රැකියා විරහිත ඔබ වෙනුවෙන්මයි

ලංකාවේ සිංහල  මිනිස්සු බහුතරයක් ගත්තොත් ඔයාල හිතන්නේ මොකද ඒ අය කරන්නේ.බහුතරයකගේ කැමැත්ත 8-5 රස්සාවක් හොයා ගන්න එක දැන් බලන්න ගොඩක් උපාධිදාරීන් ඉන්නවා එයාල හොයන්නේ රජයේ රැකියාවක් ඔයාල හිතන්නේ රජයේ රැකියාවක් කරලා කියක් විතර හොයන්න පුලුවන්ද?? දැනට විධායක ශ්‍රේණියේ නොවන නිලධාරියෙකුගේ වැටුප 32000/- විතර අපි අවුරුදු 30ක් වැඩ කලොත් අපිට 32000 x 12 x 30 = 11,520,000  අපිට ජිවිත කාලෙටම හොයන්න පුළුවන් අදායම රුපියල් එක් කොටි පහළොස් ලක්ෂයක්.ඉතින් ගෙයක් හදලා වහනයක් අරන් ළමයින්ට උගන්නගෙන ඉන්න පුලුවන්ද??? පොඩ්ඩක් ඔයාලම හිතල බලන්න.

මේකට මොකද අපිට කරන්න පුළුවන්.අපේ තියන සමාජ තත්වයත් එක්ක තමයි එක හැදිලා තියෙන්නේ.ඔය කියන මුලික රාමුවේ නැති ය තමයි දියුණු වෙලා තියෙන්නේ බලන්න ඔයාලගේ ගම වල ඉන්න වයාපාරියකයෝ දිහා එයාල මොකද කරන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ හිතන දෙයින් වෙන් වෙලා risk එකක් අරන් අලුත් දෙයක් පටන් අරන් තියෙනවා එක තමයි එයාලගේ දියුණුව.ඔයාලත් අලුත් දෙයක් පටන් ගන්න හිතන්න එකට අදහස් ටිකක් අපි පහතින් එකතු කර එහෙනම් ඒවත් බලලා ඔයාලගේ මේ ගැන තියන අදහසත් comment කරන්න.

 

උණුසුම් වනු ඇති ව්‍යාපාරික අදහස් කිහිපයක්…..

නව්‍ය ප්‍රවණතාවයකින් ලාභ ඉපයිය හැකි ව්‍යායාපාරයක් ඇරඹීමට ඔබට අවශ්යද?

පිළිතුර ඔව් නම්, එවැනි සුපිරිම ව්‍යාපාරික අදහස් කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්න හිතුවා.

ඒ වෙනුවෙන් නව ක්ෂේත්‍රයන් අධ්‍යයනට යොමු වීම,  නව රැකියාවක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීම, හෝ නව හැකියාවක් වෙනුවෙන් ආයෝජනය කිරීම ඔබට වැදගත් වනු ඇති.

වඩාත් සාර්ථක ව්‍යවසායකයින්ගේ ගුණාංගය වනුයේ අනාගතය පිළිබ‍ඳ පුරෝකථනය කරමින් ආර්ථිකයේ සිදු වන වෙනස් වීම් සලකමින් වෙළඳපොළ අවශ්‍යයතා හඳුනා ගැනීමයි. ව්‍යාපාරික ලෝකය තුළ අද දින ඇති වී ඇති වේගවත් භාවයට ගෝලීයකරණය හා ඩිජිටල් තාක්ෂණය මහෝපකාරී වී ඇත.

සේවා සහ සේවා මධ්‍යස්ථාන වැනි කුඩා ව්‍යාපාරවල ගෝලීය ජාලයක් ඇති වී ඇත. වර්ථමානයේ අන්තර්ජාල සමාගම් රැසක් බිහිවී ඇති අතර ඒවායින් බොහෝමයක් Amazon.com සහ eBay.com වැනි බොහෝ කුඩා මෙහෙයුම්වල සිට ඉතා විශාල ව්‍යාපාර දක්වා වර්ධනය වී තිබේ. අනාගතය වෙනුවෙන් ඇරඹිය හැකි නවතම කුඩා ව්‍යායාපාර මොනවාද? අපි ඒවා සොයාගන්නේ කෙසේද?

බලශක්ති හා පිරිසිදු තාක්ෂණික ක්ෂේත්‍රයන් නැනෝතාක්ෂණය, විනෝදාස්වාදය හා වර්ධනය වෙමින් පවතින ජනගහනයට ඉඩ සැලසීමට ග්‍රහලෝකය අනුගත වීම ආදී ක්ෂේත්‍ර වල ඉල්ලුමේ සීඝ්‍ර වර්ධනයක් ඇති වී තිබේ.

  • පරිගණක ඉංජිනේරු විද්‍යාව

මෘදුකාංග සංවර්ධනය කිරීම් ලොව පුරා සිදු කෙරෙන නමුත් නමුත් පද්ධති සංවර්ධනය ස‍ඳහා ඉහල මට්ටමේ පරිගණක විශේෂඥයින්ගේ අවශ්යතාව තවමත් වර්ධනය වෙමින් පවතී. උදාහරණයක් ලෙස, මුදල් හා ආයෝජනය සඳහා, අධිවේගී පරිගණනය වඩාත් ප්‍රමුඛ තරඟකාරී වාසියක් බවට පත්ව තිබේ. බොහෝ විශාල සමාගම් ස‍ඳහා වේගවත්, වඩා පහසු සහ ආරක්ෂිත ජාලයන් අවශ්‍ය වේ. එවැන් පද්ධති නිර්මාණය කිරීමට හැකි පරිගණක ඉංජිනේරැවන්ට ඇති ඉල්ලුම දිනෙන් දින වර්ධනය වේ.

  • විද්යාත්මක පර්යේෂණ

නව තාක්ෂණය ඔස්සේ ඖෂධ, නිෂ්පාදන, ප්‍රවාහනය සහ වෙනත් බොහෝ ක්ෂේත්රවල නව සොයා ගැනීම් අඛණ්ඩව ජනනය කරනු ඇත. එයින් අදහස් කරන්නේ ජීව විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය හා ඉංජිනේරු විද්‍යාව හැදෑරූ අය සඳහා දැඩි ඉල්ලුමක් ඇති බවයි. ඩිජිටල් දත්ත ගොනුවක් මගින් භෞතික නිෂ්පාදනයක් කිරීමට ඉඩ සලසන ජෛව තාක්ෂණය සහ ජෛව වෛද්‍ය විද්‍යාව, නැනෝ තාක්ෂණික විද්‍යාව, රොබෝ තාක්ෂණය සහ 3D මුද්‍රණය ආදී විශේෂ කේෂ්ත්‍රයන්හි එම ඉල්ලුම දිනෙන් දින වර්ධනය වේ.

  • ශරීර කොටස් සෑදීම

එනම් බහු අවයවක සංවේදී පොලිමර් හා ප්රාථමික සෛල සඳහා භාවිතා කිරීමට පටක නිර්මාණය කිරීම පිළිබ‍ඳවයි. මින් අදහස් කරන්නේ විද්යාගාරයක් තුළ කකුලක් හෝ අතක් වර්ධනය කරවීම ගැන නොවේ. මෙය කෘතිමව වර්ධනය කෙරෙන නමුත් හැකියාවෙන් විශිෂ්ඨ සම, අස්ථි, පේශි හෝ තනි සෛල පටකයක් ගැනයි.

කනෙක්ටිකට් නම් වූ සමාගමට දැනටමත් මෙවැනි වූ තාක්ෂණික ශිල්පයන් ඇති අතර, ඔවුන් කඳුළු හෙලීම සඳහා ක්රියාකාරීව ඇති කිරීමට ශරීරයේ වෙනත් ස්ථානයකින් පටක ලබා නොගෙන කෘතිම පොලිමර් භාවිතා කරයි.

  •  විවාහ උපදේශනය හා චිකිත්සාව

මිනිසාගේ මානසික සෞඛ්‍යය, ශාරීරික සෞඛ්‍යය තරම්ම වැදගත්කමක් ඇති සාධකයකි. මේ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සඳහා ඉල්ලුම අනාගතයේ තව තවත් වැඩිවේ. එක් උදාහරණයක් ලෙස විවාහ හා පවුල් චිකිත්සකයින්ගේ අවශ්‍යයතාවය 2020 දී 41% දක්වා වර්ධනය කිරීමට ඇමරිකා කම්කරු සංඛ්යාලේඛන කාර්යාංශය අපේක්ෂා කර ඇත.

  • මෝටර් රථ චාර්ජ් කිරීමේ මධ්‍යස්ථාන

විදුලි වාහන දැනටමත් මෝටර් රථ වෙළඳපොළේ පවතින අතර වැඩි වන පාරිභෝගිකයන් සඳහා මෙවැන් ස්ථාන තව තවත් ඇති කල යුතුව ඇත. උදාහරණ ලෙස ඇමරිකාවේ නිසාන්-ලීෆ් විදුලි කාරය එහි වෙළ‍ඳ පළට පැමිණීමටත් පෙර සියල්ල විකිණී අවසන්ව තිබුණා.

අනාගතයේ එම ආකාරයේ වාහන සඳහා වන ඉල්ලුම තවත් වර්ධනය වන අතර  එම මෝටර් රථ ධාවනය සඳහා චාජ් කිරීමේ ස්ථාන සඳහා ද ඉහළ ඉල්ලුමක් ඇති වේ. ඔවුන් අදහස් කරන්නේ ඉන්ධන පිළිබ‍ඳ දැනටමත් විශාල ගැටලු ඇති වෙමින් පවතින බැවින් ජනතාව විදුලි බලය මිලදී ගැනීමට පසුබට නොවන බව සහතික බවයි.

  • සමාජ මාධ්‍ය උපදේශනය

ෆේස්බුක් සහ ට්විටර් වැනි සමාජ ජාල වල ජනප්‍රියත්වය වැඩිවීමත් සමග අනාගත ව්‍යාපාර සිය ගනුදෙනුකරුවන් සඳහා මෙම flatform භාවිතා කිරීමට වඩා වැඩිය අවධානයක් යොමු කරයි. සමාජ ජාලයන් මත සිය නිෂ්පාදන සහ සේවාවන් ප්‍රවර්ධනය කිරීම සහ අලෙවිකරණය සඳහා ව්‍යපාරයට උපදෙස් සපයන අලෙවිකරණ උපදේශකයන්ට විශාල ඉල්ලුමක් ඇති වී තිබේ. සමාජ මාධ්‍යය ව්‍යාපාර සඳහා අදාළ වන තාක් කල් මෙම ඉල්ලීමද වර්ධනය වැඩි වනු ඇත.

  • SEO සමාගම්

හොඳ SEO සේවා සඳහා වන ඉල්ලුම බෙහෙවින් ඉහලවන අතර මෙය සම්බන්ධ වන්නේ වෙබ් අඩවි නිර්මාණය පිළිබ‍ඳවයි. වෙබ් අඩවියක් හිමි සෑම ව්‍යාපාරිකයෙකුටම තම ලාභ ආන්තිකය වැඩි කිරීම සඳහා search enging සහ මිනිසුන් සොයා ගැනීම් වැදගත් වේ. ඔබේ නිවසේ සිටම SEO සේවා සැපයිය හැකිය. තරඟය තුල නොනැසී පැවතීමට ඔබගේ ඉගෙනීම් කටයුතු අඛණ්ඩව පවත්වා ගත යුතුය. සෑම නව සෙවුම් එන්ජින් යාවත්කාලීනවීමක්  සමඟ ඔබ හා ඔබේ උපාය මාර්ග වෙනස් විය යුතුයි.

අපිට දැන් ජොබ් එක්ක කරනවා නම් මේවා කරන්න බෑ නේ එකට අපිට මොකද කරන්න පුළුවන්.අපිට පුළුවන් අමතර අදායමක් උපයන්න එකට ඕන තරම් මාර්ග තියෙනවා අපි ඒවා හොයා ගන්නයි ඕන.අපි එක අදායමක් දිහා බලන් ඉන් නැතුව අදායම් ලැබෙන මාර්ග වැඩිදියුණු කර ගන්නයි ඕන.ඔයාල ජොබ් එකක් කරනවා නම් අමතරව ඔයාලට internet එක හරහා කරන ඉපයීම් කරන්නත්.මොනවද එතකොට අපිට internet එක හරහා කරන්න පුළුවන් ඉපයීම්. Forex Trading , Ebay selling Fiverr ,adsence ….  තව බොහෝ දෙ කරන්න පුළුවන් ඔයාලට මේවා දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න facebook page එකට like එකක් දාන්න.ඔයාලට දැනගන්න ඕන ඕනෑම දෙයක් comment කරන්න නැත්නම් msg එකක් දාන්න.

එහෙනම් ඔබට ජය සුබ දවසක්….

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *