ඔබ බුද්ධිමත් ද? මෙන්න බුද්ධිමත්බවේ ගති ලක්ෂණ

ඔබ බුද්ධිමත් ද? තමන්ගේ සගයොත් එක්ක වැඩ කරනකොට අනිත් අයට වඩා තමන් බුද්ධිමත් බව ඔබට හැගෙනවද? ශ්‍රේෂ්ඨ විද්‍යාඥයකු වුනු ඇල්බර්ට් අයින්ස්ටයින් පවා මොළයෙන් 0.25% පමණ සුළු කොටසක් පමණක් භාවිතා කල බවට මතයක් තියෙනවා. මැතකදී සිදුකල පර්යේෂණයකදී , යම් යම් පෞරුෂ ලක්ෂණවලින් හෙබි පුද්ගලයින් තම සගයින්ට වඩා බුද්ධිමත් බව තහවුරු වී තිබෙනවා.  අද අපි ඒ ලක්ෂණ මොනවද කියල බලමු. එතකොට තමන්ටම පුළුවන් බුද්ධිමත්බවේ ගති ලක්ෂණ තම තමන්ට තියෙනවද කියල බලාගන්න.

ඔබ වමත්කරුවෙක් නම්

ඔබ වමත්කරුවෙකු නම් , ඔබට විවිධ වර්ගයේ කතුරු අවශ්‍ය වේවි. බොහෝ පරිගණක ක්‍රියා කරවීමේදී මවුසය හැසිර විමට බාධා පැමිණේවි. ඒත් ඔබ ගණිතයට අති දක්ෂයකු වේවි. මෙම වසරේ කල පරීක්ෂණයක ප්‍රථිපලයක් වන්නේ මිනිසුන්ගේ අත්හුරුව හා ගණිතමය හැකියාව අතර ඇති අර්ථාන්විත සබදතාවය හෙළිදරව් කිරීමයි. නමුත් මෙම සහසම්බන්ධය වයස හා ලිංග භේදය මත වෙනස් වෙනවා.වයස අවුරුදු 6 හා 17 අතර ඉතාලි ශිෂ්‍යයින් 2300 පමණ යොදා ගනිමින්, ලිවර්පූල් විශ්වවිද්‍යාලයේ හා මැනිලා විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාඥයින් කිහිපදෙනෙක් පරීක්ෂණයක් සිදුකලා. ගණිතමය හැකියාවන් හා අත් හුරුව අතර ඇති සම්බන්ධය වටහා ගැනීම මෙහි අරමුණයි. එයින් ලද ප්‍රථිපලය සංකීර්ණ වුවත්, වමත් කරුවන් ගණිතයට දක්ෂ බව නම් තහවුරු වුනා.

ඔබ අපිළිවෙල අයෙක් නම්

ඵලදායිතාවය වැඩි වීමට නම් ඔබගේ කාර්යාලිය මේසය පිලිවලට තිබිය යුතුබව  කළමනාකරුවන් පවසාවි. නමුත්, අපිළිවෙලතාවය බුද්ධිමත්බවේ ලක්ෂණයක්. වර්ෂ 2012දි ග්‍රෝනින්ජන්  විශ්වවිද්‍යාලය මගින් සිදුකල පරීක්ෂණයකට අනුව, අපිළිවලතාවය පැහැදිලි චින්තනයක් කරා මිනිසුන්ව රැගෙන යනබව අනාවරණය වුණා..තමා අවට පරිසරය අවුල්ජාලාවක් වූ විට මිනිසුන් වඩාත් බුද්ධිමත් තීරණ කරා යොමුවන බවත්, අපිළිවල මේසයක් තුලින් සේවකයින් වඩාත් සරල තීරණ මගින් තම කාර්යයන් පහසු කරගන්න බවත් පර්යේෂකයින් සොයාගත්තා. දෘශ්‍යමාන හා මානසික වියවුල්බව මිනිසුන්ගේ චින්තන ශක්තිය ඉහල නංවනවා.ඇල්බර්ට් අයින්ස්ටයින්, රෝලන්ඩ් ඩාල් වැනි දාර්ශනිකයින්, ලේඛකයින් ඔවුන්ගේ අපිලිවෙලතාවය තුලින් ලොව ජයගත් පුද්ගලයින්.

අපිලිවලතාවය අනර්ථකාරීයැයි හැගුනත්, එය ගැටළු සදහා වඩාත් නිර්මාණාත්මක විසදුම් ලබාදීමට සේවකයින් යොමු කරනබව පර්යේෂකයින්ගේ මතයයි.

ඔබ අසභ්‍ය වදන් පවසයි නම්

නිතරම  අසභ්‍ය වදන් පවසන පුද්ගලයින්ගේ ශබ්ද මාලාව , සභ්‍ය වදන් දොඩන සගයින්ගේ ශබ්ද මාලාවට වඩා විශාල බව අනාවරණය වුයේ 2014දි කල පර්යේෂණයකින් පසුවයි. භාෂා විද්‍යා ජර්නලයට අනුව අසභ්‍ය වදන් පවසන්නේ නූගත් හෝ කම්මැලි පුද්ගලයින් පමණක් නොවේ.  ලෝකයේ අසම්මත යයි පිළිගත් වචන භාවිතයට බියනොවන්නන් , අන්අයට යමක් එත්තුගන්වන්න දක්ෂයින්.

මනෝවිද්‍යාඥන් දෙදෙනක් වන ක්‍රිස්ටීන් හා තිමෝතිට අනුව,කථන ව්‍යක්තබව හා අසභ්‍ය වදන් භාවිතය අතර ධනාත්මක සබැදියාවක් පවතිනවා.

මිනිසුන් අන්‍යයින් විනිශ්චය කිරීමට ඔවුන්ගේ වාග් ශෛලිය  යොදාගැනීමත්, අසභ්‍ය වදන් දොඩන්නන් නූගත් ,කම්මැලි හා තමන් පාලනය කරගැනිමට නොහැකි අයවලුන් ලෙස හංවඩු ගැසීමත්  වැරදිබවයි ඔවුන්ගේ අදහස. සියලු අධ්‍යයන්ගෙන් අනතුරුව ඔවුන්ගේ අවසන් නිගමනය වුයේ ,සමාජයේ සම්මත යැයි නොපිළිගන්නා  වදන් භාවිතා කරන පුද්ගලයින් කතාවෙහි නිපුණයින් බවයි.

ඔබ විනෝදකාමී නම්

අබේරයිස්ට්ව්‍ත් විශ්ව විද්‍යාලයේ  (University of Aberystwyth) මනෝ විද්‍යාඥයකු වන ආචාර්ය ග්‍රීන්ග්‍රොස්  පවසන පරිදි සාමාන්‍ය බුද්ධිය හා හාස්‍යය අතර පවතින්නේ බිදිය නොහැකි සම්බන්ධයක්. ආචාර්ය ග්‍රීන්ග්‍රොස්  අවධානය යොමුකොට ඇත්තේ හාස්‍යය හා මිනිසුන් හිනා ගැස්විමට සමත් කරුණු පිලිබදවයි. වර්ෂ 2010දි ආචාර්ය ග්‍රීන්ග්‍රොස් ,මෙක්සිකෝ විශ්වවිද්‍යාලයේ   සගයකු සමග කල අධ්‍යනයකදී හාස්‍යය ලිංගික ආකර්ෂණය ඉහල නංවන බවත්,එතුලින් නිර්මාණශිලිබව හා   අනිකුත් සංවේදනයන් වර්ධනය වනබවත් සොයාගෙන තියෙනවා. හාස්‍ය රසය හදුනන තැනැත්තා  සරදම් කලයුතු අවස්ථාව මනාව වටහාගෙන,නිසිපරිදි එය පැවසීමට බුද්ධිමත්වන බව ආචාර්ය ග්‍රීන්ග්‍රොස්  වැඩිදුරටත් පවසනවා.

ඔබ නිදිවරන්නෙක් නම්

වර්ෂ 2009දි ප්‍රකාශයට පත්වූ අධ්‍යයනයකට අනුව රාත්‍රී නිදිවරන්නන්  කලින්ම නින්දට පිවිසෙන පුද්ගලයින්ට වඩා බුද්ධිමත්. එම පරික්ෂයෙන් හෙළිවී ඇත්තේ පාන්දරින් අවදිවන්නන් ,රාත්‍රියේ නිදිවරන්නන් හා සසදන විට ඉක්මනින් විඩාවට පත්වන බවයි. පෙර සිදුකල පරීක්ෂණ සමගත් සැසදීමේදී රාත්‍රී නිදිවරන්නන් , අන් පුද්ගලයින්ට වඩා දක්ෂ හා පොහොසත් බවද අනාවරණය වෙනවා.

ඔබ නිතර දුක්වන්නෙක් නම්

පසුගිය වසරේ සිදුකල පරීක්ෂණයකට අනුව  , වැඩිවශයෙන් සිත්තැවුලෙන් සිටින පුද්ගලයින් වචන භාවිතයේ දී වඩාත්  බුද්ධිමත් බව අනාවරණය වුණා. නිතරම තනිවී සිත් තැවුලෙන් සිටින්නන්, අනාගතයේදී සිදුවියහැකි ඍණාත්මක සිදුවීම් පිලිබදව සිතන්නන් මෙන්ම අතීතයේ සිදුවූ අමිහිරි මතකයන් සමග සැරිසරන්නන් , වචන භාවිතා කිරීමේදී වඩාත් බුද්ධිමත් බවක් පෙන්වන බව ලොවට හෙළිකලේ ලේක්හෙඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඇලෙක්ස් පෙනී විසින්. එසේම , වර්තමාන සමාජීය තත්වයන් පිලිබදව කනස්සල්ලට පත්වන්නන් අවාචික බුද්ධියෙන් පහල මට්ටමක සිටින බවත් නොරහසක්. වැඩිවශයෙන් සිත්තැවුලෙන් සිටින පුද්ගලයින්, වාචික බුද්ධියෙන් ඉදිරියෙන් සිටියත්, අනිත් අංශවලදී ඔවුන් පසුබහිනවා. නිතරම අමිහිරි මතක සිහි කිරීම තුලින් ඔවුන්ගේ අනිකුත් හැකියාවන් වියැකි යනබවයි පර්යේෂකයින්ගේ අදහස.

ඔබ නිරහංකාර නම්

මෙය හැදින්වෙන්නේ ඩුනින් කෘගර් අනුඵලය (Dunning Kruger Effect) ලෙසයි. මෙයින් පැහැදිලි කරන්නේ , කාර්යක්ෂමතාවය අඩු පුද්ගලයින්ගේ  බුද්ධි මට්ටම, කාර්යක්ෂම බව වැඩි පුද්ගලයින්ගේ බුද්ධි මට්ටමට වඩා වැඩිබවයි. සමාජයෙන් කොන්වූ පුද්ගලයින් නිතරම තමන් පිළිබද අධි තක්සේරුවෙන් සිටින්නේ මෙම හේතුව නිසා බව පර්යේෂකයින්ගේ අදහසයි

ඔබ පුසන්ට ආදරේ නම්

බල්ලන් හා පුසන් අතර න් පවතින සදාකාලික ගැටුම , ඔවුන්  සුරතලයට ඇතිකරන පුද්ගලයින් අතරටද ආරෝපණය වෙලා. වර්ෂ 2014දි සිදුකල අධ්‍යනයක ප්‍රථිපලයක් ලෙස හෙළිවී ඇත්තේ , පුස්  අයිතිකරුවන්ගේ බුද්ධි මට්ටම, බලු අයිතිකරුවන්ගේ බුද්ධි මට්ටමට සාපේක්ෂව ඉහල බවයි. මෙම සත්ව දෙවර්ගය සුරතලයට ඇති කරන පුද්ගලයින්ගේ පෞරුෂ ලක්ෂණ එකිනෙකට වෙනස්. පුස් අයිතිකරුවන් වඩාත් සංවේදී හා  විවෘත  මනසකින් යුක්ත වන අතර බලු අයිතිකරුවන් වඩාත් උද්යෝගිමත් පුද්ගලයින් ලෙස හදුනාගන්න පුළුවන්.  මෙම අධ්‍යයනය කොට ඇත්තේ කැරොල් විශ්ව විද්‍යාලයේ , විස්කොන්සින්  විසින්.

ඔබ පවුලේ වැඩිමහල් සොයුරා නම්

වර්ෂ 2007දි සිදුකල පර්යේෂණයක ප්‍රථිපලයක්  පෙන්වාදෙන්නේ,වැඩිමහල් සොයුරු සොයුරියන්ගේ බුද්ධි මට්ටම පවුලේ බාල සොයුරු සොයුරියන්ට වඩා  වැඩි මට්ටමක පවතින බවයි. නොර්වේ  ඔස්ලෝ නගරයේ පිහිටි වෘත්තිය සෞඛ්‍ය ආයතනයේ මහාචාර්යවරයකු වූ පීටර් ක්‍රිස්ටෙන්සන්  තමයි මේ පරික්ෂණය කරලා තියෙන්නේ.

 

මුලාශ්‍ර : www.dailymail.co.uk/…/From-swearing-staying-late-10-surprising-personality-traits-hig.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *