ගන්නව නම් මෙන්න කාර් – 2017 වසරේ මිල අධිකම මෝටර් රථ

මෝටර් රථ එහෙම නැත්නම් කාර් කියන්නේ අද වෙනකොට ප්‍රවාහන ක්ෂේත්‍රයේ නැතුවම බැරි මාධ්‍යක්. ප්‍රවාහනය ඇරුණුකොට විලාසිතාවක් විදියට, ක්‍රීඩා වලට, සුව පහසුව සඳහා මගී ප්‍රවාහනයට මෝටර් රථය අද වෙනකොට යොදා ගන්නවා. ප්‍රභූ පැලැන්තියේ අය තමන්ගේ වත්කම ප්‍රදර්ශනය කරන සංකේතයක් විදියටත් මේ මෝටර් රථ යොදා ගන්නවා. ඉතින් ඒ විදියට ප්‍රභූ පැලැන්තිය සඳහාම නිපද්වූ 2017 වසරේ මිල අධිකම කාර් ගැනයි මේ තොරතුරු.

 

  • Koenigsegg CCXR Trevita (මිල-ඇ.ඩො. මිලියන 4.8)

 

දියමන්ති මිශ්‍රිත කාබන් ෆයිබර් ආලේපයක් සහිත ස්වීඩනයේ නිශ්පාදිත මෙම මෝටර් රථය ලීටර් 4.8 ධාරිතාවක් සහිත V8 එන්ජිමකින් යුත් අශ්වබල (horsepower) 1004ක බලයක් හා රාත්තල් අඩි 797 ක ව්‍යාවර්ථයක් (torque) සහිත අනර්ඝ මෝටර් රථයකි.

 

  • Lamborghini Veneno (මිල – ඇ.ඩො. මිලියන 4.5)

 

ලීටර් 6.5 ධාරිතාවක් සහිත V12 එන්ජිමකින් යුත් අශ්වබල 740 ක බලයක් හා රාත්තල් අඩි 507 ක ව්‍යාවර්ථයක් සහිත තත්පර 2.9 ක කාලයක් තුලදී පැයට කිලෝමීටර 60ක වේගයක් අත් කර ගත හැකි ප්‍රවේගකාරී මෝටර් රථයකි.

 

  • W Motors Lykan Hypersport (ඇ.ඩො. මිලියන 3.4)

 

Fast and Furious 7 film එකේදී නම් මේ කාර් එක දැකලා ඇති බොහෝ දෙනා. ලීටර 3.7 ධාරිතාව සහිත twin turbo එන්ජිම සහිත අශ්වබල 770 දරණ බලයක් සහිත මෙම මෝටර් රථය රාත්තල් අඩි 708 ක ව්‍යාවර්ථයක් සහිත එකක්. ඒ වගේම පැයට කිලෝමීටර 62 ක වේගයක් ලබා ගන්න මේ කාර් එකට ගත වෙන්නේ තත්පර 2.8 ක් පමණයි.

 

  • Bugatti Veyron Limited Edition (මිල – ඇ.ඩො. මිලියන 3.4)

 

බුගාටි සමාගම විසින් නිපදවන ලද ලොව වේගවත්ම මෝටර් රථ කිහිපය අතර පවතින මෙම රථය අශ්වබල 1200 එන්ජිමක් සහිත අනර්ඝ කාබන් ෆයිබර් නිමාවක් සහිත අති සුඛෝපභෝගී එකකි.

 

  • Ferrari Pininfarina Sergio (මිල – ඇ.ඩො. මිලියන 3)

 

මුලු ලොවටම මෝටර් රථ 6ක් පමණක් ඇති මෙම මෝටර් රථය ඉතාලියානු මාදිලියට නිපදවා ඇත. අශ්වබල 562 ක් ලීටර 4.5 V8  eඑන්ජිමක් සහිත මෙම කාරය බරින් ඉතාම අඩු එකක්.

 

  • Pegani Huayra (මිල- ඇ.ඩො. මිලියන 2.6)

 

බර අවම වන පරිදි කාබන් ෆයිබර් වලින් නිපදවා ඇති මෙම රථය රාත්තල් අඩි 789 ක ව්‍යාවර්ථය සහිත අති සුඛෝපභෝගී මෝටර් රථයකි.

 

  • Ferrari F60 America (මිල- ඇ.ඩො. මිලියන 2.5)

 

ඉතාලියානු ෆෙරාරි සමාගමේ ඇමරිකානු ආගමනයේ 60 වසරක් පසුවීම සලකා නිශ්පාදනය කළ මෙම රථය ලීටර 6.2 ධාරිතාව සහිත V12 එන්ජිමක් සහිත 740 ක බලයක් ඇති තත්පර 3.2 දී පැයට කිලෝමීටර 60ක් වේගයක් අත් කර ගත හැකි එකකි.

 

  • Bugatti Chiron (මිල-ඇ.ඩො. මිලියන 2.5)

 

ලීටර 8.0 ධාරිතාව සහිත W12 වර්ගයේ අති ප්‍රභල එන්ජිමක් සහිත මෙම රථය අශ්වබල 1500 බලයක් සහිත කලු මිශ්‍ර නිල් වර්ණයෙන් නිපදවයි. තව ද පැයට කිලෝමීටර 261 ක වේග සීමාවක් සහිතව රාත්තල් අඩි 1180 ක ව්‍යාවර්ථයක් දරයි.

 

  • Koenigsegg One;1 (මිල-ඇ.ඩො. මිලියන 2)

 

කිලෝමීටර 273ක වේග සීමාවක් සහිත වේග මාපකය සහිත මෙම රථය, කාබන් ෆයිබර් සැකිල්ලක් මෙන්ම විවෘත සෙරමික් (Ventilated Ceramic) බ්‍රේක් පද්ධතියක් සහිත ස්වීඩන් නිශ්පාදනයකි.

 

  • Koenigsegg Rigera (මිල-ඇ.ඩො. මිලියන 2)

 

ලීටර 5 ක V8 ද්විත්ව ටර්බෝ එන්ජිම සහිතකිලෝ වොට් පැය 4.5ක ක්ෂමතාව සහිත බැටරියක් ඇති මෙම රථය බරින් ඉතා අඩු එකක්. තත්පර 2.8 දී පැයට කිලෝමීටර 60ක වේගයක් අත්පත් කරගත හැකි මේ කාරය වේග මාපක සීමාව කිලෝමීටර 248ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *