මා ඇසු සොඳුරුතම ආදර කතාව … ඔබ ??

ඇය එතැන සිටියාය…ඇය සුමිත්තා විය…
ඒ දීපංකර සම්බුදු රදුන් මහා සඝ ඝන පිරිවරා වඩිනා මොහොතයි…මුහුණ පුරා රැවුල් වැවු තවුසෙක් මඩ ගොඩක වැතිරී ගෙන සිටියි..ඒ තවුසාණන් මහා හඩින් ඒ රන් කදක් මෙන් වඩින සම්බුදු රදුන්ට ඇරයුමක් කරයි…එය එසේ මෙසේ ඇරයුමක් නොවන්නේය..””ස්වාමින් ඔය රෝස පැහැ සිරිපතුල් පද්මයන්හි මඩ නොතැවරේවා!!! මගේ පිට මත්තේ වඩීවා…දීපංකර සම්බුදු රජාණෝ මෙි අභීත වචන කියන්නේ කවුදැයි විමසන්නෝය….ඒ සම්බුදු නුවණට ගෞතම නම් සම්බුදු රජෙකු හසුවන්නේය…මෙි දැන් තමන් ඉදිරියේ සිටින්නේ ඒ වීර පුරුෂරත්නයයි…එදා දීපංකර සමුබුදු රදුන් සියල්ලන් ඉදිරියේ සිංහනාද කලෝය… මෙි තවුසා මතු බුදු වන්නේය… ගෞතම නමින් තුන්ලොව වසග කරන්නේය….මෙි සියල්ල සිදු වන අතරේ එතැන් එක් සුන්දර යුවතියක් සිටියාය


ඇය සුමිත්තාය…

සම්බුදුන් පුදන්නට ඇය අත උපුල් මල් මිටි 8කි…ඇය එදා එතැන සිදු වූ සියල්ල දුටුවාය…කිසිවෙකුටවත් නොදැනී ඇය සිතින් පැතුමක් පැතුවාය…””අනේ මටත් ඉපදෙනා හැම වාරයකම මෙි මහා වීර පුරුෂයා සමග ඉන්නට ඇත්නම්””….සියල්ලන් බලා ිටියදී ඇය දීපංකර සම්බුදු රදුන් පා මුල වැද වැටුනෝය…ස්වාමීන් මට ඔබ වහන්සේට දේන්නට දෙයක් නැත..මං ගෙනා මෙි මල් මිටි 8න් 5ක් ඔබ වහන්සේට පූජා වෙිවා….ඉතිරි මල් මිටි 3 මෙි මහා වීර තවුසාණන්ට පූජා වෙිවා…කියා ඇය මල් මිටි 3ක් සුමෙිධ තවුසාණනන්ට පූජා කොට රහසේම පැතුමක් පතන්නීය…මා සසර පුරාවට ඔහුගේම වෙිවා…..එතැන් පටන් ලොවක් සුවපත් කල මහා පොළොවක් කම්පා කල සුන්දරම ආදර කතාව ඇරඹෙන්නේය…එතැන් පටන් ඇයට සසරේදී අන්නත දුක් විදින්නට සිදු වන බව දැන දැනත් ඇය ඔහුවම පැතුවාය…එතැන් පටන් ඔහු ඇයගේම විය….ඔහු ඡද්දන්ත හස්තියා වන විට ඇය සුභද්දා ඇතින්නියයි…ඔහු සදකිදුරා වන විට ඇය ප්‍රේමණිය කිදුරියයි….ලේන කුලේ ඔහු උපන් විට ඇය ද ලේනිය වී ඔහු පසු පසය…ඔහු වෙනුවෙන් ඇය අනන්ත දුක් වින්දේය…ඒත් ඇය වචනයකින්වත් ඔහුගේ සිත නොරිද්දුවාය…වෙසතරු වතෙහි ඔහු දරුවන් දන් දෙන්නේය…ඇය දරුවන් විමසන්නීය…මා දරු දෙදෙනා දන් දුන්නේය ඔහු කියන්නේය…ඇය සිහිසුන් වන්නීය…ඇය නැවත නැගිටින්නීය…””ස්වාමීන් මගේ දරුවන් කොහිද””…”ප්‍රියාවෙනි දරුවන් දන් දුන්නේය”…ඇය නැවත සිහිසුන් වන්නීය….පිස්සියක් සේ හඩන්නීය…ඒත් ඇය වචනයක්වත් නොකියන්නීය….ඔහු ඇයවද දන් දෙන්නේය…ඒත් ඇය නිහඩය…..ඇය ගැලපුනේ ඔහුටම පමණි…සසර පුරාවට ඇය ඔහුව රැක්කේය…ස්වාමීනි මෙි සසර පුරාවට මා ඔබවහන්සේත් සමග පැමිණියෙමි…සසර පුරාවට මා අතින් යම් වරදක් වූවානම් සමා වුව මැනවි…අවසන ඇය අවසන් වරට ඒ සිරිපතුල් වැන්දාය…සාරාඅසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට මහපොළොවද කම්පා කරවූ ඒ අසිරිමත් ප්‍රෙම වෘතාන්තය…ලොවක් සුවපත් කලෝය…යශෝදරා….ඇය සසර පුරාවටම ඔහුගේම විය….ඇය ගැලපුනේ ද ඔහුටම පමණි…

ඔහු ගැලපුනේද ඇයටම පමණි…පෑව සෙනේ ඔබ මිස වෙන නැති යශෝදරා…

ඔබ සැමටත් මෙවන් ආත්මීය ප්‍රේමයක් ලබන්න පතනවා …

Post Author: diyaneth

Leave a Reply

Your email address will not be published. Required fields are marked *