ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් බිලි ගත් කළු මරණයේ සාපය

ලෝක ඉතිහාසයේ මිනිස් වර්ගයා ගොදුරු කරගත් විශාලම ව්යසන වලින් එකක් ලෙස මධ්යතන යුගයේ එනම්
1346–1353 අතර කාලයේ යුරෝපය පුරා ව්යාප්ත වු කළුමරණය (Black Death) වසංගතය හැදින්විය හැකිය.

මෙම ලොවක් බිලිගත් වසංගතය පළමු වරට හටගන ඇත්තෙ මධ්යම ආසියාතික ප්රදේශයන් හීය. බොහෝ විට මෙය චීනයෙන් ආරම්භ වුවක් බවට විශ්වාස කෙරේ. නමුත් මධ්යම ආසියාතික ප්රදේශ වලට මෙහි බලපෑම එතරම් දරුණු ලෙස බලපා නොමැත.

මධයතන යුගයේ මෙම කාලය වන විට යුරෝපය හා ආසියාව අතර වෙළෙදාම් කටයුතු ඉතාමත් සාර්ථක ලෙසින් සිදු වෙමින් පැවති අතර සේද මාර්ගය ඔස්සේ දහස් සංක්යාත වෙළෙදුන් යුරෝපයේ සිට ආසියාවටත් ආසියාවේ සිට යුරෝපයටත් සංක්රමණය විය. මෙලෙස මධ්යම ආසියාවේ සිට යුරෝපයට පැමිණෙමින් තිබු වෙළෙද නැවක් හරහා එහි සිටි මීයන් මත ජීවත් වු මැක්කන් මගින් වෙළදුනගේ ශරීර හරහා ප්රථම වරට මෙම වසංගතය 1343 දී ක්රිමියාවට (crimea) පැමිණ තිබේ. ඉන් පසු මෙම වසංගතය මධ්යධරණි මුහුද හරහා යුරෝපයට පැතිර ගොස් ඇති අතර නිරන්තරයෙන් එහි රෝග වාහකයන් වී ඇත්තේ රටින් රටට සංක්රමණයේ යෙදුනු වෙළෙදුන් ය.

මෙකල නිවසක යම් කෙනෙකුට රෝගය වැළඳුනහොත් ඒ පවුලේ අය කළේ රෝගියා නිවසේ තනි කොට දමා නිවසේ කුරුසියක් ඇඳ තබා නිවෙස අතහැර පලාතකවත් නොසිට පලා ගොස් තිබේ. මෙසේ පලායන මිනිසුන් නිසා රෝගය නොතිබුණු පැතිවලටද රෝගය පැතිරිණ. යුරෝපය පුරා මිනිස්සු මිලියන විස්සක් පමණ රෝගයෙන් මියගියහ.

වසංගතය නිසා ලොව පුරා සිදු වූ මුළු මරණ සංඛ්යාව මිලියන 75 කට ආසන්න විය. යුරෝපයේ මරණ මිලියන 25 – 50 පමණ තක්සේරු විය. කළු මරණය මගින් යුරෝපානු ජනගහණය 30% – 60% ප්රමාණයක් මරා දමා තිබේ. මෙමගින් 1400 දී ලෝක ජනගහනය මිලියන 450 සිට මිලියන 350 ත් 375 ත් අතර ප්රමාණයකට අඩු කර ඇත.

මෙය කළු මරණය ලෙස හැදින්වුයේ රෝගීන්ගේ සිරුර පුරා කළු පැහැති පුල්ලි මතු වීමත් එයින් මිය ගිය අයගේ සිරුරු බෙහෙවින් කළු පැහැ ගැනීමත් නිසාය. හට ගත් කළු පුල්ලි පසුව කළු පැහැ ගෙඩි බවට පත් වී ඉන්පසු ඒ සැරව ගෙඩි පිපිරී ලේ ගලන්නට පටන් ගනී. රෝගියා අධික වේදනා විඳිමින්, සිහි විකල් වී මියයයි.

මුල් කාලීනව අඩු නොවන උණ සහ ලේ වමනය කිරීම වැනි රෝග ලක්ෂණ ඉස්මතු වීම සිදු විය. මීට ගොදුරු වූ කෙනෙක්ට දින තුනකින් සිය දිවිය අහිමි විය. වසංගතයේ මීළග අදියරය ලෙස වැසියන්ට ග්රන්ථි මහාමාරිය වැළදීම සිදු විය. මේ අවස්ථාවෙහිදීත් අඩු නොවන උණ රෝග ලක්ෂණයක් වූ අතර, බාහිර අංගයන්හි, විශේෂයෙන් කිහිල්ලේ සහ ඉකිලිවල සාරේ සහිත ගෙඩි සහ ලොකු බිබිලි හටගැනිණ. මින් පෙළුණු යමෙක් දින පහකින් මිය ගියේය.

1894 දක්වා ලොව එකම සොහොන් වලක් බවට පත් කළ මෙම වසංගතය කුමක්ද යන්න ලොවට අභිරහසක් විය. ගොදුරු වුවන් ගේ ශරීරයේ කළු පැහැති ලප දක්නට ලැබුනු අතර මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුරු සියල්ල අත්බුත ලෙස කලු පැහැ ගැන්වී තිබිණි. රෝගයට ගොදුරු වුවන් අවම වශයෙන් එය රෝගයක් බවවත් නොදැන සිටි අතර බහුතරයකගේ මතය වුයේ මෙය දේව ශාපයක් බවයි. මේ නිසා බොහෝ කාලයක් යනතුරු මින් බේරීමට හෝ මෙය මැඩපැවැත්වීමට කිසිවෙකු උත්සහ දරා නැත.

නමුත් කළු මාරයාගේ දේව ශාපයෙන් ඇලලී සිටි වැසියන්ට සුභ පණිවිඩයක් ගෙන ඒමට ප්රංශ ජාතික ක්ෂුද්ර ජීවීන් පිළිබඳ විශේෂඥයෙකු වූ අලෙක්සෝන්ද්ර යර්සැන් සමත් විය. එනම් ඔහු විසින් මෙම උවදුරට හේතුකාරක වූ බැක්ටීරියාව සොයාගැනීමයි. ඔහුව සිහි කිරීම සඳහා එයට නම් තැබුවේ යර්සැනියා පෙස්ටිස් යනුවෙනි.

ඉන් පසු මෙම රෝගය මහාමාරිය රෝගය බවට හදුනාගත් අතර අලෙක්සෝන්ද්ර යර්සැන්ගේ මග යමින් 1898 දී පෝල්-ලුවී සීමොන් නමැති තවත් ප්රංශ ජාතිකයෙකු රෝගය පැතිරවීමට මැක්කන්ද හවුල් වන ආකාරය සොයා ගත්තේය. මින් පසු රෝග ප්රතිශක්තීකරණ එන්නතක් සොයා ගත් අතර යම්කිසි සාර්ථකත්වයක් ඉන් අත් විය.

Published by

Shashikala iranthi

Iranthi93@gmail.com

One thought on “ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් බිලි ගත් කළු මරණයේ සාපය”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *