හිරු නොබසින අධිරාජ්‍යයේ අසහාය ව්‍යවසායකයා- Richard Branson

“ සැතපුම් දහස් ගණනක් දුර චාරිකාවක ආරම්භය එහි පළමු පියවරයි.  ඔබ එය තරණය කිරීමේ අසීරුතාවය, වෙහෙස හා අනතුරු ගැන සිතමින් සිටියහොත් , ඔබ කෙදිනකවත් එම පළමු පියවර නොතබනු ඇත. ජීවිතය නම් චාරිකාව දිනාගැනීමට ඔබ උත්සාහ නොකරන තෙක් , ඔබට ඔබේ අරමුණු සාක්ෂාත් කරගත නොහැකිවනු ඇත. ඉදින් ඔබ එම ප්‍රථම පියවර තබන්න. ඔබට අභියෝග මුණගැසේවි, පසුතැවීම් ඇති වේවි, ඔබ කඩා වැටේවි, නමුත් අවසානයේදී ඔබ ජයග්‍රහණය කරනු ඇත.” මේ ඔහුගේ වචනයි, ඔහුගේ දර්ශනයයි.

හිරු නොබසින අධිරාජ්‍යයේ අසහාය ව්‍යවසායකයා ලෙස කිරුළු පලන්  ඔහු වරෙක ආයෝජකයෙක්, කතුවරයෙක්,කථිකයෙක්, නව නිපයුම්කරුවෙක් මෙන්ම මහජන හිතකාමියෙක්. එපමනක් නොව  ලොව පුරා විහිද ගොස් ඇති වර්ජින් (Virgin)  බහුජාතික සමාගමේ සාඩම්බර හිමිකරුවා ද ඔහුයි. නමින් ඔහු රිචඩ් බ්‍රැන්සන් (Richard Branson)  ය.

 

කවුද මේ රිචඩ් බ්‍රැන්සන්?

රිචඩ් දරුවෙක් ලෙස

 

වර්ෂ 1950 ජුලි මාස 18 වනදා, එංගලන්තයේ සරේ ප්‍රාන්තයේ දී,රිචඩ් චාර්ල්ස් නිකලස්  බ්‍රැන්සන් මෙලොව එළිය දුටුවා. ඔහුගේ පියා බැරිස්ටර්වරයෙක්.මව පියාසැරි උපස්ථායිකාවක්  (flight attendant).  රිචඩ් කුඩා කාලයේදී ඩයිස්ලෙක්ෂියා (dyslexia) නැමැති රෝගයෙන් පිඩා වින්දා. ඔහු වසර 16 ක් වනතුරු තම පන්තියේ අන්තිමයා වෙමින් කල් ගතකලා.ඔහුගේ රෝගය හදුනා නොගත් ගුරුවරුන් ඔහුව කම්මැලියෙක් ලෙස හංවඩු ගැහුවා. ඔහු අවුරුදු 16දි පාසල් අධ්‍යාපනයට සමුදුන්නා.

 

තරුණ ව්‍යවසායකයකු ලෙස ……………..

පාසල් අධ්‍යාපනයට සමුදුන් නමුත් රිචඩ් තමන් අදක්ෂයෙකුයි සිතා සැලුනේ නැහැ.

ඔහු  student නමැති සගරාව ආරම්භ කරා. වර්ෂ 1966 දී එළිදැක්වූ , සිසුන් පිරිසක් එක්ව කල මෙම සගරාවේ ප්‍රථම මුද්‍රණය ,ඩොලර් 8000ක් ඉපයීමට සමත් වුණා.  පළමුව මෙම සගරාව නොමිලයේ බෙදාහැරියත්, වෙළද ප්‍රචාරක ක්‍රම මගින් ලාබ ඉපයීමට රිචඩ් සමත් වුනා.  ඒ සමයේදී බ්‍රිතාන්‍යය තුල සංගීතය ජනප්‍රිය වු යුගයක් බිහිවුණා. එමගින් නව අදහසක් ලබාගත් රිචඩ් “වර්ජින්”නම්  තැපෑලෙන් ඇනවුම් කරනා පටිගත කිරීමේ (mail order record) සමාගමක් ආරම්භ කළා.  මෙයින් සාර්ථක වූ රිචඩ් ලන්ඩනයේ “වර්ජින් රෙකොඩ්ස් “ නමැති පටිගත කිරීමේ මැදිරියක් ආරම්භ කළා.

 

Virgin Records…………………

1973 දී මයික් ඕල්ඩ්ෆීල්ඩ් නම ගායකයා virgin records ලේබලය යටතේ ගීතයක් පටිගත කළා . virgin records ලේබලය

යටතේ ප්‍රථම වරට නිර්මාණය වූ “ Tubular Bells” නම් එම ගීතය බ්‍රිතාන්‍ය තුල අතිශයින් ජනප්‍රිය වුනා. අනතුරුව virgin records සමග අත්වැල් බැදගත් Rolling stones, Culture club  වැනි සංගීත කණ්ඩායම් virgin ලේබලය ලෝකයේ මුල්ම පටිගත කිරීමේ ආයතන හය අතරට රැගෙන ඒමට සමත් වුනා.

 

 

ව්‍යාපාරය පුළුල් කිරීම…..

රිචඩ්ගේ සාර්ථකත්වය එතනින් අවසන් වුනේ නැහැ. ඔහුට ව්‍යපාර ලෝකයේ නව සොයාගැනීම් කිරීමට අවශ්‍ය වුනා. ඒ අනුව 1980දි ඔහු “ Virgin AtlanticAirline”  ගහන යාත්‍රා සමගම ආරම්භ කළා.ක්‍රමයෙන් වර්ධනය වෙමින් ලැබ ඉපයූ මෙම සමගම 1992දි හදිසි මුල්‍යමය ගැටලුවකට මුහුණ පෑවා. ඉතින් රිචඩ්ට, එම සමාගම විකුනන්න වුනා.

නමුත් ඔහුගේ නොපසුබට උත්සාහය හා කැපවීම නිසා ඔහු ශක්තිමත්ව එම ගැටලුවට මුහුණ දුන්නා. සංගීත කර්මාන්තය තුල රැදී සිටිමින් තම ව්‍යාපාර ශක්තිමත් කල ඔහු virgin studio නමින් චැනලයක් ආරම්භ කළා.

ක්‍රමයෙන් වර්ධනය වුනු virgin සමාගම මේ වනවිට එක්සත් රාජධානිය,ඇමෙරිකාව, කැනඩාව,ඔස්ට්‍රේලියාව,දකුණු අප්‍රිකාව,ඉන්දියාව ඇතුළු  ලොව පුරා  රටවල් 35ක පමණ පැතිරිලා තියනවා.සේවකයින් 70,000ක් පමණ එහි සේවය කරනවා.  virgin  සමාගම මේ වනවිට දුම්රිය, ජංගම දුරකථන, අභ්‍යවකාශ සංචාරය ආදී ක්ෂේත්‍රත් ආක්‍රමණය කරලා.

ජීවිතය ජයගත්  රිචඩ්

 

Virgin Galagtic……

මෑත භාගයේදී, රිචඩ්ගේ අවධානය යොමු වුණේ, අභ්‍යවකාශ සංචාරක කර්මාන්තය තමන්ගේ ව්‍යාපාරයට ඈදා ගැනීම පිලිබදවයි. ඔහු කුඩා කාලයේ පටන් වීරක්‍රියා කිරීමට කැමති අයෙක්. අත්ලාන්තික් හා පැසිෆික් සාගරය හරහා උණුසුම් වායු බැලුනයක් යොදාගනිමින් තරණය කරන්නත්  ඔහු සමත් වුනා.  2013දි ආරම්භ කල Virgin Galagtic අභ්‍යවකාශ සංචාරක  සමාගම මේ වනවිට සාර්ථක ආදායමක් උපයනවා. වර්ෂ 2009 වනවිට පුද්ගලික  දුපත් දෙකක හිමිකාරයෙක් විදියට “ලෝක බිලියනපතියන්”ගේ ලැයිස්තුවටත් ඔහුගේ නම ඇතුල් වුණා.

 

ඔබට එය කල හැකියි…

virgin සමාගමේ සේවකයින් රිචඩ්ට අමතන්නේ Dr.Yes යන සුරතල් නාමයෙන්, ඒ ඔහුගේ ශබ්ද කෝෂයේ “බැහැ”යන වචනය නැති නිසයි.

රිචඩ් තම මව සමගින්

“බැහැ  යන කුඩා වචනයට අපගේ සිහින බොද කරන්න ඉඩ දෙන්න හොද නැහැ. කුමක්  හෝ ක්‍රමයකින් තමන්ගේ ඉලක්කය වෙත ලගාවිමට මාර්ගයක් හොයාගන්න ඕන. නිතරම ඔබ අවදියෙන් සිටින්න ,එවිට ඔබට අනිවාර්යෙන්ම මාර්ගයක් පෑදේවි”  රිචඩ් මෙහෙම සදහන් කරන්නේ “Screw it, Lets Do it” නම් ග්‍රන්ථයේයි.  තමන්ගේ අම්මා තමන්ගේ ජිවිතයේ  ආදර්ශ නියමුවා වූ බව ඔහු වැඩිදුරටත් පවසනවා.

කතුවරයෙක් ලෙසත් ප්‍රසිද්ධියට පත්වුණ රිචඩ් පොත් ගණනාවක් ලියලා තියෙනවා. “Virgin Rebel, Like a virgin, Screw it lets do it, Finding my virginity”  ඒ අතරින් කීපයක්.

 

 

සිහින පසුපස හඹායාම, අත්නොහැරිම,යථාර්තවාදී අරමුණු සකස් කරගැනීම, එකිනෙකාට උදව් කිරීම,  හොදින් සුදානම් වීම, පසුතැවිලි නොවීම ආදී බොහෝ චරිත ලක්ෂණ රිචඩ් බ්‍රැන්සන්ගේ ජිවිතයෙන් අපිටත් උකහා ගන්න පුළුවන්.

 

“අසමත්වීම් තුලින් පාඩම් ඉගෙනගෙන  පසුබට නොවී නැවත අරඹන්න” ඒ ඔහු අපිට ලබා දෙන පණිවිඩයයි.

 

 

 

 

Post Author: Gayani Herath

1 thought on “හිරු නොබසින අධිරාජ්‍යයේ අසහාය ව්‍යවසායකයා- Richard Branson

Leave a Reply

Your email address will not be published. Required fields are marked *