අපිත් කෙසෙල් වවමුද? I කොටස

දැනට ලෝකයේ වගා කරන වඩාත්ම බෝග හතර අතර  කෙසෙල් අඩංගු වෙනවා. අග්නිදිග ආසියාවෙන් උපත ලද බව සැලකෙන මෙම බෝගයේ උද්භිද විද්‍යාත්මක නාමය මුසා ( musa)  යන්නයි. ජනප්‍රිය පළතුරක් මෙන්ම එළවළුවක් ද වෙන කෙසෙල් ලෝකයේ වගා කරන පලතුරු අතරින් දෙවැනි වන්නේ දොඩම්වලට පමණයි. ශ්‍රී ලංකාවේ ද විශාල භූමි ප්‍රමාණයක කෙසෙල් බෝගය වගාකර තිබෙනවා. බොහෝ විට කෙසෙල් වගා කරන්නේ, මොටෙයියන් රෝපණය කිරීමෙන්. නමුත් කෘෂිකර්මාන්තයේ ඇතිවන වේගවත් තාක්ෂණික දියුණුවත් සමගම කෙසෙල් වගාවට පටක රෝපණ තාක්ෂණය පවා යොදාගන්නවා.

 

කෙසෙල් යනු උෂ්ණ කලාපයේ සාර්ථකව වර්ධනය වෙන බෝගයක්.  සෙල්සියස් අංශක 15ත් 35ත් අතර උෂ්ණත්ව පරාසයක්, 75%- 85% අතර සාපේක්ෂ ආර්ද්‍රතාවයක් මෙන්ම මුහුදු මට්ටමේ සිට මිටර්  200 පමණ උසක්  පැවතීම මෙම බෝගයේ වර්ධනයට උපකාරි වෙනවා. විවිධ දේශගුණික පරාසයන්ට සුදුසු පරිදි කෙසෙල් ප්‍රභේද තෝරාගැනීම මගින් සාර්ථක ඵලදාවක් ලබාගන්න පුළුවන්.

වියලි හා අතරමැදි කලාපයේ

සිනි කෙසෙල්,/ඇම්බුන්/ආනමලු,/කෝලිකුට්ටු/ඇඹුල් කෙසෙල්,/රතඹලා වැනි පලතුරු ප්‍රභේදත්,

පුලතිසි/ ප්‍රසාද්/මොන්දන්/මැටිකිතල  වැනි පිසීමට ගන්නා  කෙසෙල් ප්‍රභේදත් වැවීම වඩා යෝග්‍ය වෙනවා.

එමෙන්ම, තෙත් කලාපය සදහා,

පුවාලු/බින්  කෙසෙල්  හා සමහර ඇඹුල් කෙසෙල්  වැනි පලතුරු වර්ගත්,

ප්‍රසාද්/මොන්දන්/මැටිකිතල / ඇටමුරු  වැනි එළවලු කෙසෙල් ප්‍රභේදත්

නිර්දේශ කර තිබෙනවා.

 

කෙසෙල් වගාවට සුදුසු පස

 මනා ජලපවහනයක් සහිත, තෙතමනය රැදුණු,. PH අගය 6-7.5 අතර ඇති සාරවත් පසක් කෙසෙල් වගාවට සුදුසුය. මනාව වතුර බැස නොයන ,වායු හුවමාරුව ක්‍රමානුකුලව නොවන , අසාරවත්  පසක වගා කිරීම නුසුදුසුය.ලුණු හෝ හුණු මිශ්‍ර පසද  කෙසෙල් වගාවට නුසුදුසුය. වඩාත් ආම්ලික හෝ භාෂ්මික නොවන, කාබනික පොහොරින් යුක්තව අධිකව  නයිට්‍රජන් අඩංගු  ,ප්‍රමාණවත්  ප්‍රොස්පරස් සංඝටක හා  පොටෑෂ් සංඝටක සහිත පසක් කෙසෙල් වගාවට වඩාත් යෝග්‍ය වේ.

 

භූමිය සැකසීම

 කෙසෙල් වැවීමට යෝජිත බිම කිහිපවරක්ම හාමින් පස් පිඩලි තුනිවී  වනතුරු මට්ටම්  කලයුතුය. කාබනික පොහොර, ගව මුත්‍ර  එක් කර  ගනිමින් පසට අවශ්‍ය පෝෂණය ලබාදිය යුතුය.

කෙසෙල් වගාවට සාමාන්‍යයෙන් යොදාගන්නේ සෙන්ටිමිටර 45 X 45 X 45 ප්‍රමාණයේ වලවල්ය. වලවල් කපා ගැනිමෙන් අනතුරුව සාරවත් පස් මගින් නැවතත් එම වලවල් පිරවිය යුතුය. සදාගත් වලවල් සුර්යලෝකයට නිරාවරණය කලයුතුය. විනාශකාරී කෘමින් විනාශ කිරීමටත්, පාංශු රෝග මර්ධනයටත්, වායු හුවමාරුව වේගවත් කිරීමටත් සුර්යාලෝකය උපකාරී වෙ. PH අගය 8ට වැඩි භාෂ්මික පාංශු බිම් සදහා, නැවත පුරවන පසට  ගැලපෙන ලෙස කාබනික ද්‍රව්‍ය යොදාගැනීමෙන් සාරවත් පසක් නිර්මාණය කරගැනීමට හැකියාව ඇත. කාබනික ද්‍රව්‍ය යොදාගැනීමෙන් පසේ ලවණතාවය අඩුකොට, වාතනයත්, සජිද්‍රතවයත් ඉහල නැංවීමට හැකියාව ඇත. වලවල් භාවිතයට අමතරව එක පෙලට කෙසෙල් වගා කිරීමද දක්නට ලැබේ. ඉඩකඩ ප්‍රමාණය , පැල ප්‍රමාණය අනුව වගා කිරිඉමට වඩාත් සුදුසු ක්‍රමය තීරණය කල හැක .

 

කෙසෙල් වගාවට රෝපණ ද්‍රව්‍ය සපයා ගැනීම

 කෙසෙල් වගාවේ රෝපණ ද්‍රව්‍ය ලෙස බොහෝ ගොවිමහතුන් මොටෙයියන් යොදාගනි. අංකුර මගින් පැල නිපදවීම මෙන්ම  පටක රෝපණ තාක්ෂණය භාවිතයෙන් කුඩා කෙසෙල් පැල වගා කරන ගොවිමහතුන් ද වර්තමානයේදී ශ්‍රී ලංකාවේ  දක්නට ලැබේ.

ස්භාවිකව පදුරකින් පැල ගලවා ගැනීම

සාමාන්‍යයෙන් කෙසෙල් පදුරක මවු ශාකය සමග පැල 2-3ක් තබා ගැනීමට නිර්දේශ කෙරේ. මිට අමතරව රෝපණ ද්‍රව්‍ය ලෙස පදුරක පැල වැඩි ප්‍රමාණයක් වර්ධනය වීමට ඉඩ සැලැස්විය හැකිය. කෙසෙල් පදුරක හටගන්නා මොටෙයියන් ප්‍රධාන ලෙසම කඩුපත් මොටෙයියන්, කන්‍යා මොටෙයියන් හා දියපත් මොටෙයියන් ලෙස තුන් ආකාර වේ.වේගයෙන් වර්ධනය වන ග්‍රෑම් 450-700 ත් අතර බරැති, ගෝලාකාර හෝ කෙතුවාකාර හැඩති හොදින් වර්ධනය වූ රයිසොමයන් ඇති කඩුපත් මොටෙයියන් බොහෝවිට රෝපණ  ද්‍රව්‍ය ලෙස භාවිත වේ.

මෙම මොටෙයියන් රෝගකාරක බිජයන්ගෙන් හෝ නෙමටෝඩාවන්ගෙන් හානිවී තිබීමට පුළුවන.මොටෙයියන්ගේ වයස හා ප්‍රමාණය අනුව කෙසෙල් ගස් විවිධාකාර ලෙස වර්ධනය විය හැකිය. සමරුපි වගාවක් නොවන නිසා වගාව කාලයක් පුරාවට සිදුකරගෙන යාමේදී විවිධ දුෂ්කරතා ඇතිවේ. පටක රෝපණ තාක්ෂණය භාවිතයෙන් එම දුෂ්කරතා මගහරවා ගනිමින් සමරුපි,රෝගවලින් තොර, ඵලදායි කෙසෙල් වගාවක සාඩම්බර හිමිකාරයෙක් වීමට ඔබටද හැකියාව ඇත.

 

පටක රෝපණ තාක්ෂණය භාවිතයෙන් රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීමේ වාසි

  • මව් ශාකයට අතිශයින්ම සමාන වීම.
  • පලිබෝධයින්ගෙන් හා රෝගවලින් තොරවීම.
  • සමරුපි වගාවක් තුලින් ඵලදාව ඉහල නංවාගත හැකිවීම.
  • භූමියෙන් උපරිම ප්‍රයෝජන ගත හැකිවිම.
  • විසමාකර අස්වන්නකින් තොරවීම
  • වගාවේ 95%-98% අතර ගස්වල ඵල හටගැනීම.

 

අංකුර කැබලිවලින් පැල නිපදවීම

 නිරෝගී කෙසෙල් පදුරකින් (පිදීමට පෙර) මාස 9ක් පමණ වයසැතී ගසක අලය ගලවන්න. අලය බොරු  කදින් වෙන්කර , මේරු අංකුර රැකෙන සේ ,මුල් හා හානි කොටස් වෙන්කර ගන්න.  සැම අලයක්ම ග්‍රෑම්750ක් පමණ බර විය යුතුය. පසුව අමුගොම හා අළු උකු දියරක් ලෙස සකසා එයට ගැලුමට කබෝෆියුරන් ග්‍රෑම් 10ක් හා කැප්ටන් ග්‍රෑම් 10ක් පමණ එක් කර කපාගත් අල කැබලි එහි මිනිත්තු 10ක් පමණ ගිල්වා තබන්න. පසුව තවාන් කරන්න.

 

තවාන් කිරීම ඇතුළු ඉදිරි තොරතුරු මීලග කොටසින්………………

 

 

අන්තර්ජාලය ඇසුරිනි.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *