත් විද්‍යාත්මක හා තාක්ෂණික අතින් සන්නද්ධ කිරීමයි. මෙලෙස සිදු කල ඇතැම් පර්යේෂණ විස්තර කල නොහැකි තරම් භයංකර වුවා.

 

නිවුන් දරුවන් පිලිබඳ පර්යේෂණ (Twin Experiment)

ඉහත සඳහන් කල නිවුන් සොයුරියන් දෙදෙනාට මුහුණ දීමට සිදු වූ පර්යේෂණය වුයේ නිවුන් දරුවන් සම්බන්දයෙන් නාසි හමුදාවන් විසින් සිදු කල පර්යේෂණයයි. මෙහි දී ඔවුන් නිවුන් දරුවන්ගේ ලක්ෂණ සමාන වීමට

Ludit Barnea සහ Lia Huber නමැති නිවුන්සොයුරියන්

බලපාන ජානමය ලක්ෂණ අධ්‍යයනය කිරිමත් ඒ මගින් කෘතිමව එවැනි තත්ත්ව ඇති කළහැකි දැ යි සොයා බැලීමත්  සිදු කළා. මේ සඳහා වදකාගාර වෙත රැගෙන ආ සිරකරුවන් අතරින් නිවුන් දරුවන් වෙන් කර වෙනම සිරකර තැබීම සිදු කළා. ඒ අතරින් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිටි දරුවන් පර්යේෂණ සඳහා  තෝරා ගැනුණු  අතර දුර්වල දරුවන් මර දැමුණා . විවිධ රසායනික වර්ග, විෂ වර්ග නිතරම මෙම දරුවන්ට එන්නත් කිරීම සිදු කෙරුණා. ඇසෙහි වර්ණය වෙනස් වේදැයි බැලීමට ඇස්වලට ඩයි වර්ග එන්නත් කෙරුණා. මෙම වදහිංසා දරාගත නොහැකි වූ බොහෝ දරුවන් මරණය පත් වුණා. ඊට අමතරව විවිධ ශල්‍යකර්ම සඳහා ද මෙම දරුවන් යොදාගැනුණු අතර අභ්‍යන්තර අවයව කිසිදු නිර්වින්දනයකින් තොරව ඉවත් කිරීමට තරම් සාහසික වුවා. සොයාගෙන ඇති වාර්තා වලට අනුව නිවුන් දරුවන් 1500කට ආසන්න ප්‍රමාණයක් මෙම අමානුෂික පර්යේෂණවලට ලක්කර ඇති අතර ඉන් පන බේරාගෙන ඇත්තේ 200ක් පමණ පිරිසකි. ඔවුන් අතරද සදාකාලිකව රෝගාතුර වූ දරුවන් බොහෝ වේ.

 

ජෝෂෆ් මෙන්ගලේ (Josef Mengele)

මෙම පර්යේෂණ මෙහෙයවීම සිදුකර ඇත්තේ ජෝෂෆ් මෙන්ගලේ (Josef Mengele)නමැති නාසි වෛද්‍යවරයා විසිනි. මොහු “මරණයේ දුතයා” (Angel of death) ලෙස පසු කාලීනව හඳුන්වා දී ඇත්තේ ඔහු විසින් සිදුකරන ලද භයානක පර්යේෂණ නිසා බොහෝ ජීවිත ප්‍රමාණයක් විනාස වීම නිසායි. අවාසනාවන්ත ලෙස දෙවන ලෝක යුද්ධය අවසානයේ මිතුරු පාර්ශ්වික රටවල හමුදාවන්ට අසු නොවී පලායාමට හැකි වූ නිසා මොහුට නිසි දඬුවම් ලබා දිය නොහැකි වූවා.

 

මුහුදු ජලය සම්බන්ද පර්යේෂණ (Sea water Experiment)

නාසි විද්‍යාඥයින් විසින් මිනිස් සිරකරුවන් යොදාගෙන සිදුකල තවත් අමානුෂික පර්යේෂණයක් වුයේ මුහුදු ජලය පානිය ජලය ලෙස ප්‍රයෝජනයට ගැනීමට  හැකිදැ යි  සොයා බලිමට සිදුකල පර්යේෂනයන්ය. මෙහිදී තෝරාගත් සිරකරුවන් පිරිසක් නිරාහාරව තබා ඔවුන්ට මුහුදු ජලය පානයට සැලස්වූවා. මෙමගින් දැඩි විජලනයට භාජනය වූ සිරකරුවන් පිරිසිදු දිය පොදක් වෙනුවෙන් පොලොව සේදු විට එහි ඇති ජලය ලෙව කෑමට පවා උත්සහකල බව පැවසෙනවා.

 

ක්ෂය රෝගය සම්බන්ද පර්යේෂණ (Tuberculosis experiment)

පර්යේෂණවලට ලක් වූ දරුවන්

නාසි වෛද්‍යවරුන් විසින් කරන ලද තවත් ඉතා භයංකර පරේෂණයක් වුයේ ක්ෂය රෝගය මර්ධනය සඳහා ප්‍රතිකාර සෙවීමට සිරකරුවන් යොදයෙන සිදු කල පර්යේෂනයන්ය. මේ සඳහා ක්ෂය රෝගය ඇති කරන බැක්ටීරියාව නිරෝගී සිරකරුවන් වෙත බලහත්කාරයෙන් එන්නත් කරන ලදී. ඉන්පසු විවිධ ප්‍රතිකාර ඔවුන් මත අත්හදා බලන ලදී. බොහෝ සිරකරුවන්ගේ වසා ග්‍රන්ථි ශල්‍යකර්ම මගින් ඉවත් කිරීමද සිදුකල බව පැවසෙනවා. සියලු පර්යේෂණ අවසානයේ සියලුම සිරකරුවන් මරා දමන්නට තරම් ඔවුන් සාහසික වුවා.

 

අඩු පීඩන තත්ත්ව පිලිබඳ පර්යේෂණ ( High altitude experiment )

වදකාගාර ඇතුලත

මෙම පර්යේෂණ සිදුකරනු ලැබුවේ නාසි ගුවන් හමුදාවට සම්බන්ද සිග්මන්ඩ් රෂර් (Sigmund Rascher)නමැති පර්යේෂකයා විසිනි. මෙමගින් බලාපොරොත්තු වුයේ නාසි  ගුවන් නියමුවන්ට  ඉහල අහසේදී  පැරෂුට් මගින් පැනීමට සිදුවුවහොත් ඔවුන්ට මුහුණ පෑමට සිදුවන තත්ත්වයන් සහ එසේ ය හැකි ඉහලම උස පිළිබඳව අධ්‍යයනය කිරීමයි. මේ සඳහා වදකාගාර තුල අඩු පීඩන කුටි සකසනු ලැබුවා. එතුලට නිරෝගී සිරකරුවන් ඇතුළු කර එහි පීඩනය අඩු කරමින් ඔවුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කෙරුණා. මෙහිදී බොහෝ සිරකරුවන් ඉතා දුක්විද මරණයට පත් වුවා. පර්යේෂකයන්ගේ සටහන්වල සඳහන් වන පරිදි ප්‍රථමයෙන් ඔවුන් හිස වනමින් දැඩි වේදනාව පල කර ඇති අතර ඉන්පසු ටිකෙන් ටික හුස්ම ගැනීමේ  අපහසුව නිසා නිල්පහයට හැරී අවසානයේ  දැඩි වේදනාත්මක මරණයකට ගොදුරු වූ බව පැවසෙනවා. මෙම පර්යේෂණ ඉතා රහසිගතව සිදුකෙරුණු අතර ඒ පිළිබඳව යම් ලෙසකින් දැනගත් පුද්ගලයන්ද ගෑස්  කුටීර තුලට දම මරණයට පත් කෙරුණා.

 

නුරම්බ්ර්ග් අධිකරණ තීන්දුව (Nuremberg  trial )

මේ ආකාරයට මිනිසත්කමට නිගා දෙමින් සිදුකෙරුණු පර්යේෂණ හා ඒවා මෙහෙයවූ පර්යේෂකයින් ලෝක යුද්ධය අවසානයේ දැඩි අවදානයක් දිනාගනු ලැබුවා. ඔවුන්ට දඬුවම් පැමිණවීම වෙනුවෙන් විශේෂ අධිකරණයක් පිහිටවනු ලැබුවා. මේ සඳහා මිතුරු පාර්ශ්වයේ රටවල් විසින් තෝරාගැනුනේ  නාසි පක්ෂයේ ආරම්භය ඇති වූ ජර්මනියේ නුරම්බර්ග් (Nuremberg ) නගරයයි. නාසි හමුදාවන්ගේ අවසානයත් එහිදීම සිදුවිය යුතුයි ඔවුන් සිතන්නට ඇත. අධිකරණ කටයුතු සඳහා සෝවියට් දේශය, එක්සත් රාජධානිය, අමෙරිකා  එක්සත් ජනපදය හා ප්‍රංශය එක්ව කටයුතු කළා. මෙහිදී සියලුම මිනිස් අයිතිවාසිකම උල්ලංඝනය  කරමින් අමානුෂික පර්යේෂණ සිදුකල පර්යේෂකයන්ට හා දෙවන ලෝක යුද්ධයේ ඉදිරියෙන් කටයුතු කල නාසි හමුදා නායකයින් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරුණා. මෙම අධිකරණ මගින් සිදුකෙරුණු තවත් කාර්යයක් වුයේ අනාගත වෛද්‍ය පර්යේෂණ සඳහා මිනිසුන් යොදාගන්නා විට පිළිපැදිය යුතු ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීමයි. මෙය Nuremberg code ලෙස හඳුන්වා දෙනු ලැබුවා.

 නුරම්බ්ර්ග් අධිකරණය

 

කෙසේවෙතත් මේ සියල්ල සිදුවන විට බිලියන 2ක පමණ මිනිසුන් පිරිසක් මෙලොව හැරදා ගොස් අවසානයි. බල ලෝභය නිසා ඇති වූ මෙවැනි භයානක ඛේදවාචකයක්  නැවත මෙලොව ඇති නොවේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.

සැකසුම : ගිෂානි නිසංසලා

සබැදි

http://www.history.com/topics/world-war-ii/nuremberg-trials

https://www.youtube.com/watch?v=MWJyjAYyF8E

https://www.ushmm.org/wlc/en/article.php?ModuleId=10005168

චිකන් කනවද ගස්ලබු කනවද?? කනව නම් share කරන්න

1) චිකන්
ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස් සිස්ටම් එකට දවස් 21-30 අතර මාකට් එකට එනවා.දවස් 1,12,14,19,25න් වැක්සින් සීරිස් එකක් යනවා.25 එක නොදුන්නොත් 19න් දෙනවා 25 එකත් අල්ලලා ඩබල් කරපු හොට් වැක්සින් එක.ඊට පස්සේ මුල් දවසේ ඉදන් ඇන්ටිබයෝටික් එක්ක තව ඩ්‍රග්ස් දවස් 5ක් යනවා එක දිගටම.ඒක ඉවරුනු ගමන් ඊලග එක පටන් ගන්නවා සෙමට.ඒක ඉවරුන ගමන් පටන් ගන්නවා විටමින්.එකත් ඉවරුන ගමන් රස්නෙට බෙහෙත් දෙනවා.ඔය අතරේ ලෙඩ උනාමත් එක එක මගුල් දෙනවා.උදාහරණයක් විදියට දවස් 21ක් ජීවත් උනු කුකුලෙක් ඒ දවස් 21ටම ඩ්‍රග්ස් නැතුව පිරිසිදු වතුර විතරක් බොන්නේ අඩුම දවස් 2,3ක් කීවොත් පිලිගන්නවද? අර දවස් 21 වෙනකොට මොන තරම් ඩ්‍රග්ස් ඇගේ සාන්ද්‍රද? ඒ විතරක් නෙමේ බූස්ටර්,ස්ටාටර්,ග්‍රෝවර්,ෆිනිශර් විදියට යන ෆීඩින් රැශන් එක සතාගේ බර ගන්නම හදපු ෆීඩ් එකක්.එකේ මොන තරම් අහිතකර දේවල් තියෙනවද?තව නොදත් කරුණක් කියන්නම්.අර 19න් දෙන වැක්සින් එක දුන්නම සමහර වෙලාවට එදාම ඒ සත්තු මාකට් එකට කොලඹට ඕන තරම් එන දවස් තියෙනවා.

සතා පෝස්ට් මෝර්ටම් කලාම බලාගන්න පුලුවන් සතාගේ වැක්සි බූස්ට් පවා තිබෙනවා ඇගේ.එතකොට අර වැක්සින් ඇගේ වියැකෙන්නත් මත්තේන් පිගානට එනවා නේද? කවුද ඕවා දන්නේ කවුද ඕවා කියන්නේ? ඒ මස් කුඩා දරුවන්ට ,ගැබිණි මවුවරුන්ට ගුණයිද? ඒ විතරක් නෙමේ ගම්බෝරෝ,රැනිකට් වගේ ලෙඩ හැදිලා මැරිලා යන කුකුලන් ඉතා අඩු මිලට හෝටල් වලට හා සවස රයිස් ,කොත්තු කඩවල් වලට අරන් යනවා.ඒවා තමයි ඔය රයිස් එක100,120 ට දෙන්නෙ කුකුල් ගාතයක් එක්ක.කවුද මේවා නියාමනය කරන්නේ.මුදලට සියල්ල යටයි.කම්පැනිකාරයා ලාබ ලබනකොට සුව්හසක් ජනතාව හිමි හිමින් ලෙඩ ඇදේ.කවුද මේවා දන්නේ.හැම එකාම කෑ ගහන්නේ මහින්ද ,රනිල්,සිරා,අනුර වෙනුවෙන් හා ආගම් වාද වලට.

2)
ඇපල්,දොඩම්,අඹ,ගස්ලබු,බ්යිට්ස් වර්ග,කුකුළු මස්,වම්බටු,තක්කාලි,තිබ්බටු,අධි සාණ්ද්‍ර පැණි බීම ඔය ඔක්කොම වස තමයි.
බයිට් වලට තෙල් තාච්චුව උතුරපු ගමන් මෙගා බෝතලේ දානවා.උබලා රස කර කර ඒක කනවා මයිලෝ වලට බයවෙලා.
වම්බටු,තක්කාලි,තිබ්බටු වගේ ඒවා හොදට කනවා.කෙටිකාලීන මාංසල භෝග වස නාලා කඩේට එන්නේ.
කොමඩු ගෙඩියටත් නැට්ට ලගින් කුකුල් සායම් ඉන්ජෙක්ට් කරනවා රතු පාට වෙන්න.එව්වා තමයි ඔය පේන්න කපලා තියෙන්නෙ රතට රතේ.
ගම්මිරිස් වලට ගස්ලබු ඇට දානකොට ,මිරිස් කුඩු වලට සායම් දානකොට,කහ කුඩු වලට මෙතැනිල් කහ දානවා.
හොද හාල් වලට කෑලි හාල්,සුදු කල සත්ත්ව ආහාර හාල් එකතු කරනවා.
පොල්තෙල් වලට පාම් තෙල් කලවම් කරනවා.
හොද බත් එක මරාගෙන ඒකට අජිනමෝටෝ,ඌරු තෙල් දාගෙන කඩේට ගිහින් ෆ්‍රයිඩ් රයිස් කියල තොල පිනවගන්නවා.
දිවුල් ඉදවන්නේ මඩේ දාලා.අලියා ගිල්ල දිවුල් එලියට එනකොට එම්ටි.මඩේ දාලා ගත්තම සුපිරි.
හොද තේ කුඩු වලට එකතු කරන්නෙම අයින් කරන කසල තේ කුඩු.
රස කර කර කන කරවල වල ෆෝමලින් එමට.සමහරු බැටරි ඇසිඩ් හිටන් දානවා.
මාලුවලටත් සමහරු ෆෝමලින්,දිස්නයට කෙමිකල්,පරණ මාලු වලට අලුත් මාලුන්ගේ ලේ දාලා දෙනවා.

ඉතින් බන් ඔහොම බලාගෙන ගියාම ඉවක් බවක් නැතුව කන්නෙම වහ තමයි.පොඩ්ඩක් නැවතිලා බලහල්ලා ඔය බිසී බිසී කියලා කඩියෝ වගේ දුවන් නැතුව.පර්චස් 10ක් උනත් කුන්දිරා ගස් 2ක් හිටවගන්න පුලුවන්.අවුරුදු 5න් පොල් කන්න පුලුවන්.පලතුරු ගස් 2,3 ක් ගෙදර ඉන්දගල්ලා.ඒවා කාහල්ලා.ඒවා වස නෑනේ.එලවලු ගස් 2,3ක් ඉන්දගෙන දරුවන්ට කවහල්ලා.කඩේ ශෝටීස් එක කටේ ඔබලා හිටහ් හදාගන්න එපා.උන් ඕවා බදින්නෙත් හැමදාම එකම තෙලෙන්.පර්චස් 10 පුරාම ගේ හදාගෙන නම් ඉන්නේ මාලිගාව වගේ නිකම් ඉදහල්ලා.උන් ගේ කා හල්ලා.උබලා දෙයක් කීවට නොකරන සිරාගේ මයිලෝ එකට බනින්නේ අනිත් පැත්තෙන් ඔක්කොම ජරාව කන ගමන්.කිසි කෙනෙක් බලෙන් බොලාට කවන්නෙ නෑ.බොලායි ගිහින් ගන්නේ.බොලාගේ හිතටයි කටටයි මාංචු දාගල්ලා එක එකාට බනින්න කලින්.

 

-by Damith namal

තවත් කෙනෙකුට දැන ගැනිම වැදගත් කියල හිතෙනව නම් share කරගෙනම යමු…

ගෝලීය උණුසුම වැඩිවීමේ බලපෑම් – effects of global warming

ශ්‍රී ලංකාවට පසුගිය කාලය තුල ස්වභාවික විපත් රැසකින් පීඩා විදින්නට සිදුවූවා . ඇතැම් වැඩිහිටියන් පැවසුවේ ඔවුන්ට මතක කාලය තුල මෙතරම් ස්වභාවික විපත් එක පෙලට සිදුවූ කාලයක් නැති බවයි. ශ්‍රී ලංකාව තුල පමණක් නෙවෙයි මුළු ලෝකයටම පෙර නොවූ විරූ ආකාරයට ස්වභාවික විපත්වලින් බැටකෑමට සිදුවුණා. මෙලෙස ස්වභාවික විපත් එක පෙලට ඇති වීම අහම්බයක් නොවන බවයි විද්‍යාඥයින්ගේ මතය. එසේනම් මොකක්ද ස්වභාවික විපත් වැඩි වීමට හේතුව? අද අපි ඒ ගැන කතා කරමු.

පෙර ලිපියකදී අපි හරිතාගාර ආචරණය සහ හරිතාගාර ආචරණය නිසා ගෝලීය උෂ්ණත්වය ඉහල යන ආකාරය පිළිබඳව දැනුවත් වුණා. බොහෝ විද්‍යාඥයින්ගේ මතය නම් මෙම ගෝලීය උෂ්ණත්වය ඉහල යාම ලෝකයේ දේශගුණ විපර්යාස බොහොමයකට හේතුව වන බවයි. නමුත් මේ පිළිබඳව කාලයක් තිස්සේ විද්‍යාත්මක ප්‍රජාව හා රට රටවල පාලන අධිකාරී අතර මත ගැටුමක් පැවතුණා. විද්‍යාඥයින් පැවසුවේ ගෝලීය උණුසුම දිනෙන් දින වැඩි වන නිසා ඉදිරියේදී දරුණු දේශගුණ විපර්යාස ඇති විය හැකි බවත්, ඒ සඳහා සුදුසු පිළියම් ගත යුතු බවත්ය. මොවුන් යෝජනා කල පිළියම් ආර්ථික වශයෙන් රට වලට අවාසිදායක වූ නිසා මෙම යෝජනා එක්වරම පිළිගැනීමට පාලකයින් සුදානම් වුයේ නැහැ. මේ නිසා පිළිගත හැකි විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කිරීමට විද්‍යාත්මක ප්‍රජාවට සිදු වුණා. ඒ අතරින් වැදගත් කරුණු කිහිපයක් පහත ආකාර වෙයි.

ගෝලීය උෂ්ණත්වය ඉහල යාම

නාසා ආයතන මගින් වර්ෂ 1880 සිට ලබාගත් ගෝලීය උෂ්ණත්වය පිලිබඳ දත්ත එකතුකර කාලයත් සමග උස්ණත්වය වෙනස් වීමේ ප්‍රස්තාර සටහනක් ඉදිරිපත් කළා . මෙහි පැහැදිලිව මෑත කාලය තුල උෂ්ණත්වය ඉහල ගොස් ඇති ආකාරය පෙන්වා දෙනවා. ඔවුන්ට අනුව මෙම කාලය තුල උෂ්ණත්වය අධිකම වර්ෂය වී ඇත්තේ 2016 වර්ෂයයි.

වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහල යාම  

 

ගෝලීය උණුසුම වැඩි වීමට හේතුවන ප්‍රධාන සාධකය ලෙස සලකන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වෙනස් වන ආකාරයද විද්‍යාඥයින් විසින් ප්‍රස්තාරගත කළා. මෙහිදී පෙනී ගියේ ඉතිහාසය තුල වැඩිම කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් විමෝචනය වී ඇත්තේ 1950 සිට කාලය තුල බවයි. එයත් ඉතා ශිග්‍ර ඉහළයාමක් බව නිරීක්ෂණය වුණා. මෙයට ප්‍රධාන හේතුව ලෙස කාර්මික විප්ලවය නිසා සිදුවූ කර්මාන්තවල නැගීම හා පොසිල ඉන්ධන දහනය අධික වීම හදුනාගැනුනා.

උත්තර ධ්‍රැවයේ ග්ලැසියර් දිය වීම

ගෝලීය උණුසුම වැඩි වීම හොඳින්ම පෙන්වන අවස්ථාව වන්නේ පෘථීවියේ ධ්‍රැවාසන්න ප්‍රදේශවල ඇති අයිස් සහ විශාල ග්ලැසියර් පසුගිය වර්ෂ කීපය තුල ශීග්‍රයෙන් දිය වී යාමයි. චන්ද්‍රිකා ඡයාරූප මගින් මෙය පැහැදිලිව නිරීක්ෂණය කල හැකිය. වර්තමානයේ ආක්ටික් ධ්‍රැව ප්‍රදේශයේ අයිස් දිය වීම වසර 10කට සියයට 13.2 ක ශිග්‍රතවයකින් සිදුවෙනවා. මෙලෙස අයිස් දියවීම නිසා මුහුදේ ජල මට්ටම ඉහල යාම හා එම ප්‍රදේශවල ජීවත්වන සතුන්ට වාසස්ථාන අහිමිවීම සිදුවේ.

 

මෙවැනි ප්‍රතික්ෂේප කල නොහැකි කරුණු ඉදිරිපත් වනවිට දරදඬුව සිටි ලෝක පාලකයින් තම මතයට නමම ගනිඉමට විද්‍යාත්මක ප්‍රජාවට හැකි වුනා. එහි ප්‍රතිපලයක් වශයෙන් තමයි කියෝටෝ ගිවිසුමට ලෝක නායකයින් අත්සන් කිරීම සිදු වුයේ , මෙය 1997 දී අත්සන් කෙරුණත් ක්‍රියාත්මක කිරීම සිදු වුනේ 2005 වසරේ සිටයි. 2005 සිට 2012 කාලය තුල ගිවිසුමට එකඟ වූ රටවල් තම රටවල්වලින් විමෝචනය කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය එකඟ වූ සීමාවක් තුල තබාගත යුතු වුණා. මෙම කාලසීමාව අවසන්වනවිට මෙය සාර්ථකව සිදුවූ නිසා දෙවන අදියරක් ද ක්‍රියාත්මක කිරීමට ලෝක නායකයින් එකඟතාව පලකලා. නමුත් අවාසනාවන්ත ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව මෙම ගිවිසුම්වලට ක්‍රියාකාරී සහභාගිත්වයක් දැක වුයේ නැහැ. නමුත් ඔවුන් වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් වැඩිම ප්‍රමාණයක් නිකුත් කරන රටවල් දෙකක් වීම නිසා මෙය අවාසිදායක තත්වයක් වුණා.

කෙසේ වෙතත් විද්‍යාඥයින් පැවසුවේ ගෝලීය උණුසුම වැඩි වීම නිසා අනාගතයේ ලෝකය දැඩි දේශගුණ විපර්යාසවලට මුහුණ පෑ හැකි බවයි. මෙය සත්‍යයක් බව පසක් කරමින් වර්තමානය වනවිට ලෝකයේ දේශගුණ තත්වය වෙනස් වී තිබෙනවා. වැසි වැටීමේ රටාවේ වෙනස්කම් ඇති වී ඇති අතර වැසි වැටෙන විට ඒවා ඉතා අධික ප්‍රමාණයකින් ලැබෙන අතර, වැසි නොලැබෙන විට ඉතා තද ඉඩෝර කාලවලට මුනුන දීමට සිදුවී තිබෙනවා. ජපානය, ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවලට විටින්විට ඇතිවන සුළි කුණාටු ප්‍රබලත්වයෙන් වැඩි වී තිබෙනවා. මෑතකදී එක පෙලට ඇමෙරිකාවට බලපෑ සුළි කුණාටු ඒ සඳහා සාක්ෂි දරයි. අයිස් දියවීමෙන් හා උෂ්ණත්වය වැඩි වීම නිසා මුහුදු ජලය ප්‍රසාරණය වීමෙන් මුහුදු මට්ටම ඉහල යාම නිසා පහත් ප්‍රදේශවල තිබෙන මාලදිවයින වැනි රටවල් යටවී යාමේ අවධානමක් ඇති වී තිබේ. බෝග වගා සඳහා අවශ්‍ය දේශගුණික තත්ත්ව වෙනස් වීම නිසා බෝග විනාශ වීමද සිදුවේ.

මේ සියලු කරුණු සලක බැලූ විට දේශගුණ විපර්යාස යනු තවදුරත් අනාගතයේ සිදුවන දෙයක් නොව වර්තමානයේ අප හමුවේ ඇති අභියෝගයක් බව වැටහී යනවා. එයට මුහුණ දීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අනාගත පරම්පරාවේ සුරක්ෂිතතාව ඇති කිරීමට අත්‍යවශ්‍ය කරුණකි.

 

සැකසුම :ගිෂානි නිසංසලා

https://climate.nasa.gov/vital-signs/arctic-sea-ice/

https://www.nationalgeographic.com/environment/global-warming/global-warming-effects/

හරිතාගාර ආචරණය – Green House effect

ලෝකයේ විද්‍යාත්මක ප්‍රජාව තුල වැඩි කතා බහට ලක්වන මාතෘකාවක් තමයි ගෝලීය උණුසුම වැඩි වීම (global  warming). දැනට වසර 20 ක පමණ සිට  විද්‍යාඥයන්මේ පිළිබඳව ලෝකය තුල දැනුවත්භාවය වැඩි කිරීමට දැඩි වෙහෙසක් ගන්නා ආකාරය දැකිය හැකියි. ඇත්තටම මොකක්ද මේ ගොලීය උණුසුම වැඩි වීම  කියන්නේ? අපි අද ඒ ගැන දැනුවත් වෙමු.

 

පෘතුවිය එහෙමත් නැත්නම් අපේ ලෝකය කියන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතරින් එක් ග්‍රහලෝකයක් පමනයි. නමුත් මෙහි විශේෂත්වය වන්නේ සියලුම ග්‍රහලෝක අතරින් ජීවින් සිටින ග්‍රහ ලෝකය වන්නේ පෘතුවිය වීමයි. මෙලෙස පෘතුවියේ පමණක් ජීවය ඇති වීමට හේතුව ලෙස  විද්‍යාඥයන්  විසින් සොයාගෙන ඇත්තේ පෘථුවිය  වටා පවතින වායුගෝලය හා ජීවීන්ට සුදුසු ප්‍රශස්ත උෂ්ණත්වයයි.  මෙම ප්‍රශස්ත උෂ්ණත්වය ඉතා වැදගත් සාධකයක් වෙනවා. පෘතුවිය තුල ජීවය පවත්වා ගැනීමට නම් මෙම ප්‍රශස්ත උෂ්ණත්වය දිගින් දිගටම පවත්වා ගතයුතුයි. නමුත් වර්තමානය වනවිට ලෝකයේ උෂ්ණත්වය පෙර නොවූ විරූ ලෙස වැඩි වෙමින් පවතිනවා. මෙය මිනිසුනට එකවර නොදැනෙන දෙයක් වුවත් පරිසරයට  මෙමගින් ඇති වන බලපෑම ඉතා ඉහලයි.විද්‍යාඥ කණ්ඩායම් විසින් වසර සිය ගණනක සිට පෘතුවියේ උෂ්ණත්වය වෙනස්වීම සලකා බැලු විට පසුගිය සියවස තුල ඇති වී ඇති උෂ්ණත්වය ඉහල යාම අනෙක් කාල වලට වඩා ඉහල බව සොයාගෙන තිබෙනවා. වඩාත් බැරෑරුම් දෙය වන්නේ එය තවදුරටත් ඉහල යාම මිස පාලනයක් සිදු නොවීමයි.

 

හරිතාගාර ආචරණය 

 

මෙම ප්‍රශස්ත උෂ්ණත්වය කෙරෙහි බලපෑම් ඇති කරන ප්‍රධාන සාධකය ලෙස  විද්‍යාඥයන් සොයා ගෙන තිබෙන්නේ හරිතාගාර ආචාරණය යි (green house effect) . හරිතාගාර ආචරණය යනු වායුගෝලය තුල හරිතාගාර වායුන් වැඩි වීම  නිසා ඇතිවන තත්වයකි. මුලින්ම අපි හරිතාගාර වායුන් හඳුනාගනිමු.

හරිතාගාර වායුන් (green  house  gases) වන්නේ කාබන් ඩයොක්සයිඩ් (carbon Dioxide) , මීතේන් (Methane) , නයිට්‍රස් ඔක්සයිඩ් (Nitrous Oxide) හා ජල වාෂ්ප ආදියයි. හරිතාගාර වායුන්ගේ ලක්ෂණයක් වන්නේ තාපය උරාගැනීමේ හැකියාව වැඩි වීමයි. ඔබ දන්නවා පෘතුවියට ආලෝකය හා තාපය ලැබෙන්නේ සූර්ය කිරණවලින්  බව. මෙලෙස ආලෝකය හා තාපය රැගෙන එන සූර්ය කිරණ පෘතුවිය මතට වැටෙන්නේ වායුගෝලය හරහා පැමිණයි. මෙම  සූර්ය කිරණ පෘතුවිය මතට වැටීමෙන් පසුව නැවත පරාවර්තන වී වායුගෝලයට නිදහස් වෙනවා. වැටෙන සියලුම සූර්ය කිරණවල අඩංගු තාපය  පෘතුවිය විසින් උරා ගත්තේ නම් පෘතුවිය මත උෂ්ණත්වය ඉතා අධික වී ජීවිනට අහිතකර තත්වයක් ඇතිවනවා. මෙලෙස පරාවර්තන වී යන සූර්ය  කිරණ නිවැරදි  ආකාරයට නම් නැවත ඉහල අවකාශයට ගමන් කල යුතයි. නමුත් හරිතාගාර වායුන් විසින් මෙම කිරණ වල අඩංගු තාපය උරාගැනීම  සිදු කරනවා. හරිතාගාර වායු බොහෝවිට රැඳෙන්නේ වායුගෝලයේ  පහල මට්ටම තුලයි. මෙම නිසා පෘතුවිය ආසන්නයේ වායුගෝලය රත්වී උණුසුම අධික වනවා. වායුගෝලය තුල හරිතාගාර වායුන් වැඩිවන තරමට උෂ්ණත්වය වැඩි වීමද ඉහල යනවා. හරිතාගාර ආචරණය ලෙස හඳුන්වන්නේ මෙම සිද්ධියයි.

 

ඉදිරි වැඩපිළිවෙල

 

ලොව පුර විවිධ රටවල විද්‍යාඥයින් 1300ක් පමණ සම්බන්ධ කරගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද අධ්‍යයනයක දී  ලෝකයේ උෂ්ණත්වය ඉහල යාමට ප්‍රධාන හේතුව ලෙස හරිතාගාර ආචරණය නම් කෙරුණා. එමෙන්ම වායුගෝලය තුල හරිතාගාර වායුන් වැඩි වීමට 95% ක්ම හේතු වන්නේ මිනිස් ක්‍රියාකාරකම් බවත් ඔවුන් ප්‍රකාශ කලා. වසර 200ක් පමණ අතීත දත්ත සැළකු විට පසු ගිය වසර 50 තුල වායුගෝලය තුල කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉතා ඉහල අගයකට පැමිණ තිබෙනවා. කාබන් ඩයොක්සයිඩ් පරිසරයට මුදා හැරෙන ක්‍රම බොහොමයකට මිනිස් ක්‍රියාකාරකම් හේතු වනවා. කර්මාන්තශාලාවලින් පිටවන දුම්, රථවාහන වලින් පිටවන දුම්, වන විනාශය ආදිය මෙම ක්‍රියාකාරකම් අතරින් කිහිපයක්. මෙම අධ්‍යයනයන්ගෙන් පසු ලෝකය තුල හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට එක්සත් ජාතින්ගේ සංවිධානය ප්‍රමුඛ වී විවිධ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කෙරුණා. ප්‍රධාන වශයෙන් වැඩියෙන් කබන් ඩයොක්සයිඩ් පිටකරන රටවල් හඳුනාගැනීමත් එම රටවල්වල රාජ්‍ය නායකයින් දැනුවත් කිරීමත් සිදු කෙරුණා. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කියෝටෝ සම්මුතිය (Kyoto  protocol) නමින්  ලෝකයේ රාජ්‍ය නායකයින්  සමග ගිවිසුමකට එළඹුණා. 1997 දෙසැම්බර් 11 වන දින ජපානයේ කියෝටෝ නගරයේ  දී අත්සන් කෙරුණු මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණ වුයේ ලෝකයේ රට රටවල් විමෝචනය කරන හරිතාගාර වායුන් ප්‍රමාණය සීමා  කිරීමයි. නමුත් මෙය ක්‍රියාත්මක කිරීමේදී විවිධ ගැටළු වලට මුහුණ දීමටද සිදුවුණා .

 

මිනිසාගේ හිත සුව පිණිස මිනිසා සිදුකරන බොහෝ කටයුතු ගෝලීය උණුසුම වැඩි කිරීමට දායක වී තිබෙනවා. නමුත් තවදුරටත් එසේ  නොසැලකිලිමත්ව කටයුතු කළහොත් ප්‍රතිවිපාක විඳීමට සිදුවන්නෙත් මිනිසාටම බව අප  මතක තබා ගත යුතුයි. ගෝලීය උණුසුම වැඩි වීම නිසා ලෝකයට ඇති වන බලපෑම පිළිබඳව ඉදිරි ලිපියකදී වැඩි දුරටත් සාකච්ඡ  කරමු.

 

සැකසුම : ගිෂානි නිසංසලා 

 

 

මුලාශ්‍ර :

 

https://climate.nasa.gov/causes/

http://unfccc.int/kyoto_protocol/background/items/2879.php

http://www.environment.gov.au/climate-change/climate-science-data/climate-science/greenhouse-effect

කැටලෝනියා අර්බුදය

කැටලෝනියාව

‘කැටලන්’ හෙවත් කැටලෝනියාව පිහිටා තිබෙන්නේ ස්පාඤ්ඤයේ නැගෙනහිරින් වන ‘ඉබේරියානු’ අර්ධද්වීපය තුළය. වර්ග කිලෝ මීටර් 32,108 ක් පමණ වන කැටලෝනියාව ස්පාඤ්ඤ භූමියෙන් හයෙන් එකක් ලෙස සැලකෙනවා. අසූ ලක්ෂයකට ආසන්න ජනගහනයක් සහිත කැටලෝනියාවේ අග නුවර ලෙස බාසිලෝනා නගරය සැලකෙනවා.

කැටලෝනියා අර්බුදය

1931 – සියවස් කීපයක් ‘මැඩ්රිඩ්’ පාලනය යටතේ සිටි කැටලෝනියාව තුළ 1931 දී යළිත් කැටලෝනියානු ජාතික ආණ්ඩුව (Generalitat) ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබුණි.

1975 – කැටලෝනියානු ජාතික ආණ්ඩුව (Generalitat) යටතේ කැටලෝනියාවේ ස්වයංපාලන බලතල උරුම කර ගනී.

1979 – කැටලෝනියාව ස්වයංපාලිත බල ප්‍රදේශයක් හැටියට පිළිගනු ලැබුණි.

2006 – 2006 වසරේදී ජනමත විමසුම මගින් ‘කැටලෝනියා’ ස්වයංපාලනය නෛතික මට්ටමින් තහවුරු කරීම.

2010 – ස්පාඤ්ඤ ‘පොපියුලර්’ පක්ෂය විසින් ‘කැටලන්’ ස්වයංපාලන බලතල වලට එරෙහිව ස්පාඤ්ඤ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කිරීම.

මෙහි අධිකරණ තීන්දුව ලෙස 2006 ජනමත විමසුමේ තීන්දුව අහෝසි කර
‘ස්පාඤ්ඤය තුළ කැටලෝනියාව ජාතියක් හැටියට පිළිගැනීම සඳහා නෛතික පදනමක් නොමැත’ යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තීන්දු කරන ලදී.

ස්පාඤ්ඤය ආර්ථික අර්බුදය – ස්පාඤ්ඤය ආර්ථික අර්බුදයකට මුහුණ දීමෙන් ආර්ථිකය අතින් ශක්තිමත් බාසිලෝනා පළාතේ සම්පත් මගින් රටේ සෙසු දුප්පත් පළාත් නඩත්තු කළ යුතු තත්වයක් උද්ගත වීම හා එම බර දැරීමට කැටලෝනියා වැසියන් අකැමැති වීමත් සමඟ කැටලෝනියාවේ නිදහස සඳහා වන ඉල්ලීම යළිත් ඉස්මතු වීම.

2014 – මෙම වසරේ පැවැත්වු ජනමත විචාරණයෙන් තිස් දෙලක්ෂයක් පමණ ඡන්දදායකයන්ගෙන් 92%ක් ‘කැටලෝනියාව රාජ්‍යයක්’ බවට පරිවර්තනය වීම වෙනුවෙන් සිය කැමැත්ත පළ කළහ.

2015 නොවැම්බර් – ස්පාඤ්ඤයෙන් වෙන්ව නිදහස් රාජ්‍යයක් බවට පත්වීම සම්බන්ධයෙන් තවත් ජනමත විචාරණයක් පැවැත්වීමට කැටලෝනියා ප්‍රාදේශීය පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කර ගැනීම.

2017 සැප්තැම්බර් 06 – ස්පාඤ්ඤ ආණ්ඩුව එය නීතියට පටහැණි බව ප්‍රකාශයට පත් කළ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය එම ජනමත විමසුම අත්හිටුවන ලෙස නියෝග කිරීම.

2017 ඔක්තෝබර් 01 – ස්පාඤ්ඤ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණ නියෝගය නොසලකා 2015 නොවැම්බර් මාසයේ සම්මත වු එම ජනමත විමසුම පැවැත්වීම. කැටලෝනියාව ස්පාඤ්ඤ පාලනයෙන් බෙදී වෙන්ව නිදහස් රටක් වීමට අකැමති කණ්ඩායම් ජනමත විචාරණයට සහභාගීවීම වර්ජනය කළ
අතර ජනමත විචාරණයට සහභාගී වී ඇත්තේ ජනගහනයෙන් 43% තරම් වු පිරිසකි.

එම ජනමත විමසුම ක්‍රියාවට නැංවීමේ දී ස්පාඤ්ඤ පොලිසිය විසින් ඡන්ද මධ්‍යස්ථාන වසා දැමීම් සහ ඡන්ද පෙට්ටි පැහැර ගැනීම් සමඟ පැතිර ගිය ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් වාර්තා විය. පොලිසියේ බාධා කිරීම් එල්ල වුවහොත් තමන් විසින්ම මුද්‍රණය කර ගත් ඡන්ද පත්‍රිකාවක් මගින් ඕනෑම මධ්‍යස්ථානයක දී ඡන්දය දෙන ලෙසත් ‘කැටලන්’ ප්‍රාදේශීය පාලකයෝ මහජනයාට දැනුම් දී තිබිණි. මෙහිදී කැටලන් නායක Carles Puigdemont පවා ඡන්දය ලබා දී ඇත්තේ වෙනත් ඡන්ද මධ්‍යස්ථානයක දීය.

 

ඔක්තෝබර් 01 දින පැවැත්වූ ජනමත විචාරණයේ ඡන්දදායකයන්ගෙන් 90% ක් නිදහස් රාජ්‍යයක් වෙනුවෙන් ඡන්දය ලබා දී ඇත.

2017 ඔක්තෝබර් 10 – ස්පාඤ්ඤ ‘මැඩ්රිඩ්’ පාලනයෙන් එල්ල වු දැඩි විරෝධය නිසා බාසිලෝනා’ ප්‍රාදේශීය පාර්ලිමේන්තුව අමතා කතා කළ කැටලෝනියා ජනාධිපතිවරයා ( Carles Puigdemont ) ජනමත විමසුමේ තීන්දුව ක්‍රියාවට නැංවීම අත්හිටුවමින් ස්පාඤ්ඤ ආණ්ඩුවත් සමඟ සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් ලබා ගැනීම තම උවමනාව බව කියා සිටීම.

නමුත් ස්පාඤ්ඤ අගමැති මරියානෝ රයෝයි (Mariano Rajoy) කැටලෝනියාවට අභියෝගයක් කරමින්, ඔවුන් ස්පාඤ්ඤයේ කොටසක් හැටියට දිගටම රැඳී නොසිටින්නේ නම් එම පළාත කෙළින්ම ‘මැඩ්රිඩ්’ පාලනය යටතට පවරා ගන්නා බව කියා සිටියි.

2017 ඔක්තෝබර් 27 – කැටලෝනියාව නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා කැටලන් පාර්ලිමේන්තුව තීරණය කළේය.

2017 ඔක්තෝබර් 28 – මැඩ්රිඩ් පාලනය
විසින් කැටලෝනියාවේ ස්වයං පාලන බලය අහෝසි කෙරීය.

මේ සමගම ස්පාඤ්ඤයෙන් වෙන් නොවන ලෙස කැටලෝනියාවට බල කරමින් බාසිලෝනා නුවර දැවැන්ත පෙළපාලි ආරම්භ විය. ඔවුන් කියා සිටින්නේ බලයෙන් පහ කරන ලද කැටලෝනියා නායක කාලෙස් පුයිජ්මොන් (Carles Puigdemont) සිර ගත කළ යුතු බවය. මෙම තත්වය යටතේ කැටලෝනියානු ප්‍රාදේශීය ආණ්ඩුව විසුරුවා හරිනු ලැබීය. කැටලෝනියානු ප්‍රාදේශීය ආණ්ඩුව විසුරුවා හරිමින් ස්පාඤ්ඤ ආණ්ඩුව කැටලෝනියාවට හදිසි මැතිවරණයක් ද කැඳවීය. එය පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මාසයේදී ය.

ස්පාඤ්ඤ අගමැතිවරයා පවසන පරිදී ස්පාඤ්ඤ ආණ්ඩුවේ අභිලාෂය වන්නේ
කැටලන් ස්වයංපාලනය අත්හිටුවීම නොව කැටලෝනියානු ජනාධිපති සතු සියලු බලතල ඉවත් කිරීම, ප්‍රාදේශීය පොලිස් බලකායේ පාලනය තමන් අතට ගැනීම හා නීතියට පිටුපා යමින් කටයුතු කළ ‘පුද්ගලයන්’ ඉවත් කිරීමයි.

“කැටලෝනියානු නායකයන්ට වෙන්වීමේ බලයක් සහිත භූමිකාවක් පවරා දී නැහැ. ඔවුන්ට බලය දී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනුයි. ව්‍යවස්ථාව අනුව ඔවුන්ට පැවරෙන්නේ ස්වයංපාලන බලයක්” ස්පාඤ්ඤයේ නියෝජ්‍ය අගමැතිනි සොරායා ඩි සන්තමරියා කියා සිටියාය.

ඒ අනුව නව නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ මැතිවරණයක් ලබන දෙසැම්බර් 21 දින පැවැත්වීමට ද ස්පාඤ්ඤ මධ්‍යම ආණ්ඩුව පියවර ගෙන ඇත.

2017 නොවැම්බර්

කැටලෝනියානු ප්‍රාදේශීය ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන් නව දෙනෙක් අත්අඩංගුවට ගත් අතර හිටපු නායක කාර්ලෙස් පුයිග්දිමොන්ට් (Carles Puigdemont) හා තවත් ඇමතිවරු හතර දෙනෙක් රටින් පළා ගොස් ‘බ්‍රසල්ස්’ නගරයේ රැඳී සිටිති. ඇමතිවරුන් නව දෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ගෙන් එක් තැනැත්තකු ඇප මත මුදා හැර ඇති නමුත් සෙසු අට දෙනාට ඇප දීම මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද හෙයින් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත. මෙම අත්අඩංගුවට ගැනීමට එරෙහිව කැටලෝනියාවේ දියත් වෙමින් තිබුණ විරෝධතා ව්‍යාපාර වලට දහස් ගණනින් මහජනතාව සහභාගී  වී ඇත.