අවසන් බලපොරෝතුව …

නිවන් සුව කියල කියන්න කලින්..අවසරයි මචං..ඒ ඩයිරිය තිබ්බෙ ඒ කතාව එක්ක උගේ කතාවා බොලාට කියල යන්න…

(නම ගනේමුල්ල ආරච්චිගේ තිවංක ප්‍රසාද්.වයස අවුරුදු 22 යි..අවුරුදු 23 වෙන්න තිබුනෙ ලබන මාසෙ 13 ට…පවුලෙ හිටියෙ අම්මයි තාත්තයි විතරයි.සේවය කරේ දකුනු කොරියාවෙ ක්‍යොන්ගි-දෝ,මාසොන් නගරයෙ තිබුනු යකඩ උනු කරන කර්මාන්ත ශාලාවක.)

“අද ගොඩාක් සීතල දවසක්..මට හිතෙන්න අද ෆෝන් එකේ සෙල්ශියස් අංශක -10° පෙන්නුවට ඊට වැඩියිද කොහෙද..අම්මා මතක් වුනා අද දවසෙම.වැඩ කරද්දි දෙපාරක් ම ප්ලේට් දෙකක් මිස් වෙලා සජන්නිම්(බොසා)ගෙන් බැනුනුත් ඇහුවා..මතක් උනේ අපේ ගෙදර වහින දවසට අම්ම උනුවෙන් උයල දෙන බතුයි..පොල් මැල්ලුමයි..සුදු නැන්ද අවුරුදු ගානකට කලින් රටින් ගෙනල්ල දුන්න පරණම බෙට් ශිට් එකයි..වෙලාවකට බයයි..හීනෙ පරක්කු වේවිද කියලා..අම්මට නොකියම පුදුම කෙරෙව්වම තමයි මට සතුටු..ලබන සතියෙ අඟහරුවාදට අම්මගෙ හැදුනුම් පත ආවම මං ජීවිතෙන් බාගයක්ම දින්න කියල හිතෙයි..රෑ 12.58 යි..මහන්සියි ගොඩාක්..
බුදු සරණයි.
අම්මටයි මටයි…”

හොදම ම යාලුව වෙච්චි මම තමයි තිවංකගෙ එකම එකා..මං දන්නව උගේ ගැන ඌටත් වඩා..
දන්නවද මචං තිවංක ඔය ඩයිරියෙ මැරෙන්න කලින් දවසෙ රෑ ලියල තිබ්බ අවාසාන පිටුව.ඔය පිටුවෙ ඌ පොඩි වචන ටිකක් නෙමේ ලියල තියෙන්නෙ වචන ඇතුලෙ උගේ ජීවිතෙන් බාගයක්ම ලියල තියනවා මං බොලාට එකින් එක කියනම් කෙටියෙන්ම..

ඌ මචං උබල වගේ ලංකාවෙදි(ගෙදරදි) පොල් සම්බලුයි බතුයි කෑවෙ නෑ බං.. සුදු හුනු කලවම් කරල හදපු බිත්ති එක්ක ටකරන් ගෙදරක තමයි ඌ හිටියෙ..ජිවිතේ කියල හයියට අම්මටයි තාත්තටයි දෙන්නටම හිටියෙ රත්තරං අනෝරා නැන්ද(තිවංකගෙ අම්මා) විතරයි.පවුලෙන් කොන් වෙලා හිටපු උන්ට සරනක් වෙලා කාලයක් හිටියෙ උන්ගෙ රට හිටපු සුදු නැන්ද විතරයි..එයත් ලංකාවට ආවට පස්සෙ ටිකක් වෙනස් වුනා..ජීවිතේ ජීවත් කරගන්න කොහොම හරි ගැට ගහගන්න තමයි..ලෝක ගේමක් දීලා කොරියන් ආවේ..
ඌට පොල් සම්බල කන්න තිබ්බෙ නෑ කිව්වෙ මචං..උන්ට තිබ්බෙ ගහෙන් වැටෙන පොල් ගෙඩි විකුනලා හාල් ගෙනල්ල..ඒ වැටෙන පොල් ගෙඩියක් එක්කම කට බඩ පුරවගන්න පරිසරයක්..මැල්ලුමට ඕන කහයි ලුනුයි ගෙදරින් වලං හෝදන තැන හැදිල තියන කොච්චි ගස් දහයයි තමයි උන්ගෙ කෑම වේලට හයියක් වෙලා තිබ්බෙ..බිමට කියල එලා ගන්න තිබ්බෙ රටින් හම්බුන සුදු නැන්දගෙ බෙට් ශීට් එක විතරයි .බොලාට වගේ වෙනම කාමරයක වෙනම ඇඳක් තිබුනෙ නෑ..ඌට හීනෙකට කියල තිබ්බෙ අපිට වගේ කාර් එකක් ගෙයක් හදන එකක් නෙමෙයි..ගන්න පඩියකින් ඉස්සෙල්ලම ණය ටික ගෙවල අම්මව දඹදිව යවන්න..ණය ටික ගෙව්වෙ ගිය මාසෙ පඩියෙන්..මේ මාසෙ පඩියට තව දවස් 16 යි..හිර වෙලා තිබ්බෙ අම්මගෙ හැදුනුපත ජේ.වී.පී කලබල කාලෙ නැතිවෙලා..ඒක හදාගෙන තැපෑලෙන් එන්නෙ මේ එන සතියෙ අඟහරුවාදා..ඊට පස්සෙ ඉතිං මේ මාසෙ ඇතුලත අම්ම දඹදිව යවනවා..ඌ ජීවිතේ හීනෙ ඇත්තක් කරගන්නවා…

ඒ තමයි ඌ හිතන් හිටිය හැටි..ඒත් ඌ පෙරේදා උදේ 9.30 ට යකඩ මැශින් එකකට ඇදිල ගිහිං..ඔලුව කුඩුවෙලා අපි අතරින් සමුගත්තා..

අම්මෙක්ට ආදරය තාත්තෙක්ට ආදරය කරන මේ වගේ පුත්තු ගොඩාක් රට රටවල් වල ඉදන් මේ වගේ අහිංසක හීන ගොඩාක් දකිනවා..ඒ හීන වලට මේ කවිය උපහාරයක් ම වේවා..

…………………………………………………..

මටත් ඉස්සර මගේ හීනෙට දුවල දුවල ම හති නිසා
ඊයෙ හීනෙත් අම්ම දැක්කෙ ම අඩනවා ඉකි ගස ගසා
හදේ රිදුමක් සුසුම එක්ක ම තවරලා කදුලින්
වසා
යන්න තප්පරයකට කලියෙන් ආදරෙයි මං පොඩි ජොසා

ණයට පොත් වල ලියූ තැනවල අම්මගෙ හදවත බුරා
බැනුම් කෝටිය දවස තිස්සෙම මුදලාලි, ජොසියල,සරා
ගිය මාසේ ඉදලත් ගෙනාවලු සල්ලි දීලම
අනෝරා
ඉතුරු සල්ලිත් තියෙයි යහමින් පුතේ ලියුමක් එන තුරා

හීනයක් තිබුනනම් ඒ මට අම්ම දඹදිව එක්ක යන එක
මතයක් තිබුනනම් හරියට ගෙවපු ජීවෙතෙ
අම්මගේ දුක
දිනුවනම් මම ජීවිතෙන් හෙට අම්ම රැජිනයි
මාලිගාවක
හේතු නම් මඟ මටත් ඉස්සර මගේ ජීවිතේ සමුගත්ත එක

ජීවිතේ කෙටි මංසලක් බං අපි හිතුවටත් වඩා දුරකට
මටත් දුක බං අම්ම එක්කන් මැරෙන්නට පෙර නොගිය හීනෙට
දෙයක් හිතුනොත් හොද ම අදනම් කරගනින් නොසිතාම දෙලොවට
මචං ඉක්මං වෙයං හනිකට අම්ම අප්පට සලගන්නට

 

(කාලෙකින් ලිව්වා මචං නම් ගම් දාලා වෙනස් කතාවක්..හොද නරක කොටාගෙන යමං..තව එකෙක්ට බලන්න shear කරගෙන ම)

(මන් ලියපු එකක් නෙමෙයි……..ඒත් කොරියාවේ ඇවිල්ලා මැශින් එකක් එක්ක ජීවිතේ හොශම වයස දිය කරන අපි වගේ උන්ගේ හැම කතවක්ම මේ ක්තවට ගොඩක් සමනයි……..මාසෙකට ලක්ශ 2,3ක් ගත්තට ඒ හොයන සල්ලි ඇතුලේ දුක වේදනාව ගොඩක් පිරිලා තියෙනවා…….ඉරිසියා කරන්න එපා බන්……ජීවිතේ හද ගන්න අපි මර කට්ටක් කන්නේ…………)

 උපුටා ගැනීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *