හොඳ Forex Broker කෙනෙක් හඳුනා ගනිමු | Forex Brokers types. | Forex trading sinhalen

අපි දැන් පටන් ගන්න යන්නේ ලෝක මුල්‍ය වෙලදපලත් එක්ක ගනුදෙනු කරන්න.අපිට මේකෙදි කෙලින්ම ගිහින් ගනුදෙනු කරන්න බෑ එකට register උන අපිට සේවා සපයන ආයතන තමයි Forex Broker Company කියන්නේ මෙයාලා ගත්තොත් විවිධාකාරයි. ලංකාවේ ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි nordfx හොඳයිද? hotforex හොඳයිද? ආදී ප්‍රශ්න.මොකද අපේ රටේ සිංහලෙන් තියන website  promote කරන්නේ මේ ආයතන හන්දා අපි කරන්න යන්නේ ඔයාලට මෙම ආයතන වල වෙනස්කම් පෙන්නලා දීලා වඩා සුදුසු තැනට යන්න පාර පෙන්නන එක.

ඉස්සලම කියන්න ඕන මේ පොස්ට් එක ටිකක් දිග වෙයි එත් සේරම කියවන්න මොකද මුල හොඳ නැතුව ගන්න තීරණ වලින් පසුව පසු තැවෙන්න වෙන්න පුළුවන් එකයි.

මෙය chatura Adikari අයියා sl forex club හි පලකිරිම උපුටාගනිමකි.පහත කරුණු වලින් ඔබ ලබන දැනුමට සියලු ගෞරවය ඔහුට හිමි විය යුතයි.

Forex Brokers ලාගේ සැගවුණු රහස් – Part 01

මම කලින් post එකේ එයාලට කීව Forex Brokers ලා වර්ග කීපයක් ගැන (ECN, STP, Market Maker, DMA) මම ඒ Brokers ලා ඛාණ්ඩ සියල්ල ප්‍රධාන වශයෙන් කොටස් 2කට වෙන කරනවා NDD (Non-Dealing Desk) and DD (Dealing Desk).

NDD (Non-Dealing Desk) යටතේ
# ECN (Electronic Communication Network)
# STP (Straight Through Processing)
# DMA ( Direct Market Access)

DD (Dealing Desk) යටතේ
# Market Maker

***** NDD හා DD Brokers ලාගේ Trade Execute වන ආකාරය පහත රෑප සටහන් වලින් ඹබට පැහැදිලි වේ.

sinhala forex lakforex

sihala forex trading

සියලුම Market Maker Accounts වල Order Type එක වන්නේ Instant Execution හා සියලුම ECN, STP, DMA වල Order Type එක වන්නේ Market Execution.

Instant Execution හා Market Execution ගැන වෙනම පැහැදිලි කරන්නම්.

සරලවම කීවොත් Market Maker ලාගේ ලාභය වන්නේ Traders ලා Loss වීමයි. සෑම මොහොතක දීම එයාල උත්සහ කරන්නෙ Traders loss කරන්නයි. මෙම වර්ගයේ Brokers ලා නිතරම Requotes හා Order rejections, Stop loss hunting, Spread climbing ඇත.

ඔයාලා වැඩි වශයෙන්ම භාවිතා කරන Market Maker Brokers ලාට උදාහරණ වශයෙන්

# NordFX
# XM
# FXPro
# LiteForex
# Instaforex
# Markets.com
# Admiralmarket
# FXDD
# FXCM (Elite DD Broker)
# Exness
# AvaTrader
# Roboforex
# Alpari
# Fibo Group
# EasyForex
# Just Forex

ඒ වාගේම Non-Dealing Desk Brokers ලාගේ ලාභය වන්නේ Traders ලා වැඩි Volume ප්‍රමාණයකින් trade කිරීමයි. Real NDD Broker කෙනෙක් කැමති Traders ලා වැඩි Lots ප්‍රමාණයක් Trade කරල Market එකේ රැදී සිටීමයි.

********* එ් වගේම සියලුම Non-Dealing Desk Brokers ලා Real NDD Broker නොවන බව මතක තබාගන්න.

ECN Brokers ලා commission charge කරනවා අපි trade open කරන lot ප්‍රමාණය මත. (මෙහි දී අපිට Real Bank Spread එක හම්බෙනවා)

Ex : Real Bank Spread + Commission

STP and DMA Brokers ලා Markup එකක් Add කරනවා Spread එකට.

Ex: Real Bank Spread + Markup Spread

ඔයාලා වැඩි වශයෙන්ම භාවිතා කරන ECN/STP/DMA Brokers ලාට උදාහරණ වශයෙන්.

# IC Markets
# Tickmill
# FXCC
# VARIANSE
# Pepperstone
# AxiTrader
# Darwinex

ඇයි සියලුම ECN/STP/DMA Brokers ලා Real Non-Dealing Desk Brokers ලා නොවන්නෙ?

ඊගාව Post එකෙන් මම එක පැහැදිලි කරන්නම්. අද මම මේ ගැන කතා කරන්න හිතුවෙ ඉදිරියට මම පැහැදිලි කරන දේවල් සමහර අයට නොතේරෙන්න පුළුවන් නිසා.

මම හිතනව යාළුවන්ට තේරෙන්න ඇති කියල. ඉතාමත්ම කෙටියෙන් පැහැදිලි කලේ. සියලුම දේවල් ලියන්න Time නෑ ගැටලුවක් තිබුණොත් comment එකක් දාන්න.

Bye…. Cheers….

Forex Brokers ලාගේ සැගවුණු රහස් – Part 02

ඇයි සියලුම ECN/STP/DMA Brokers ලා Real Non-Dealing Desk Brokers ලා නොවන්නෙ?

ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමා මේක. මම වැඩිය වටේ යන්නෙ නැතුව කෙටියෙන්ම කීවොත් ඹයාල දැනට භාවිතා කරන Meta Trader Platform එක Market Makers ලාගේ Platform එකයි. ඒ කියන්නේ ඔයාලගේ සියලුම Orders and Trades බ්‍රෝකර්ලට Control කරන්න පුළුවන්.

මොනවද Control කරන්න පුළුවන් ?

Slippage, Requotes, Off-Quates, Order Rejections, Stop Loss hunt ඔය වගේ දේවල් තමා.

ඔයාලට තියෙන් තව ප්‍රශ්ණයක් තමා Market Makers ලා වගේම ECN/STP/DMA Brokers ලා වෙලත් ඇයි එහෙම කරන්නෙ කියන එක් නේද.

Forex Market එකේ Traders ලාගෙන් 90% වඩා ප්‍රමාණයක් අසාර්තකයි එනිසා මේ Brokers ලා එකෙන් වාසිය ගන්නවා. Small Volume එක්කින් Trade වෙනවනම් Market Maker Condition යටතෙත් ක්‍රීයාත්මක වන අතර Large Volume එකකින් Trade වෙන වනම් Liquidity Providers ලාට order send කරයි. මොකද වැඩිපුරම loss වෙන්නෙ retail traders ලා නිසා.

කොහොමද Market Maker Condition යටතේ Trade Control කරන්නෙ?

එකට මේ Brokers ලාට Branded Meta Trader Terminal එක මිල දී ගන්න විට එකත් එක්ක Virtual Dealer Plugin කියල එකක් හම්බෙනවා. මේ Plugin භාවිතා කරල ඕනෙම ජරා වැඩක් කරන්න පුළුවන්. මම ඒ Virtual Dealer Plugin එකෙන් කරන හොරවැඩ පිලිබදව පොඩි Video එක්ක මේ post එකට attach කරනවා ඒක හොදට බලන්න.

මීට මාසයකට විතර කලින් FXCM කියන World #No1 Market Maker Broker Company එක USA වලින් තහනම් කරනවා Virtual Dealer Plugin භාවිතා කරල Investor ලාගේ USD Million ගණනක මුදලක් Manipulate කිරීම සම්බන්ධව.

මදක් සිතන්න Non-Dealing Desk Brokers ලා එහෙමනම් Market Makers ලා කොහොම ඇතිද?

ඊගාව ලිපියෙන් අලුත් දේවල් ටිකක් ඔයාලට කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.

නොතේරෙන තැනක් තියෙන්වන්ම් comment කරන්න.

Cheers…..

Note: 

මෙහිදී අපි ecn non dealing desk broker කෙනෙක් තොර ගන්නවා නම් ගොඩක් වටිනවා.bonus දෙනවා අරය හොඳයි කිව මෙයා හොඳයි කිව කියල නෙමෙයි ඇත්තටම සිද්දිය දැනගෙන හොඳ කෙනෙක්ගේ register වෙලා ලංකාවට $$$ ගෙන්න හැකි වෙන්න කියල පතමින් නවතින්නම් හැමෝටම ජය වේවා…

මීළඟ පාඩම්..

පළමු කොටස ( මුලික දැනීම)

  1. Forex කියන්නේ මොකක්ද??මෙයින් ලැබෙන වාසි හා අවාසි.
  2. හොඳ Forex Broker කෙනෙක් හඳුනා ගනිමු | Forex Brokers types.
  3. හොඳ Forex broker කෙනෙක්ගේ register වෙමු.
  4. create demo account and Meta trader software එකෙන් demo trading පටන් ගැන්ම.
  5. Forex  chart type/candles type
  6. Forex වල buy and sell කියන්නේ මොකක්ද??
  7. real account එකක් හරියාකාරව හදා ගමු(verify Forex real account).
  8. Neteller or Skrill account එකකින් Forex account එකට මුදල් ආයෝජනය.
  9. Money Withdrawal ( මුදල ඔබේ බැංකු ගිණුමට ලබා ගැනීම)

දෙවන කොටස ( මුලික දැනුමෙන් ඔබ්බට.)

තෙවන  කොටස ( Advance Forex trading Methods)

අවසාන කොටස.( Special topics )

Post Author: diyaneth

Leave a Reply

Your email address will not be published. Required fields are marked *