මුගාබේගේ ඉරණම කෙසේ විසදෙයිද?

හමුදා කුමන්ත්‍රණයකට ආසන්න සිදුවීමක් පසුගියදා වාර්තා වුණේ සිම්බාබ්වේ රාජ්‍යයෙන්.  නොවැම්බර් 14 වන අගහරුවාදා උදැසන හරාරේ නගරය දෙසට ගමන් කරන හමුදා රථ පෙළක් දකින්නට ලැබුනා. බදාදා අලුයම වනවිට එරට හමුදා ප්‍රධානි මේජර් ජෙනරාල් එස්.බි.මොයෝ රාජ්‍ය මාධ්‍ය ඔස්සේ නිවේදනය කලේ, මෙය හමුදා කුමන්ත්‍රණයක් නොවන බවත් ජනාධිපතිවරයා වටා සිටින දූෂිත පුද්ගලයින්ට එරෙහිව ආරක්ෂක හමුදාව ක්‍රියාත්මක වූ බවයි. ජනපති […]

ආදරණිය වේල්සයේ කුමරිය, මේ ඔබේ කතාවයි Diana- The People’s Princess

ඇය අතිශයින්ම රූමත්ය. සුකොමලය. මිහිබට සුරගනක් බදුය. දුටුවන්ගේ නෙත් සිත් වශීකරවන නෙත් සගලක හිමිකාරිනියකි. වියලි කතරට දිය බිදක් සේ ඇගේ මන්දහාසය ජනතා සිත් සනහාලයි. දුප්පත්,පොහොසත් භේදයකින් තොරව සැමට සැලකීම ඇගේ අරමුණයි. “මට අවශ්‍ය ජනතාවගේ හදවතේ රැජිනියක් වීමටයි- I’d like to be a queen in people’s heart” ඒ ඇගේ හද ගැහුණු රාවයයි. දෙස් විදෙස් ජනතාවගේ ජනාදරයට […]

අපිත් කෙසෙල් වවමුද? II කොටස

කෙසෙල් වගාවට අවශ්‍ය බිම් සැකසීම, රෝපණ ද්‍රව්‍ය සපයා ගැනීම ආදිය පිළිබද තොරතුරු  ඊයේ අපි ඉදිරිපත් කළා. අද කථා කරන්නේ තවාන් කිරීම,වගාවට අවශ්‍ය ජල කළමනාකරණය ආදිය පිලිබදවයි.   අංකුර කැබලි තවාන් කිරීම  පළල සෙන්ටිමීටර් 90ක් හා අවශ්‍ය පමණ දිගින් යුතු පාත්ති සකසා ගන්න. තවාන් මාධ්‍යය ලෙස කොම්පෝස්ට් මිශ්‍රණයක් හා පස් යොදාගන්න. එකිනෙකට ආසන්නයෙන් අල කැබලි සිටුවන්න. […]

අපිත් කෙසෙල් වවමුද? I කොටස

දැනට ලෝකයේ වගා කරන වඩාත්ම බෝග හතර අතර  කෙසෙල් අඩංගු වෙනවා. අග්නිදිග ආසියාවෙන් උපත ලද බව සැලකෙන මෙම බෝගයේ උද්භිද විද්‍යාත්මක නාමය මුසා ( musa)  යන්නයි. ජනප්‍රිය පළතුරක් මෙන්ම එළවළුවක් ද වෙන කෙසෙල් ලෝකයේ වගා කරන පලතුරු අතරින් දෙවැනි වන්නේ දොඩම්වලට පමණයි. ශ්‍රී ලංකාවේ ද විශාල භූමි ප්‍රමාණයක කෙසෙල් බෝගය වගාකර තිබෙනවා. බොහෝ විට කෙසෙල් […]

හිරු නොබසින අධිරාජ්‍යයේ අසහාය ව්‍යවසායකයා- Richard Branson

“ සැතපුම් දහස් ගණනක් දුර චාරිකාවක ආරම්භය එහි පළමු පියවරයි.  ඔබ එය තරණය කිරීමේ අසීරුතාවය, වෙහෙස හා අනතුරු ගැන සිතමින් සිටියහොත් , ඔබ කෙදිනකවත් එම පළමු පියවර නොතබනු ඇත. ජීවිතය නම් චාරිකාව දිනාගැනීමට ඔබ උත්සාහ නොකරන තෙක් , ඔබට ඔබේ අරමුණු සාක්ෂාත් කරගත නොහැකිවනු ඇත. ඉදින් ඔබ එම ප්‍රථම පියවර තබන්න. ඔබට අභියෝග මුණගැසේවි, පසුතැවීම් […]

ඔබ බුද්ධිමත් ද? මෙන්න බුද්ධිමත්බවේ ගති ලක්ෂණ

ඔබ බුද්ධිමත් ද? තමන්ගේ සගයොත් එක්ක වැඩ කරනකොට අනිත් අයට වඩා තමන් බුද්ධිමත් බව ඔබට හැගෙනවද? ශ්‍රේෂ්ඨ විද්‍යාඥයකු වුනු ඇල්බර්ට් අයින්ස්ටයින් පවා මොළයෙන් 0.25% පමණ සුළු කොටසක් පමණක් භාවිතා කල බවට මතයක් තියෙනවා. මැතකදී සිදුකල පර්යේෂණයකදී , යම් යම් පෞරුෂ ලක්ෂණවලින් හෙබි පුද්ගලයින් තම සගයින්ට වඩා බුද්ධිමත් බව තහවුරු වී තිබෙනවා.  අද අපි ඒ ලක්ෂණ […]

ආදරේ හිතෙනවා දැක්කම රොබෝ ළදකී ඈ ලස්සන

ආදරේ කියන්නේ හරිම සුන්දර හැගීමක්. ඕනෑම කෙනෙක් කැමති තමන් ආදරේ කරන තැනැත්තා/තැනැත්තිය  සමග අතිනත් ගන්න. කවදාහරි දවසක මිනිස් හැගීම් තියෙන රොබෝ කෙනෙක් ඔයාට ආදරේ කරොත්? මංගල යෝජනාවක් ගෙනාවොත්? එදාට ඔයාට මොනවා හිතේවිද? එයා රොබෝ කෙනෙක් කියලා අකමැති වෙනවද? මේක කියවන ඔයාලට හිතෙනවා ඇති මේ මොන විකාරද කියලා. රොබෝලා කොහොමද මිනිස්සුන්ව කසාද බදින්නේ? ඔහොම හිතන ඔයාලා […]

කෘත්‍රිම බුද්ධිය කොයිබටද ?

නවීන තාක්ෂණය ඇසුරු සැනින් වෙනස් වෙමින් වේගයෙන් ඉදිරියට ගමන් කරනවා. ලෝකය වෙනස් වෙනකොට අපිත් ඒවිදියට වෙනස් වෙන්න ඕන. දැනුම ලබා ගන්න ඕන. නැත්තම් විශ්ව ගම්මානය ඇතුලේ අපිව අතරමං වේවි. ඉතා සූක්ෂම විදියට තාක්ෂණයේ වෙනසක්  ඇති කරපු කෘත්‍රිම බුද්ධිය හෙවත් Artificial Intelligence ගැනයි අද අපි කථාකරන්න යන්නේ.

 

මොකක්ද මේ කෘත්‍රිම බුද්ධිය?

මිනිසාට වගේම තනියෙන් හිතල වැඩකරන්න පුළුවන් බුද්ධිමත් යන්ත්‍ර නිර්මාණය කිරිම අරමුණු කරගත්ත පරිගණක විද්‍යාවේ එක් ක්ෂේත්‍රයක් කෘත්‍රිම බුද්ධිය, ‘Artificial Intelligence’ නැත්තම් AI කියල හදුන්වනවා.සුහුරු ලෝකයේ කර්මාන්ත නිෂ්පාදනයට දැන් AI නැතුවම බෑ.  ඒ යටතේ,ඉගෙනුම (learning) , සැලසුම්කරණය (Planning), ගැටළු විසදීම (Problem Solving), හේතු දැක්වීම (Reasoning)  වගේ හැකියාවන්ගෙන් සමන්විත යන්ත්‍ර දැනටමත් නිපදවල අවසානයි.

 

කෘත්‍රිම බුද්ධියේ ඉතිහාසය

අජීවි වස්තුන්ට පණ දීලා ඒවාට බුද්ධිය ලබා දෙන්න මිනිස්සු හිත යොමුකෙරුවේ මීට ශතවර්ෂ ගානකට ඉස්සරවෙලා. ග්‍රීක,චීන වගේම ඊජිප්තු ජාතිකයන් අතරේ ප්‍රසිද්ධ මිත්‍යා කථා මේක තහවුරු කරන්න  සාක්ෂි සපයනවා.

දහනවවන සියවසේ මැද භාගයෙදී නවීන කෘත්‍රිම බුද්ධිය (Modern AI) ගැන ලෝකේ අහුමුලු වල විවිධ කථා පැතිරුණා. ඒත්, AI පරිගණක විද්‍යාවේ අලුත් ක්ෂේත්‍රයක් විදියට අත්පොත් තිබ්බේ 1956දී නිව් හැම්ප්ෂයර් නගරයේ පැවැත්තුන ලෝක ප්‍රසිද්ධ ඩාර්ට්මවුත් විද්‍යාත්මක සම්මේලනයේදී (Dartmouth Conference) .  ඒ අවස්ථාවේදී AI වල ප්‍රාරම්භක පියවරුන් විදියට මර්වින් මින්ස්කි,ජෝන් මැක්කර්නි, ඇලස් නිව්වෙල්, හර්බට් සිමොන් නම් කරා. තාර්කික සිද්ධාන්තවාදයේ සංවර්ධනයට තැබූ විද්‍යාත්මක පියවරක් විදියට නුතන කෘත්‍රිම බුද්ධිය ලෝකය තුල ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ එහෙමයි. Read more about කෘත්‍රිම බුද්ධිය කොයිබටද ?

රහස් පණිවිඩ සහ අදිසි තීන්ත

රහස් පණිවිඩ ලියන්න අතීතයේත් භාවිතාවුනු අදිසි තීන්ත නැත්තම් invisible ink නව තාක්ෂණයත් එක්ක වැඩිදියුණු වෙමින් තියෙනවා. පණිවිඩයක් හංගලා යවන්න තියෙන හොදම ක්‍රමයක් තමයි මේ අදිසි තීන්ත භාවිතා කිරීම. මුද්‍රණය කිරීමේ හැකියාවකුත් තියෙන, අලුතෙන් හොයාගත්ත අදිසි තීන්ත වර්ගය හොර උපක්‍රමයක් කියලා හොයාගන්න හරිම අමාරුයි.   චීනයේ ෂැන්හයි ජිඅවෝ ටොන්ග් විශ්වවිද්‍යාලයේ, ලිආන්ග් ලී හා ඔහුගේ යාලුවෝ කිහිපදෙනෙක් […]