සම්ප්‍රදාය අතික්‍රමණය කළ පෙරූ හි විශ්ව රූ රැජින තරගාවලිය

2017 නොවැම්බර් 26 වන දින Las Vegas හිදී පැවැත්වීමට නියමිත විශ්ව රූ රැජිණ තරගාවලිය ලොව පැවැත්වීමට නියමිත 66 වන විශ්ව රූ රැජිණ තරගාවලිය යි.

මීට සමගාමීව පසුගිය දිනෙක පේරු රාජ්‍යයේ රුමතියන් 153 දෙනෙකුගෙන් සමන්විත තරගාවලිය මෙතෙක් පැවති විශ්ව රූ රැජිණ තරගාවලීන්ට වඩා විප්ලවීය වෙනසක් දරා තිබුණි.

ඇමෙරිකාවේ Las Vegas හි පැවැත්වෙන විශ්ව රූ රැජින තරගය සඳහා සුදුසුකම් ලැබූ රූ රැජිනන් 23 දෙනා තම තරග වටයේදී සිය සිරුරේ ප්‍රමාණ ඉදිරිපත් කරනු වෙනුවට, කාන්තාවන්ට එරෙහි ලිංග භේදය පදනම්ව එල්ලවූ ප්රමුඛ පෙළේ ප්රහාර පිළිබඳ ප්රවෘත්ති වාර්තා ඉදිරිපත් කෙරීය.

පෙරු රාජ්යය තුළ සිදුවන ලිංගික සූරාකෑම හේතුවෙන් සෑම මිනිත්තු 10ට වරක් තරුණියක් මිය යන බවත්, එරට කාන්තාවන්ගෙන් 70% වැඩි ප්රමාණයක් මහමග හිරිහැරයට ලක්වන බවත් ඔවුන් ලොවට අනාවරණය කෙරීය.

“අවාසනාවකට වගේ, මේ ගැන නොදන්නා බොහෝ කාන්තාවන් හිතන්නේ මේවා හුදෙකලා සිදුවීම් කියලයි,” තරගයේ සංවිධායිකා ජෙසිකා නිව්ටන් ඒඑෆ්පී පුවත් සේවයට පවසා ඇත. තරගයේ සංවිධායිකා ජෙසිකා නිව්ටන් මහත්මිය එහිදී කළ ප්‍රකාශයක් බොහෝ දෙනාගේ අවධානයට හා කතා බහට ලක් වී ඇත. එනම් තරගය ආරම්භයේදී එක්වූ තරගකාරියන් 150 දෙනාගෙන් 5 දෙනෙකුම දූෂණය ඇතුළු ප්රචණ්ඩත්වයට ගොදුරුවූවන් බවට ඇය කරන ලද ප්‍රකාශයයි.

“රෝමිනෝ ලොසානෝ” තරගයේ ජයග්‍රාහී රූ රැජින වූ අතර කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ තත්ත්වය පෙන්වමින් නොවැම්බර් මාසයේදී ලීමා අගනුවර පාගමනක් යෙදීමට තරගකාරියෝ බලාපොරොත්තු වෙති.

Published by

Shashikala iranthi

Iranthi93@gmail.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *